IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කලිසමක් මිලදී ගන්න ඇවිත් දෙකක් නොමිලේ ඇඳගෙන යන්න හදලා

දූනගහ රෙදි වෙළෙඳසලකට මැසූ කලිසමක් මිල දී ගැනීමට පැමිණි අයකු වෙළෙඳසලේ තරුණියට හොරා කලිසම් දෙකක් යටට ඇඳ වෙළෙඳසලෙන් පිටවී යාමට උත්සාහ කරද්දී අල්ලා පොලිසියට බාරදී ඇත. සිද්ධිය සැකෙවින් මෙසේය. දූනගහ නගරයේ තරුණියක පවත්වාගෙන යන රෙදි වෙළෙඳසලකට කලිසමක් මිලදී ගැනීමට තරුණයෙක් පැමිණියේය. ඔහු කලිසම් තෝර තෝරා බලද්දී තරුණිය ද වෙනත් වැඩවල නියැළුණාය. තරුණයා හිස් අතින් පැමිණි අයකු නිසා ඇය වැඩිපුර ඔහු දෙස නොබැලීය. ඔහු වෙළෙඳසලේ ඇතුළත කාමරයේ ද රෙදි පිරික්සා බලා ගැළපෙන කලිසම් නැත කියමින් පිටවන දොරටුව අසලට පැමිණියේය. ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු  දැක තරුණිය අසල පිහිටි වෙළෙඳසල් හිමිකරුවනට මේ බව දැන්වූවාය. ඔවුහු තරුණයා අල්ලා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි කලිසමට යටින් අලූත් කලිසම් දෙකක් ඇද සිටි අයුරු දැක ගත්හ. ඔවුහු කලිසම් හොරා අල්ලා පොලිසියට බාර කළහ.



අදහස් (0)

කලිසමක් මිලදී ගන්න ඇවිත් දෙකක් නොමිලේ ඇඳගෙන යන්න හදලා

උදාරි Wednesday, 20 June 2012 01:22 PM

ප්‍රස්ද්ද අයත් මේ වගේ හොරකම් කරල ඔය යස අගේට ඉන්නේ...අනේ ඉතින් මේ අහිංසකයා කරහම මොකද .??

:       0       0

රජිත් Wednesday, 20 June 2012 01:24 PM

මලේ,ඔය වගේ දෙකයි පනහේ හොරකම් වලට දෙන්න ඕනි හත්මුතු පරම්පරාවටම ගොඩ යන්න ගේමක්

:       0       0

කලිසම් හොරා Wednesday, 20 June 2012 01:25 PM

කලිසම් දෙකක් ඇන්දේ ලැජ්ජ බය වැඩි කමටනේ ...

:       0       0

ධම්මික Wednesday, 20 June 2012 09:52 PM

ලැජ්ජ නැද්ද ඇදුම් හොරකම් කරන්න ෂී............

:       0       0

මරුසි Sunday, 24 June 2012 07:08 PM

මම උස්සලා තියෙන දේවල් වල හැටියට මේක මොකක්ද?

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 20 June 2012 01:13 PM

හොරකමේ උනත් ප්‍රමානයක් තියෙනවා ..

:       0       0

Wednesday, 20 June 2012 02:09 PM

තරුණයගේ විතරද ගලවගෙන තියෙන්නේ ?

:       0       0

ගාලු කොලුවා Wednesday, 20 June 2012 02:54 PM

ඔක්කොම ගලව ගත්තනම් හරි.....

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 20 June 2012 02:20 PM

මීට කලිනුත් මේ වගේ වැඩ කරන්න ඇති නේද ?ඔහොම ගිහින් තමයි ලොකු ලොකු හොරකම් කරන්නේ...

:       0       0

ගඩයා Wednesday, 20 June 2012 03:32 PM

කිතුලට ගිය මිනිහා වගේ මොනවා හරි කියල කලිසමත් ගලවල දීල ආවනම් හරි....

:       0       0

දොම්පේ මල්ලී Wednesday, 20 June 2012 04:38 PM

මාත් ගෙදරදි කලිසම් තුනක් අදින්න ට්‍රයි කරා අනේ ඒත් බෑනේ.....

:       0       0

Friday, 22 June 2012 10:15 PM

"ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු දැක තරුණිය අසල පිහිටි වෙළෙඳසල් හිමිකරුවනට මේ බව දැන්වූවාය...." මේ තරුණිය කොල්ලාගේ ඉන දෙස බැලුවේ ඇයි ???? නමුත් එසේ වීමට වෙනත් හේතුද තිබිය හැක.......

:       0       0

Friday, 22 June 2012 10:16 PM

"ඒ වන විට ඔහුගේ ඉන ප‍්‍රදේශය මහත්ව තිබෙනු දැක...... " දැක්කද මෙයාල බලන තැන් ...චීයා.....

:       0       0

කරනේලිස් Saturday, 23 June 2012 07:22 PM

ඉන මහත්වෙලා තියෙන්නෙ කලිසම් දෙක නිසා...

:       0       0

කරනේරිස් ගොයියා Friday, 22 June 2012 01:31 PM

පේන රෙද්දකින්ලු කලිසන් මහලා තිබුණේ. අනික් අයට නොපෙනෙන්නයිලු එහෙම ඇදලා තියෙන්නේ. ඒත් 1/3 දැක්කම මිනිස්සු භය වෙලා ගියාලු

:       0       0

කැලුම් Saturday, 23 June 2012 06:43 PM

කලිසම් දෙකක් හොරකම් කරලා.. ඒකියන්නේ කලිසම් තුනක් ඇදගෙන මේ මනුස්සයා.. හැකියාව..

:       0       0

ලාල් පෙරේරා Wednesday, 20 June 2012 10:44 AM

තව පොඩ්ඩෙන් කලිසම ගලවල එවන්නේ..

:       0       0

ප්‍රිමාල් Wednesday, 20 June 2012 10:59 AM

කලිසම් දෙක විතරද ගලව ගත්තේ හොඳට බලන්න....

:       0       0

ශාන්තලාල් Saturday, 23 June 2012 03:17 AM

කෑව නේද පිරිමි ජාතියම.. කකුල් දෙකයි කලිසම් තුනයි...!!

:       0       0

සාලිය Saturday, 23 June 2012 02:38 AM

පිරිමි ජාතියටම නිගාව්ක්....

:       0       0

කලිසම් හොරා Wednesday, 20 June 2012 11:12 AM

අනේ මහත්වරුනේ මට උනු අසාදාරන වැඩක්. මම කලිසම හොරකම් කලේ වෙන කඩේකින්.

:       0       0

සුජීව Wednesday, 20 June 2012 11:27 AM

අනේ මහත්තයා මීට පස්සේ ඔය කඩේට යන්න එපා...

:       0       0

ප්‍රියදර්ශනී Wednesday, 20 June 2012 11:52 AM

කලිසමක් ඇදන්ද දන්නෑ මේ වගේ වැඩ කරන්නේ.....

:       0       0

කිරිසප්පයා Wednesday, 20 June 2012 11:53 AM

ඇයි කතාව මෙතනින් ඉවර කලේ ඉතුරු ටිකත් ලියන්නකෝ .................

:       0       0

අමරෙ Wednesday, 20 June 2012 12:06 PM

ඕකට තමයි කියන්නේ කලිසන් හොරා ඉනෙන් පෙනේ කියලා

:       0       0

විරාජ් Saturday, 23 June 2012 09:24 PM

creative හොරෙක් නිර්මනශීලේත්වය ඇගයිමට ලක් කල යුතුය

:       0       0

මංඡුල බිරුට් Wednesday, 20 June 2012 11:51 AM

පුහුල් හොරා කරෙන් දැනේ. කලිසන් හොරා ඉනෙන් දැනේ......

:       0       0

මදූ Wednesday, 20 June 2012 12:33 PM

කවුරු උනත් නැති බැරි කමට වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උප්පැන්න වෙනුවට හඳහන ඉල්ලලා
2025 අප්‍රේල් මස 25 465 0

උප්පැන්න සහතිකය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් හිස් ප්‍රතිඵල ලේඛනය රැගෙන ග්‍රාම නිලධාරි හමු වූ පුද්ගලයකුට පෙළපත් නාමය දැන ගැනීම සඳහා හ


ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 721 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 828 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 599 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 676 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 707 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 874 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site