(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
මාසයකට රුපියල් හයදහස බැගින් මාස හයක් සඳහා කුලියට ලබාදී තිබූ නිවසක් නැවත ලබාගැනීමේ දී නිවසේ හිමිකාරිය විසින් කුලීකරුට රුපියල් පනස් දහසක මුදලක් ගෙවා වසරක ගෙවල් කුලිය ද අහිමි කරගත් කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
පදිංචි ඉඩමේ ඉදිකරන ලද කුඩා නිවසක් බදු පදනම මත ලබාදී අමතර ආදායමක් ලබාගන්නා කාන්තාවක් සිටින අතර ඇය හැඩිදැඩි සිරුරකින් යුක්ත වූවාය. සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතවන අතර ඔවුනට දරුමල්ලන් කිහිපදෙනෙක්ද සිටිති. සිත්ගන්නාසුළු පෙනුමකින් යුත් කාන්තාව ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව සිටියේ ඇයගේ මුඛරි බව නිසාය.
දිනක් තරුණයකු පැමිණ නිවස කුලියට ඉල්ලා සිටි අතර වෙනදා රුපියල් පන්දහසට ලබාදුන් නිවසට ඇය රුපියල් හය දහසක් කීවාය. නිවස පරික්ෂා කළ තරුණයා කාන්තාව සඳහන් කළ මුදලට එකඟවී දින කිහිපයකින් පැමිණෙන බව පවසා පිටව ගියේය. කාන්තාව නිවස පිරිසිදු කොට තිබූ සුළු අඩුපාඩුද නිවැරදි කළාය.
තරුණයා එකඟවූ පරිදිම දින කිහිපයකින් නිවසේ පදිංචියට පැමිණි අතර පළමු මාසය නිමවීමට පෙර නිවසේ කුලිය ලෙස මාස හයක් සඳහා රුපියල් තිස් හය දහසක් ගෙවා දැමීමට ඔහු කටයුතු කළේය. කාලය ගතව යද්දී තරුණයා සමග අනිසි ඇසුරක් පටන්ගත් කාන්තාව ඇයගේ පෞද්ගලික තොරතුරු පවා සඳහන් කළාය.
නිවස කුලියට ලබාදී වසර එක හමාරක් ගතවී තිබූ නිසා සැමියා ගෙවල් කුලී පිළිබඳව කාන්තාවගෙන් විමසීමක් සිදුකළ අතර තරුණයාට ද ඇය ඒ බව සැලකර සිටියාය. ගෙවල් කුලී නොගෙවන්නේ නම් නිවසින් පිටව යන ලෙස තරුණයාට පැවසුවද ඔහු එයට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කාන්තාව නීතියේ පිහිට පැතුවාය.
නිවසින් ඉවත්වීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් තරුණයා ඉල්ලා සිටීම නිසා ගැටලුව විසඳීමට මැදිහත්වූ නිලධාරීහු ද අසරණ වූහ. තරුණයා සමග පවත්වන ලද සම්බන්ධය සැමියාට හෙළිවෙතැයි බිය වූ කාන්තාව තරුණයාට රුපියල් පනස් දහසක් ලබාදුන් අතර තරුණයාද එකඟ වූ පරිදි නිවසින් පිටව ගියේය.
තරුණයා සමග සමීප සම්බන්ධතා පවත්වන කාලයේදී නිවස නීත්‍යානුකූලව තමන්ට අයිති නොමැති බව කාන්තාව තරුණයාට පවසා ඇත. එම නිසා ඔහු ගෙවල් කුලී ගෙවීම පැහැර හැරීම සිදුකළ බව තරුණයා අසල්වාසින්ට පවසා පිටව ගොස් ඇති අතර නිවස කුලියට දීම නිසා කාන්තාවට රුපියල් එක්ලක්ෂ විසි දෙදහසක පාඩුවක් සිදුව ඇති කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුලී නිෙවසේ ප්‍රේමයෙන් හිමිකාරිය අමාරුවේ