(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
වෙළෙඳසල් සේවකයා උදෑසන දියනෑමෙන් ඇතිවන හිසේ බරගතිය පහකර ගැනීමට වෙළෙඳසළ තුළදී විශාල ශබ්දයකින් පිටකරන ලද කිවිසුම් හඬ කොරෝනා රෝගියකුගේ යැයි වරදවා වටහා ගත් පාරිභෝගිකයන් ව්‍යාපාරික ස්ථානයෙන් භාණ්ඩ මිලට නොගෙන කඩිනමින් පිටව යෑමෙන් සිදුවූ පාඩුවෙන් ව්‍යාපාරිකයාට යකා නැගීමේ පුවතක් වැලිමඩ නගරයෙන් අසන්නට ලැබේ.
දැනගන්නට ඇති අන්දමට වැලිමඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කරන සේවකයා දිගුකලක සිට අලුයමින් දියනාගෙන සේවයට පැමිණීමට හුරුපුරුදුව සිටින්නෙකි. එනිසාම ඔහුට හිසේ බරගතිය ඇතිවේ. එම අවස්ථාවේදී හිසේ බරගතිය පහකර ගැනීමට විශාල ශබ්දයක් පිටකරමින් කිවිසුම් කිහිපයක් පිටකිරීමට ඔහු පුරුදුව සිටියේය. එසේ හිස ගැස්සෙන අන්දමට කිවිසුම් පිට කිරීමෙන් මනා සුවයක් අත්වෙන බව ඔහු කියා සිටින්නේ උජාරුවෙනි.
මේ දිනවල පවතින කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය ආරක්ෂිතව මුව ආවරණ සහිතව සේවය කළත් කිවිසුම් යෑමට පෙර නිමිති දැනෙන විට ඔහු කඩිනමින් ඉහළ මාලයට ගොස් කිසිවකුටත් නෑසෙන ලෙසින් කිවිසුම් යැවීමට පුරුදුව සිටියේය.
එහෙත් මෙදින පෙරසේ කිවිසුම පිටවන්නට ආසන්න වෙද්දී ඔහුට ආරක්ෂිත ස්ථානයට යැමට ප්‍රමාද වී ඇත. අතර මගදීම ශබ්දනඟා කිවිසුම් කිහිපයක් යවා හිසේ බරගතියෙන් මිදුණ ඔහු සැනසිලි සිතකින් නැවත සේවය කරන ස්ථානයට එන විට පාරිභෝගිකයන් භාණ්ඩ ගැනීම පසෙකලා පිටව ගොස් ඇති බව දැක ඇත.
භාණ්ඩ නොගෙන පාරිභෝගිකයන් පිටව යෑමෙන් කෝපව සිටි ව්‍යාපාරිකයා ඔය කිවිසුම් මගුලෙන් බිස්නස් අඩුකාලේ රුපියල් දහස් ගණනක පාඩුවක් වුණා. ඒ හින්දා ඉක්මනට ඔය කිවිසුම් කෙහෙල්මල සනීපකරගන්න යැයි ව්‍යාපාරිකයා සේවකයාට පවසා ඇතැයි පැවසේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිවිසුමක් ඇරලා කඩේම හිස්වෙලා