කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
කිව්.ආර්. කේතයට ලබාගත් තෙල් රෝන්දේ ගසන්නට මදිවී තමාට උගන්වන ගුරුවරියගේ යතුරු පැදියෙන් ඇද්ද ගෝලයන් දෙදෙනකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
නගරයේ ප්‍රසිද්ධ පාසලකි. අදට වඩා මේ පාසල නමක් ගෙන තිබුණේ එදාය. පාසලට ඒමට ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටුවක් තිබුණේය. ඒ විදුහල පිටිපසිනි. ඒ පැත්ත නිතර පාසල් සිසුන් හා ගුරුවරුන් ගැවසෙන පැත්තක් නොවන නිසා පාළු බවක් ඉසිලීය.
ඇතැම් ගුරුවරුන් මේ පැත්තෙන් සිය යතුරු පැදි ගාල් කරනුයේ ඒ ආසන්නයේ පන්ති කාමරවලට ඉගැන්වීම් කරන නිසාය. ඒ තමන්ගේ පහසුව මෙන්ම සිය යතුරු පැදි සෙවණේ තැබීමට ඇති හැකියාව ගැන සිතාය.
මේ අතර පාසලට යාබද නිවෙසක උදේ මිදුල අමදින කාන්තාවක් විදුහල්පතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය. ඒ අනුව විදුහල්පතිවරයා තවත් ගුරුවරුන් පිරිසක් සමග කාන්තාව දුන් තොරතුර අනුව එම ස්ථානයට ගිය විට දුටු දෙයින් බිරාන්තව ගල් ගැසුනාහ. ඒ සිය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් ගුරුවරියක එන යතුරු පැදියෙන් තෙල් අදිනු දැකීම නිසාය.
බඩුත් එක්ක පාසල් හොරු දෙන්නා මාට්ටුවිය. අනේ සර් කිව්.ආර්. කේතයෙන් ලබා දුන්නු තෙල් ඉවරයි. ඒකයි මේකෙන් ටිකක් ඇද්දේ යයි කියද්දී වේවැල් පාර පිට හරහා සිසුන්ට වැදුණේ ඇඟ හිරිවට්ටාගෙන යමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිව්.ආර් ඉවරවුණාම ටීචර්ගේ යතුරුපැදියෙන් තෙල් ඇදලා