කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කිව්.ආර්. කේතයෙන් යතුරුපැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරෙස්සම් කරන්නට ගොස් අසීමිතව තිබූ නෑ සහෝදරකම පලුදු වූ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.
මේ කාන්තාව සියලුම කාර්යයන් කර ගත්තේ යතුරුපැදියෙනි. කිව්.ආර්. කේතයට සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මදිවේ යයි සිතූ ඇය එය පරෙස්සම් කරන්නට උපරිම මහන්සියක් ගත්තාය. ඒ නිසාම සිය යතුරුපැදියේ ඉන්ධන සොරකම් කරාවි යන්න පිළිබඳව ඇය හොඳ සෝදිසියෙන් සිටියාය.
නගරයට යන්නේ අවශ්‍යතාවයකටය. මාර්ගයේ යතුරුපැදිය නොදා ගිය ඇය කිට්ටු නෑයකුගේ නිවෙසේ එය දමා යාමට සිතා ගත්තාය. ඒ අනුව ඇය එහි නිවෙසට යතුරුපැදිය ගෙන ගියාය. එහි සිටියේ නිවැසි පුතාය. ‘‘ආ ආන්ටි මොකද මේ තකහනියක්ම’’ ඔහු ඇසුවේය. ‘‘මම මේ බයිසිකලේ දාල යන්න බැලුවේ කිව්.ආර්. එකට ගත්ත තෙල් ටික හොරකම් කළොත් ඉතිං සතියක්ම හබක්නේ පුතා’’ යයි ඇය කීවිට ‘‘ඒකත් ඇත්තනේ’’ යයි නිවැසි පුතා කීවේය.
‘‘ආන්ටි බයිසිකලය මිදුලේ දාන්න එපා ගේ පස්සා පැත්තෙම දාමු’’ යයි කී පුතා ඒ සඳහා ඇයට උදව් කළේය. ඒ ආසන්නයේම වෙළෙඳ සලකට ගිය ඇයට හදිසි අවශ්‍යතාවයකට දුරකතන ඇමතුමක් ගන්න සොයා බලනවිට සිය ජංගම දුරකතනය යතුරුපැදියේ කැබිනයේ බව සිහියට ආවාය. යතුරුපැදිය ආසන්නයේම තිබූ බැවින් ජංගම දුරකතනය රැගෙන ඒමට ගිය ඇයට නිවැසි නෑදෑ පුතා සිය යතුරුපැදියෙන් තෙල් අදිනවා දුටුවිට දෙවියන් සිහිවූවාය.
‘‘මොකද පුතා ඔය කරන්නේ’’ යයි කෑගසමින් ගිය ඇයට ඔහු කීවේ ‘‘අනේ ආන්ටි මගේ බසිසිකලේ තෙල් නැතිව නැවැතිලා, තෙල් ඇබින්දක් ගන්නයි මේ හැදුවේ’’ යයි ලෙසය. ඒ වන විටත් ඔහු තෙල් බෝතල් භාගයක් ඇද තිබෙනු දක්නට ලැබූ ඇය, යතුරුපැදිය එතැනින් රැගෙන ‘‘ආයේ ඉතිං අපේ නෑකම් අදින් ඉවරයි’’ කියමින් පුපුර පුපුරා ගියේලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිව්.ආර්. තෙල්‍් වැඩි පරෙස්සමට ගිහින් නෑකම නැතිවෙලා