කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මළ ගෙදරක් ආසන්නයේ ගලක් උඩ සිට ගමේ පිරිමින්ට කසිප්පු අලෙවි කළැයි කාන්තාවන් පිරිසක් එකතු වී පුද්ගලයකුට පහරදී ගල පල්ලට තල්ලු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
පසු ගිය දිනක කෑගල්ලේ ගම් බද ප්‍රදේශයේ නිවසක තරමක් තරුණ පුද්ගලයෙකු මිය ගොස් තිබුණි. මෙම අවමංගල්‍ය නිවසකට රාත්‍රි කාලයේ බොහෝ පිරිසක් ආවා ගියහ. මළ ගෙදරට එන යන පිරිසට ගමේ පුද්ගලයෙක් මළ ගෙදර ආසන්නයේ ඇති ගලක් උඩට නැග කසිප්පු අලෙවි කළේය.
පිට ගමකින් පැමිණි පිරිසක් ද කසිප්පු වෙළෙන්දාගෙන් කසිප්පු පානය කර මළ ගෙදරට පැමිණ 304 කාඩ් සෙල්ලම් කරමින් සිටි පිරිසක් සමග සෙල්ලම් කිරීමට එක් වූහ.
ටික වේලාවක් ගත වෙද්දී සෙල්ලම් කරමින් සිටි දෙපාර්ශවයක් අතර බූරු කොළයකටයි ආසියා කොළයකටයි බහින් බස් වීමක් සිදු වී කෑ කෝ ගසන්නට වූහ. අවසානයේ අවමංගල්‍ය නිවසට පැමිණ සිටි සියලු දෙනා ද එතැනට ගොස් දෙපාර්ශවය සමථයකට පත් කර ආපසු පිටත් කර යැවූහ.
මේ සියල්ලට මුල කසිප්පු හින්දා යැයි පවසා ගමේ කාන්තාවෝ පිරිසක් කතිකා කර අද නම් කසිප්පු වෙළෙන්දාට හොඳ පාඩමක් උගන්වනවා යැයි පවසා ගල උඩට වී කසිප්පු අලෙවි කරන්නා වෙත ගියහ. ඒ වෙනකොටත් වෙළෙන්දා අවට තව පිරිසක් පානය කර බඹර මතින් සිටින අයුරු දැක ඇති කාන්තා පිරිස අපටත් පැකට් කිහිපයක් දෙන්න යැයි එක් කාන්තාවක් රුපියල් 1000 නෝට්ටුවක් දික් කර වෙළෙන්දාගෙන් ඉල්ලුවාය.
මොන පැකට් ද මම පැකට් විකුණන්නේ නෑ අක්කා වෙළෙන්දා පැවසීය. පසුව කාන්තාවන් පිරිස වෙළෙන්දා පිටුපස තිබුණු කසිප්පු මල්ල උදුරා ගෙන හොඳටම තඩි බා මල්ල ද ගල පල්ලට විසිකර ඔහු ද ගල පල්ලට තල්ලු කළේය
ගල පල්ලට තල්ලු කර සිටිය ද වෙළෙන්දාට සිරීම් තුවාලයක් ද සිදු නොවුණි. ගල පල්ලේ සිට උඩ බලාගෙන සිටි වෙළෙන්දාට ගමේ කාන්තාවෝ මෙසේ කීහ. මීට පස්සේ ගමේ කසිප්පු විකුණන්න බෑ අපි ඉන්නකම් හරි ද. පොලීසියට එහා අපි දරුණුයි. ගමේ ගෑනු මීට පස්සේ එකතු වෙලා උඹ අල්ලාගෙන ගහක බඳිනවා. ඊට පස්සේ පොලිසියට භාර දෙනවා. මේක හැමදාම කරන්න බෑ. අපේ ගෙවල්වල පිරිමින් උඹෙන් බීලා ඇවිල්ලා අපට දරුවන්ට රෑට ඉන්න දෙන්නේ නෑ යැයි පැවසුවාය. එදා සිට අද දක්වා කසිප්පු වෙළෙන්දා වෙළඳාම අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කසිප්පු පෙව්වැයි ගනුන්ගෙන් අම්බානට ගුටි කාලා