තමන් විසින් සිටුවන ලද කෙසෙල් ගස්වල හටගත් කැන් දෙකක් කපාගෙන ගිය සොරුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා වස්කවි කියවූ පුද්ගලයකුගේ පහන් පැලද හොරු ගෙනගිය පුවතක් දකුණු පළාතේ ගිං ගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගිංගඟ අසබඩ සිය නිවස ඉදිකර ගත් විශ්‍රාමිකයකු වන අපේ කතානායකයා නිවස ඉදිරිපිට රක්ෂිත භූමියේ ආහාර භෝග ටිකක් වගා කරගෙන සිය ආහාර වේලට එකතු කර ගත්තේය.
නිවසට පැමිණි ඔහුගේ මිතුරෙකු කීවේ, එම ඉඩම කෙසෙල් වගාවට යෝග්‍ය බැවින් හොඳ කෙසෙල් වගාවක් දාගත්තොත් හොඳ ආදායමක් ද ලබාගත හැකි බවය.
මිතුරාගේ උපදෙස් පිළිගත් ඔහු එම භූමියේ කෙසෙල් සිටුවීමට කටයුතු කළේය. ඒ සඳහා ඔහු කෝලිකුට්ටු හා ඇම්බුන් තෝරා ගත්තේ ඒවා මිල වැඩි කෙසෙල් වර්ග වූ බැවිනි. සිය නිවසේ එකතුවන කොළරොඩු හා මුළුතැන්ගෙයි අප ද්‍රව්‍ය ද මෙම කෙසෙල් ගස් මුලට ගෙනැවිත් දැමීම නිසා වගාව ද සරුවට වැඩෙන්නට විය.
නියමිත කාලයේ දී කෙසෙල් වගාවේ කැන් වැටෙන්නට වූ අතර ඔහු ඒවාට පොහොර බෑග් බස්සවා වඳුරන්ගෙන් ද ආරක්ෂා කරගෙන සිටියේය.
එහෙත්, කිසියම් දිනෙක උදෑසන ඔහුට දැක ගන්නට ලැබුණේ කෝලිකුට්ටු කැන් දෙකක් කවුරුන් හෝ කපාගෙන ගොස් ඇති බවයි. වගාවේ පළමු අස්වැන්නම හොරු ගෙනයාම නිසා මහත් සංවේගයට පත් ඔහු හොරාට හොඳ පාඩමක් ඉගැන්වීමට ඉටා ගත්තේය. සිය නිවස ආසන්නයේම පුද්ගලයකු ඔහුගේ සැකයට භාජනය වී සිටි අතර කෙසේ හෝ හොරා අල්ලා ගන්නා බව ද කියමින් නිවැසියන් හා අසල්වැසියන් සමග පාරම්බාන්නට ද විය.
ප්‍රදේශයේ ජනප්‍රිය වස්කවි ලියන්නෙකු සොයා ගිය මොහු සිද්ධිය සැලකර විශාල මුදලක් ද ගෙවා හොඳ වස්කවියක් ලියවාගෙන ආවේය. කැපූ කෙසෙල් කැන් දෙක තිබුණු ස්ථානයේම පහන් පැලක් තනවා දින තුනක්ම වස්කවි කියවීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා ප්‍රදේශයේ ශාන්ති කර්මාදිය කරන පුද්ගලයකු ද කැඳවා ගත්තේ ඔහුට ද දින තුනටම මුදල් ගෙවන පොරොන්දුවටය.
වස්කවි ගායනයට පැමිණි පුද්ගලයා ගොක් කොළවලින් අලංකාර මල්පැලක් තනවා ඒ මත පාට මල් වර්ග 7ක් තබා පහන් දල්වා දුම් අල්ලා රාත්‍රී 7.00ට පමණ වස්කවි ගායනය පටන් ගත්තේය. ගෙහිමියාගේ ඉල්ලීම පරිදි මහත් හඩින් වස්කවි ගායනා කළ අතර එහි තිබුණු ඇතැම් වැකි අසා සිටින අයගේ ඇගේ හී ගඩු පිපෙන තරමේ තේරුම් සහිත වාක්‍ය විය. එම වස්කවි ඇසෙන විට දින තුනක් ඉක්මයාමට පෙර හොරා එම ස්ථානයටම පැමිණෙන බව ඔහුගේ විශ්වාසය විය.
පසුදා උදෑසන කෙසෙල් වගා භූමියට ගිය ඔහුට දැක ගන්නට ලැබුණේ පෙරදා වස්කවි කියවීම සඳහා තනවා තිබූ පහන් පැල ද රාත්‍රී කාලයේ කවුරුන් විසින් හෝ ගලවාගෙන ගොස් ඇති බවයි.
සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරී ගිය අතර මහ මඟදී හමුවන කොල්ලො කුරුට්ටෝ ‘‘කොහොමද මාමේ වස්කවිය?’’ කියා සමච්චල් කිරීම නිසා ඔහු මේ දිනවල නිවසින් පිටවී ඥාති නිවසක රැඳී සිටින බව ආරංචිය!
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෙසෙල් කැන් සොරුන්ට වස් කවි කී පහන් පැලත් හොරු ගෙනිහින්