IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කෙසෙල් ගස් අයිතිකාරයාට හොරුන්ගෙන් තෑග්ගක්

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
 එකම කෙසෙල් කැනකට මාන බැලූ සොරුන් දෙදෙනකු නිසා ගෙහිමියෙකුට කපා දැමූ කෙසෙල් කැනක් හොඳ කැති දෙකකුත් හමුවීමේ පුවතක් මහනුවරට නුදුරු කඳුකර ගම්මානයකින් වාර්තාවේ.


 වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි.


රජයේ ලිපිකාර සේවයේ නියුතු සිව් දරු පියකු වන ඔහු සේවය නිමවා නිවසට ආ මොහොතේම වත්තේ පිටියේ කැත්තේ උදැල්ලේ වැඩට යොමුවන්නේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව නිවසේ පවතින ජීවන බර යම්තාක් හෝ දුරට අඩුකර ගැනීමේ චේතනාවෙනි.


 පවතින අත් ගුණය නිසාදෝ භව භෝග පලදාවද හොඳින් තිබූ ගෙවත්තේ වැට මායිම අද්දර රතඹලා පඳුරේ වූ පැසුණු කෙසෙල් කැන කපා ගැනීමට ඔහුට සිත් නොවුයේ එය කෙසෙල් ගසේම ඉඳුණු පසු කපාගැනීමට අවශ්‍ය වූ නිසාය.


කෙසේ නමුත් ඒ පිළිබඳව ඉව ඇල්ලූ ඔහුගේ නිවස ආසන්නයේම පදිංචි පුද්ගලයකු එය හොරෙන්  කපා ගැනීමට කටයුතු කළේ මේ දිනවල රාත්‍රියේ පවතින මහ වැසිද නොතකාය.


පැය භාගයකට ආසන්න කාලයක් දැරූ දැඩි ප්‍රයත්නයකින් අනතුරුව කපාගත් කෙසෙල් කැන රැගෙන යාමට සැරසෙත්ම ඔහු ඉදිරියේ අඳුරේම පෙනී සිටි කැත්තක්   රැගත් පුද්ගලයකු නිසා තමන් ගෙහිමියාගේ අතටම අසුවීමට යතැයි සිතූ ඔහු කැපූ කෙසෙල් කැන පමණක් නොව අතැති කැත්තද බිම දමා දුවන්නට වූයේ ඇතිවූ තිගැස්මෙන් යටි ගිරියෙන්ද හූ හඬ තලමිනි.


මෙයින් අන්දමන්ද වූ අනෙකාද ඊට නොදෙවෙනි ආකාරයෙන්  හූ හඬ තලමින් තමන් අත වූ කැත්තද පසෙක දමා අඳුරේම වැටි වැටී දුවන්නට වුයේ මේ අතරවාරයේමය.


තම ගෙවත්තේ රාත්‍රියේ  ඇතිවූ  මේ කලබැගෑනිය කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වූ ගෙහිමියාද දනි පනි ගා විදුලි පන්දමක්ද දල්වා ඒ ගැන විපරම් කිරීමේදී ඔහුට දර්ශනය වූයේ පාරක් තොටක් නොදැන හැපි හැපී දුවන පුද්ගලයන් දෙදෙනෙකි.


 කෙසේ නමුත් ඉන් අනතුරුව ඔහුට දැකගැනීමට හැකිව ඇත්තේ කැපූ රතඹලා කැන හා කැති දෙකකි. එය දැකීමෙන් සිදුවී ඇති දෙය තේරුම් ගත් ඔහු ඒ සියල්ලම තම නිවස වෙත ගෙන ගියේය.

 



අදහස් (0)

කෙසෙල් ගස් අයිතිකාරයාට හොරුන්ගෙන් තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 433 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 899 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 861 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9491 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site