කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
ගෝලයාගේ අත්වැරදීමකින් රෝගියකුගේ ඇඟේ කහඹිලියා තැවරී රෝගියාත්, වෙද මහතාත් රෝහල් ගත වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
එම වෙද මහතා ගමේ කැඩුම්බිඳුම් සුව කිරීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයකි. ඔහුගේ ජනප්‍රිය බව නිසාම බොහෝ ඈත පළාත්වල රෝගීන් පවා ඔහු සොයාගෙන පැමිණෙති. ඉතා ඉහළ මිලක් අය කළත් වෙදකම හොඳ නිසාත් ඔහුගේ නිවස රෝගීන්ගෙන් පිරී පවතී. මෙම වෙද මහතා ළඟ සිටින අත්උදව්කරුවා එතරම් උගත් පුද්ගලයකු නොවන අතර උදේ සිට නිදා ගන්නා තුරු මත්පැන් පානය කරන්නෙකි. ලෙඩෙකුට අරිස්ට වෙනුවට අරක්කු දුන් සිද්ධියක් ඇරෙන්නට ඔහුගෙන් වෙනත් අත්වැරදීම් සිදු නොවූ නිසා හා කීයක් හරි දී සේප් විය හැකි නිසාද වෙද මහතා ඔහු ළඟම තබාගෙන තිබේ.
කෙසේ වෙතත් සිදුවීම වූ දින පිට පළාතක ලෙඩෙකු තුනටියේ ආබාධයක් නිසා ප්‍රතිකාර පිණිස පැමිණ ඇති අතර වෙද මහතා සිය ගෝලයාට පවසා ඇත්තේ ගේ පිටුපස ඇති ගසෙන් කොළ ටිකක් කඩාගෙන කොටා රැගෙන එන ලෙසය.
ප්‍රතිකාර පිළිබඳව යම් අවබෝධයක් ගෝලයාට ඇති බැවින් නිතර නිතර ඖෂධ පිළිබඳව ඔහු දැනුවත් කිරීම වෙද මහතා විසින් සිදු නොකරයි. ගෝලයා කොටාගෙන ආ කොළ වර්ගය තවත් ඖෂධ සමග රෝගියාගේ තුනටියේ තැවරූ වෙද මහතා ‘‘ටිකක් ඉන්න’’ යැයි පවසා වෙනත් රෝගියකුට ප්‍රතිකාර කිරීමට සැරසෙද්දී, තුනටියේ අමාරුවට ප්‍රතිකාර කළ පුද්ගලයා ගීත නොමැතිව අමුතු නර්තනයක් ආරම්භ කර ඇත්තේ තුනටියේ අමාරුව අමතක කරමිනි.
බොහෝ අසීරුවෙන් අන් අයගේ වාරුවෙන් පැමිණි මෙම රෝගියාට සිය ඖෂධ වලින් මෙතරම් ඉක්මනින් ප්‍රතිඵල ආවේ කෙසේදැයි සිතමින් ඔහු වෙත උජාරුවට පැමිණි වෙද මහතා කොහොමද දැන් සනීපයි නේද විමසා තිබේ.
‘‘මොන සනීපයක්ද, මොනවද මගේ තුනටියේ ගෑවේ.’’ යැයි අසමින් රෝගියා තම නර්තනය වේගවත් කරමින් බිම පෙරළී ඇත. ගෝලයාගේ මුහුණ බැලූ වෙද මහතා තම අතද කසන බව දැනී ගෝලයා ගෙනැවිත් ඇත්තේ තමන් සිතූ ඖෂධය නොව ගේ පිටුපස ඇති කහඹිලියා කොළ බව දැනගෙන විගසින් තුනටියේ අමාරු රෝගියා සමග රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා තිබේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කහඹිලියා බෙහෙත වැරදී වෙදයි ගෝලයයි දෙන්නම රෝහලේ