IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා


වලස්ගල - නිමල් ලන්දගේ 



රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක තබා පසෙකට කෙළ ගැසීමද ඔහුගේ එකම පුරුද්දය. 
වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය විසින් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කරමින් නීතියක් පැනවීමට කටයුතු කළේ මේ අවධියේදීය.
නිතර බුලත් විටක් හපන අපේ මිත්‍රයාටද මෙය මහත් හිසරදයක් විය. 
අසල්වාසීන් සමග පවා මුහුණු ආවරණ නොමැතිව කථාබහ කරන්නට යෑම නිසා ගෙදර හාමිනේගෙන් පවා ඇනුම් බැනුම් ඇසූ අවස්ථා එමටය.
ඇඳිරි නීතිය ඉවත්කර ඇති සෑම විටම බුලත් දුම්කොළ මෙන්ම නිවසට අවශ්‍ය අඩුමකුඩුම ගෙන ඒමේ වගකීමද පැවරී තිබුණේ ඔහුටය. ඔහුගේ  ප්‍රවාහන මාධ්‍යය වූ පාපැදියෙන් කඩමණ්ඩියට යන අවස්ථාවලදී අකමැත්තෙන්  හෝ මුහුණු ආවරණ පැලඳීමට සිදුවූයේ එසේ නොපලඳන අය පොලිසියෙන් අල්ලන නිසාය. 
එදින මුහුණු අාවරණයද පලඳා කඩමණ්ඩියට ගිය ඔහු අවශ්‍ය දේවල් මිලදී ගෙන ගෙදර යන්නට සූදානම් වුවද බුලත් විටක් කෑමේ අවශ්‍යතාව තදින්ම දැනුනේ පුරුද්ද නිසාය. පැත්තකට ගොස් බුලත් විටක් කටට දමාගෙන මුහුණු ආවරණයද පලඳින්නේ නැතිව ඉක්මනින් නිවසට යාම සඳහා බයිසිකලයට ගොඩවිය. 
 පාපැදියේ නැගී එන ඔහුට මිතුරකු පැවසුවේ ඉස්සරහා හන්දියේ පොලිසියෙන් සිටින බවයි. උන්හිටි තැන් අමතක වූ ඔහු සාක්කුවේ දමාගෙන සිටි මුහුණු ආවරණය වහා පලඳා ගත්තේය. ටික දුරක් යද්දී මුහුණු ආවරණය අමතක වී පාරේ පසකට කෙළ පාරක් ගැසුවේ කටේ කෙළ පිරි තිබූ නිසාය. 


හන්දියේ සිටි පොලිස් නිලධාරීහු ඔහුගේ පාපැදිය නතර කළහ.
ඔවුන් සිනා සෙමින් තමන් අසලට පැමිණෙන දුටු ඔහුට එය ප්‍රහේලිකාවක් විය.
“අන්කල් මොකද කට ගාව ලේ පැල්ලමක්” ඔහුට තමන්ට සිදුවී ඇති අකරතැබ්බය තේරුනේ එවිටය. මුහුණු ආවරණය පිටින්ම තමන් බුලත් කෙළ ගසා ඇති බව ඔහුට අවබෝධ විය. ලැජජාවට පත්ව පොලිස් නිලධාරීන් දෙස බැලූ ඔහුට “හරි හරි යන්න අන්කල්” යයි කීවේ මහ හඬින් සිනාසෙමිනි.
අදටත් මෙම ගැමියාට “හරි හරි යන්න අන්කල්” කී විට කේන්තිය සමග සිනාවකුත් එනවලු‍.



අදහස් (2)

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා

Pradeep Kumara Friday, 14 March 2025 10:02 AM

ඒ මනුස්සයාට ස්නායු ප්‍රශ්ණයකුත් ඇති. නැත්නම් මාස්ක් එක දාගෙන කෙල ගහද්දී ඒ කෙල නැවත මූණට සහ කටට වැටෙන එක තේරෙන්න ඕනනේ.

:       0       0

රිතික් Friday, 14 March 2025 01:16 PM

අන්තිම වාක්‍යය වැරැදියි. කේන්තිය සමග හිනාවක් එනවා නෙමෙයි එන්න ඕනේ. "අදටත් මෙම ගැමියාට හරි හරි යන්න අන්කල් කී විට හොඳ ලුණු ඇඹුල් ඇතිව දෙකක් පවසනවාලු"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 357 2

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 425 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 805 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 849 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 465 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1089 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 252 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 571 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 259 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site