IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කිරි අම්මගෙ නීතිවලින් මනමාලිට කසාදෙත් එපාවෙලා

කැන්දාගෙන පැමිණ සතියක්වත් නොමැති සිය තරුණ මනාලියට මිත්තණිය නීති දමනවා යැයි උරණ වූ මනාලයෙකු ඇඳුම් පැළඳුම් රැගෙන කුලියට ගත් නිවසකට යාමේ පුවතක් සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
නව යුවළට කචල් දමා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවගේ වයස අවුරුදු 85 කි. තාමත් ඇය නිරෝගී සුවයෙන් වැඩිමල් පිරිමි දරුවාගේ නිවසේ දිවි ගෙවමින් සිටින්නීය. ලේළිය සමග ගෙදර දොරේ වැඩපල කර ගනිමින් දහවල් කාලයට ළිඳෙන් නාගෙන රෙදිපිළි ටික සෝදාගෙන ජීවත් වෙන මෙම වයෝවෘද්ධ කාන්තාවගේ කට නම් එදා වගේම අදටත් සැර පරුෂය.
මෙම වයෝවෘද්ධ කාන්තාවගේ වැඩිමල් පිරිමි දරුවාගේ දෙවැනි පුතා (මුණුපුරා) වූ 28 හැවිරිදි තරුණයා කොළඹ ආයතනයක කෑගල්ල දිස්ත්‍රික්කයේ කාර්යාලයක පරිපාලන නියෝජිතයකු ලෙස කලක සිට සේවය කරයි. මෙම තරුණයාගේ කාර්යාලයට දිනපතා ආ ගිය කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචිව සිටින කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 25 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශීර්වාද මැද විවාහය ලියාපදිංචි කර මනාලයා ඉකුත්දා සිය තරුණ මනාලිය නිවසට කැන්දාගෙන පැමි⁣ණියේය.


තරුණයා මනාලිය කැන්දාගෙන නිවසට පැමිණීමෙන් පසුව නිවසේ සිටි මනාල යුවළට උයා පිහා කන්න බොන්න කැමති දේවල් හදා දී ආදරයෙන් කරුණාවෙන් ජීවත් වීමට හොඳ නරක කියා දෙමින් සලකා ඇත්තේ මනාලයාගේ 85 හැවිරිදි මිත්තනියයි.
මංගල්‍යය ⁣උත්සවය වෙනුවෙන්  නව යුවළ ගත් නිවාඩු අවසන් වීමෙන් පසුව ඉකුත් දා පෙරවරුවක ලක ලෑස්ති වී නව යුවළ මිත්තනියට මව්පියන්ට වැඳ රැකියාවට යාමට මිදුලට බැස ගත්හ. මනාලිය ඇඳ සිටියේ නිල් ඩෙනිමක් හා ආයතනයෙන් දී තිබුණු කොළ පාට හුරු ටීෂර්ටයකි.
‘‘දුවේ මම කැමැති නෑ ඔය කලිසම් අඳිනවාට. ඔය කලිසම් අඳින්නේ කොල්ලෝ. ගැහැනු ළමයි ගැහැනු ළමයි විදිහට අඳින්න හැසිරෙන්න පුරුදු වෙන්න ඕනෑ. ඔය ළමයා ගෙදර කරපු දේවල් මේ ගෙදර කරන්න ලෑස්ති වෙන්න එපා. මම කැමැති නෑ ඔය ඇඳුම් අඳිනවාට. ගැහැනු ළමයෙක් වුණාම චාම් විදිහට ඇඳුම් පැළඳුම් අඳින්න පලඳින්න පුරුදු වෙන්න වෙනවා.
‘‘කිරි අම්මේ මෙයා අඳින්නේ ඒ ආයතනය කියලා දීලා තියෙන විදිහට. ඒක කිරි අම්මාට නතර කරන්න බෑ. අනික කොච්චර ලස්සනයි ද බලන්න කෝ කිරි අම්මාගේ මිනිපිරී කලිසමයි ටීෂර්ට් එකයි ඇන්දාම. තරුණයා වයෝවෘද්ධ කාන්තාවට කරුණු කාරණා පැහැදිලි කළේය.
වයෝවෘද්ධ කාන්තාවගේ පුතයි ලේළියයි මැදිහත්ව වයෝවෘද්ධ කාන්තාවට කරුණු පැහැදිලි කර දුන්න ද අවසානයේ වැඩක් වූයේ නැත. පසුව තරුණ මනාල යුවළ යතුරුපැදියෙන් එදා රාජකාරියට ගොස් සවස ආපසු නිවසට එද්දී කෑගල්ල ප්‍රදේශයේ අංගසම්පූර්ණ කාමරයක් බලා හදා කුලියට ගත්තේය. එදා සවස නිවසට පැමිණි නව යුවළ කිරි අම්මා සමග ජීවත් විය නොහැකි යැයි පවසා ඇඳුම් පැළඳුම් ගෙන කුලියට ගත් කාමරයට යාමට ත්‍රිරෝද රථයක් ද ගෙන්වා ගත්හ.
නව යුවළ ඇඳුම් පැළඳුම් ත්‍රිරෝද රථයට පටවද්දී මනාලයාගේ මව්පියන් හඬා වැළපෙමින් නව යුවළට නිවසින් බැහැරව නොයන ලෙසත් බැහැරව ගියහොත් අසල්වැසියන් කුමක් කියාවිදැයි නොදන්නා බවත් මනාලයාගේ මව නව යුවළ හමුවේ පැවසුවාය.
 මිත්තනිය නිවසේ කොනක බිත්තියකට හේත්තු වී දකුණු අත කම්මුලේ තියාගෙන ‘‘අද කාලයේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳ නරක කියලා දෙන්න බෑ. අපේ කාලයේ නම් නොගැලපෙන ඇඳුමක් ඇන්දා නම් තාත්තා දඬුවම් කරනවා. අපට ඕනෑ ඕනෑ දේවල් කරන්න දුන්නේ නෑ. කසාද බඳින්න මනුස්සයෙක් උණත් හොයලා දෙනකම් ඉන්න ඕනෑ යැයි ආවේගශීලීව වයෝවෘද්ධ කාන්තාව පැවසුවාය.
 මනාලයාගේ මව සකස් කර දුන් කෑම දෙක ගත් නව යුවළ ත්‍රිරෝද රථයට නැග මව්පියන්ට පමණක් අත වනමින් නිවසින් පිටව කුලී කාමරයට පදිංචියට ගොස් ඇති බව වාර්තා වෙයි.

 

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

කිරි අම්මගෙ නීතිවලින් මනමාලිට කසාදෙත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site