කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවූවේය. ඒ විතරක්ම නොව ප්‍රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ. වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු නොරිස්සුවේය. ඇය ඒ ගැන දැනුම්වත් කළත් ඇය නෑසුනාවගේ සිටියාය. තමා මෙන් ඇවිදීමට එන ලෙස ඔහු භාර්යාවට ඇරයුම් කළේය. ඇය එය එක හෙළාම ප්‍රතික්ෂේප කළාය.
ඒ තමා සපත්තු දමා බොටමක් ඇද පාරේ යනු දකින ගමේ එකාලාගේ සමච්චලයට ලක්වනු ඇතැයි කියමින් සැමියාගේ මේ සිය ඇඟ මට්ටු කිරීමේ යෝජනාවට ඇය තදින්ම විරුද්ධවූවාය. ඇයගේ කතාවේ ඇත්තක්ම නැත්තේ නොවේ යයි සිතූ ඔහු ඇයට අලුත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඇඟ හදාගත හැකි බවය. ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ මළවිකාර යයි කියමිනි.
සැමියාගේ බලවත් පෙරැත්ත මත මස් කඩයට ගෙන යන වැස්සියක මෙන් ඇය වදෙන් පොරෙන් කායවර්ධන මධ්‍යස්ථානයකට ගියාය. ඒ සැමියා සමගය. මුලදි මුලදී ඇය ව්‍යායාම කරන තෙක් ඔහුට එම කායවර්ධන මධ්‍යස්ථානයට වී බලා සිටීමට ද සිදුවිය. ටික දිනක් යද්දී ඇය තනියම මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියාය. තවත් ටික දිනකින් ඇය ඉතා උනන්දුවෙන් උදේයා්ගයෙන් මේ කායවර්ධන මධ්‍යස්ථානයට ගියාය.
තවත් ටික දිනකින් ඇයගේ ප්‍රියතම කාර්යවූවේ මේ මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාම කිරීමය. වෙන කොපමණ අවශ්‍යතාවයන් තිබුණත් නොවරදවාම ඇය ව්‍යායාම සඳහා දිනපතාම පාහේ මේ මධ්‍යස්ථානයට ගියාය. කාලයක වෙනසේ අරුමය කියන්නා සේ ඇය ඇත්තටම නෙරා ගිය සිරුර කෙට්ටු කර ගත්තාය. දහහතේ දහඅටේ කෙල්ලක මෙන් සිරුර හොඳටම හදා ගත්තාය. සැමියා ට හරිම සතුටුය. සිය භාර්යාව දැන් කෙල්ලෙක මෙන් කියමින් ඔහු ඇයට විහිළු කරන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇතිය.
එදා උදේ ව්‍යායාම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයට ගිය භාර්යාව තමා වැඩ ඇරී නිවසට එනතුරුත් නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගිය කායවර්ධන මධ්‍යස්ථානයේම ව්‍යායාම කිරීම සඳහා පැමිණ සිටි ඇඟ හදාගෙන සිටි කොල්ලෙකු එක්ක පැන ගොස් තිබූ බවලු.
ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.
මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක්
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
කේළම අතේ පත්තුවී දෙ නෑනෝ කෙහෙවලු පටලවාගත් අපුරු කතාන්දරයක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා