IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙල් කැනක් කපාගෙන යමින් සිටියදී ගමේ තරුණයකු විසින් අල්ලා ගනු ලැබූ කෙසෙල් කැන කරේ තබාගෙන ගමක් වටා එලෙස ගමන් කරවා ඇතැයි කියන අපූරු පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයකු තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටියි. මෙම තරුණයා මුල් කාලයේ මවුපියන්ගේ මුදල්, රන් බඩු සොරකම් කරගෙන ගොස් කීයකට හරි උකස් කර මිතුරන් සමග මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මවුපියෝ අද කබලෙන් ළිපට වැටී සිටිති.


පොලීසියේ මැදිහත් වීමෙන් අධිකරණයට කරුණු වාර්තා කර, තරුණයා පොළොන්නරුව ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරකට මවුපියෝ යොමු කළහ. වසරක කාලයක් එහි පුනරුත්ථාපනය ලැබූ තරුණයාට පුනරුත්ථාපනය අවසානයේ මවුපියන් ගෙන්වා “දරුවා හොඳට හදලා තියෙනවා, හොඳට රැක බලා ගන්න”‍ යැයි පවසා මවුපියන්ට තරුණයා භාර දී තිබුණි.
මවුපියෝ ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ස්තුතිය පුද කර දරුවා නිවෙසට යළි රැගෙන පැමිණියහ. ආ දවසේ සිට තරුණයා සති දෙක තුනක පමණ කාලයක් නිවෙසින් එළියටවත් බහින්නේ නැතිව කාමරයට වී දුරකතනයට යොමු වී සිටියේය. මවුපියෝ තරුණයා ඉල්ලන කෑම බීම ඇඳුම් පැලඳුම් නගරයට රැගෙන ගොස් අරන් දුන්හ. තරුණයා ද සුපුරුදු පරිදි මවුපියන්ට කරදර නොකර කල් ගෙවමින් සිටියේය. යළි තරුණයා සුපුරුදු පරදි ටිකෙන් ටික මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි විය. මවුපියන්ගේ මුදල්, නිවෙසේ බඩු මුට්ටු සොරකම් කර උකස් කර මත්ද්‍රව්‍ය පානය කළේය. නිවෙසේ උකස් කිරීමට දෙයක් නොමැති අවස්ථාවේදී තරුණයා අවට ගෙවල්වල කෙසෙල් කැන්, පුවක්, පොල් සොරකම් කරන්නට පටන්ගත්තේය.
මීට මාස කිහිපයකට ඉහතදී ගමේ වයෝවෘද්ධ පුද්ගලයකු වගා කර තිබුණු කෙසෙල් කොටුවේ කෙසෙල් කැන් කපාගෙන රැගෙන යන අවස්ථාවේදී ඔහු අල්ලා ගත්තත්, පසුව මවුපියන් ගැන සිතා වයෝවෘද්ධ පුද්ගලයා තරුණයාට සමාව දී ආපසු යවා තිබුණි.
ඉකුත් දිනක දහවල් කාලයේ යළි ගමේ කාන්තාවකගේ කෙසෙල් කැනක් කපාගෙන යෑමට සූදානම් වන අවස්ථාවේදී කාන්තාවගේ තරුණ පිරිමි දරුවා කෙසෙල් කැන කපන අයුරු දැක තිබේ. 
පසුව කෙසෙල් කැන සමග තරුණ සොරා අල්ලා ගත්තේය. 
කෙසෙල් කැන් හොරාට යළි කෙසෙල් කැන් හොරෙන් නොකපන්න අපූරු පාඩමක් අද නම් කියා දිය යුතු යැයි කාන්තාවගේ තරුණ පුතා සිතුවේය. ‘ගනින් කරට කෙසෙල් කැන, මෙහෙම කියපන්,’ “මම ආයේ ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ ලෙස මහ හඬින් කියමින් ගම වටේ රැගෙන ගියේය. ගමේ බොහෝ පිරිසක් කෙසෙල් කැන රැගෙන යන අයුරු දැක තරුණ හොරාට අනුකම්පා කළහ. තව පිරිසක් “බොහොම හොඳා. ඔහොම කරන්නේ නැතිව බෑ”‍ විවිධ අදහස් ඉදිරිපත් කෙරිණ. ගම වටේ කෙසෙල් කැන් රැගෙන ගොස් ඇති තරුණයා ආපසු හිමිකාරියට කෙසෙල් කැන ගෙනත් භාර දී වැඳ සමාව අරගෙන “ආයේ කෙසෙල් කැන් කපන්නේ නෑ” යැයි පවසා ආපසු නිවෙස කරා ගොස් ඇති බවත් වාර්තා වෙයි. තරුණයාට එදා ලබා දී ඇති අපූරු දඬුවමෙන් පසුව මේ දක්වා ගමේ කිසිම දෙයක් සොරකම් කර නොමැති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා
2024 ඔක්තෝබර් මස 16 1145 0

පෙම්වතියගේ උපන් දිනයට කුඹුරු යායක් මැදින් කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි තරුණයකුට පෙම්වතියගේ පියා පැමිණෙන අයුරු දැක ආපසු දිව යන අවස්ථාවේ දී තරුණයා කේ


යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා
2024 ඔක්තෝබර් මස 15 887 0

වන අලි නිතර ගැවසෙන කැලෑ පාරක ත්‍රිරෝද රථයක ගමන් ගත් ගැබිනි කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් රජරට පළාතේ ඈත ගමකින් අසන්නට ලැබෙයි. සිද්ධිය කෙටියෙන


බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක්
2024 ඔක්තෝබර් මස 14 1061 0

සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා
2024 ඔක්තෝබර් මස 11 1149 1

දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුව


බිරියට මල් කිනිත්තක් දෙන්න ගිහින් අම්බානට බැණුම් අහලා
2024 ඔක්තෝබර් මස 10 1318 2

යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්ත


කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා
2024 ඔක්තෝබර් මස 09 974 0

“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 623 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site