IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගංජා සුරුට්ටුවක් පාලමක් කඩා දමයි

නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දුර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.

ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එදින ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමුදී නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දුරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉදිකර තිබූ පාලම කඩාවැටී ඇති බව දුටුවේය.

දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දුර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්දී කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.

පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදු අපදාවක් සිදුවී නොතිබුණි.
ගම්වාසීන්ට සිදුවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වලදී ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.



අදහස් (0)

ගංජා සුරුට්ටුවක් පාලමක් කඩා දමයි

ක්‍රිසාකා මිනු ඵනාන්දු Thursday, 08 August 2013 10:38 AM

කොල්ලා බයිට් එකක් දීලා තියෙන්නේ (දී)

:       0       0

සහන් Wednesday, 07 August 2013 10:11 PM

වවන්නෝ දිනන්නෝ (දී)

:       0       0

රූපා Thursday, 08 August 2013 11:06 AM

අයියෝ සල්ලි

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 12:10 PM

ඒ ගංජා හොදම වර්ගයේ ඉස්තරම්ම ගංජා (නි)

:       0       0

චමි Wednesday, 07 August 2013 12:26 PM

මමත් ඔය හැම ජාතියක්ම ටෙස්ට් කරලා බැලුවා, කේරල ගංජා තමයි හොදම. සැ: යු - ටෙස්ට් කරන්න විතරයි පාවිච්චි කළේ. ගෙදර යනවා යනවා ඉවරයක් නැහැ (නි)

:       0       0

රූපවතී Thursday, 08 August 2013 11:46 AM

සුරසේන, ඔයාගේ අදහස කියවලා කවදාවත් නැති විදියට හිනහ වුණා. ඔයාගේ කතාව ෂෝක්. අපි වගේ අය ඕවා මොනවද කියල නොදන්නා නිසා. මේ නිසා වෙන්න ඇති දැන් ලංකාවේ අපරාද ගොඩක් වැඩි. මනසවල් විකෘති වීමෙන්...මිනිසුන්ගේ ? (නි)

:       0       0

සරත් Wednesday, 07 August 2013 12:35 PM

පොඩි වතුර වලවල් මහා ජලාශ වගේ පෙනුන මගේ යහළුවෙකුත් සිටියා ගංජා බීපු. මේ කතාවත් ඇත්තක්ම තමයි. (නි)

:       0       0

සාගර Wednesday, 07 August 2013 04:53 PM

මල් හතයි කියන්නේ ඒකනේ (නි)

:       0       0

දනංජය Wednesday, 07 August 2013 12:39 PM

සූරසේනගේ කතාව නම් මල් හතයි (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 07 August 2013 05:16 PM

මතට තිත කියන්නේ මේකට වෙන්න ඇති (නි)

:       0       0

උදය කුමාර Saturday, 10 August 2013 11:19 PM

ඔය මොන දේ කිවුවත් කේරළ ගංජා තමයි හොදම (නි)

:       0       0

අවිශ්ක Wednesday, 07 August 2013 01:15 PM

ඔන්න වරුණ! පාලම් කඩා ගන්නේ එහෙම නැහැ හොදේ (නි)

:       0       0

සිරි Friday, 09 August 2013 04:16 PM

මමත් ගංජා බීලා තියෙනවා (නි)

:       0       0

ගජබා Monday, 12 August 2013 10:30 AM

මමත් ගහල බැලුවා. මට නම් මොකුත් දැනුනේ නැහැ.(නදී)

:       0       0

චන්දා Wednesday, 07 August 2013 01:36 PM

ඕවා මොනවද? අත්තනගල්ලේ, වැලිවේරියට ආසන්නයේ අඩියෙන් අඩියට අහුලන්න පුළුවන්. (නි)

:       0       0

ඔපුරා Wednesday, 07 August 2013 09:51 AM

අම්පාර ගංජා නියමයි...! (නි)

:       0       0

රසාදරී Saturday, 10 August 2013 01:29 AM

සුසන්ත කියන්නේ හොදම පන්දමෙක්. මේක මේ ගංජා කතාවක් නෙවෙයි. දේශපාලකයෙකුගේ හෙන්චයියෙකුගේ කතාවක්. (නදී)

:       0       0

චන්දා Friday, 09 August 2013 06:02 PM

එකිනෙක ගෙන, තාලයකට,රන් අටුවක අමුණාගෙන ආ ...ආ ..ආ /// මිහිකත හිසමත ඇති කෙස. සුලන් රැලෙන් පීරාගෙන // මල් පබා, වී. යි .ඊ.. මල් පබා./// වෙල ලග නල සමග තුටින රනට දිලෙන, දමක ලෙසින තුරුණු වියට උරුම කියන..මල් පබා (නි)

:       0       0

සූරසේන Wednesday, 07 August 2013 10:11 AM

මාත් දවසක් ගංජා සුරුට්ටුවක් බීලා තැඹිලි ගහකට නැග්ගා. මම ගහෙන් බහිනවා බහිනවා ඉවරයක් නැහැ. ඒ තරම් ගහ උසකුත් නැහැ. පැයක් විතර බැහැලා බිම බලනකොට තව ගොඩක් බහින්න ඕනෑ. පස්සේ මගේ යාලුවෙක් ඇවිත් මාව ගෙදර අරන් ගියා. මට පොලව දුරින් පෙනුනට මම ඉදලා තියෙන්නේ බිම ඉදගෙන ගහ බදාගෙනලු. ඒ මගේ ප්‍රථම සහ අන්තිම ගංජා සුරුට්ටුව. අත්හදා බලන්නවත් බොන්න එපා (නි)

:       0       0

මධු Wednesday, 07 August 2013 10:24 AM

හොඳ නැහැ කියනදේ අත්හදා බලන විශාල පිරිසක් සමාජයේ සිටිනවා.(ස)

:       0       0

තණමල්විල රණා Thursday, 08 August 2013 08:09 AM

ගංජා ටිකක් ගත්තට අපිට නම් ඔහොම විකාර වෙන්නේ නැහැ. එකම දෙයක් ගැන එක දිගට ඕනෑවට වැඩිය කල්පනා කරන එකනම් ඇත්ත. එහෙත් ඔය හුලු අතු අරන් දවල් යන්නේ නම් වෙන ලෙඩක්. (නි)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 10:35 AM

මං මේ කල්පනා කලේ හොඳට තියෙන පාළම් කැඩුන හැටියට පෙන්වනවා වගේම කැඩුණු පාළම්, එහෙම නැත්නම් හදන්න හිතලවත් නැති පාළම් හදල තියෙනවා වගේ පෙන්වන්නත් ගංජා වලට පුලුවන්ද කියලයි. මාර සංවර්ධනයක් පෙන්වන්න පුළුවන්නේ එහෙනම්! (ස)

:       0       0

චන්දා Friday, 09 August 2013 10:32 AM

දවසක් දා.. සැන්දෑවක දුමක් අදින්නට සිතුනා...// සිතුවෙත් නැහැ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ..// සදේ... ඔබ ඇයිද මේ යාමේ ... අහසකරා ඇදුනේ..// සිතේ දුක,හිරු නිවා දැමුවේ, නැතිවද ඔබ දන්නේ.. ගිනි හිරු පායා සොමිසද බැසලා මගේ ලොව එලිය වෙලා.// සදේ... ඔබ ඇයිද මේ යාමේ ... අහසකරා ඇදුනේ...// (නි)

:       0       0

සුසන්ත Wednesday, 07 August 2013 11:02 AM

හ්ම්ම්... මට දවසක් මහා දවල් රෑ වගේ පෙනිලා හුළු අත්තක් පත්තු කරගෙන වෙලක් මැද්දෙන් ගෙදර ගියා. ගෙදර මිනිස්සු ඔක්කොම බයවෙලා මට පිස්සු හැදිලා කියො. මම නෙමෙයි ආයෙත් ගංජා ගැහුවේ. (නි)

:       0       0

කෙවින් Wednesday, 07 August 2013 11:05 AM

මේක ඇත්තම සිදු වීමක් වෙන්න පුළුවන්. මොනවා උනත් ගංජා බොන මිනිහ අමුතුම ලෝකෙක ඉන්නේ. (ස)

:       0       0

රූපවතී Friday, 09 August 2013 11:46 AM

අපේ ගම්පලාතේ ගෙදරක අයිය කෙනෙක්.... අපේ කඩෙන්"සෙනෙහෙ ගුලි" වගයක් ගෙනිහින් කාල. අම්මයි අක්කයි වේලාසනින් නිදි නිසා.. ? ගෙදර මුට්ටියේ අම්ම උයලා තිබුන බත් සේරම කාලා මාළුපිණි මොකුත් නැතුව, කකා ඉන්නකොට කුප්පි ලාම්පුවේ එලියට එයාගේ හේමලයා බිත්තියකින් දිලිසිලා. මෙයා පැනලා දුවලා හොරෙක් ඇවිත් කියලා. දුවනවලු දුවනවලු මහා රෑ දෙගොඩ හරියේ එයාගේ අක්කට ඇහෙනවලු කව්ද ගේ වටේ දුවනවා, අම්මයි අක්කයි බලනකොට මල්ලි එයාලවත් පහුකරන් රවුම් දෙකක තුනක් දිවුවලු..? කව්රුවත් දන්නේ නැහැ මල්ලිට වුණ දේ..? (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 09:27 PM

මා ලඟත් ජාතියක් තියෙනවා පාලම් හදන වර්ගයේ.(අ)

:       0       0

දනු Wednesday, 07 August 2013 11:26 AM

මරුනේ. එදා නම් නියමෙට වැඩකරලා තියනවා (නි)

:       0       0

ඉෂාර Wednesday, 07 August 2013 11:28 AM

කොහොමද පවර් එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site