දියර පොහොර අඩංගු භාජනයකින් වහනය වූ නිවස පුරා පැතිර පැවති දුර්ගන්ධය අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවූවක් බවට නිගමනය කර එම දෝෂය තුරන් කිරීමට දේවාලයක පිහිට පැතීමට යෑමට සූදානම් වූ පවුලක් පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
මහනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත මෙම නිවසේ ගෘහ මූලිකයා මෙදින සිය හිතවතකු සමඟ මිනිපේ ගොවි ජනපදයේ ගොවි සංවිධානයක සභාපතිවරයකු හමුවීමට ගියේ හිතවතාගේ පෞද්ගලික අවශ්‍යතාවකටය.
එහි ගිය ඔවුන් සභාපතිවරයා සමඟ කතා බහෙන් අනතුරුව මිතුරා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් ගෙවත්තේ කුරහන් වගා කර ඇති නිසා එම වගාවට යෙදීම සඳහා ඉතිරිව ඇත්නම් දියර පොහොර භාජනයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම අනුව සභාපතිවරයා නිවසේ පිටුපසට ගොස් අත් දෙකට දියර පොහොර භාජන දෙකක් රැගෙනවිත් එකක් හිතවතාටත් අනෙක මොහුටත් ලබාදී ඇත.
දියර පොහොර භාජනය රැගෙන ඔහු නිවසට එනවිට රෑ බෝවි තිබිණි. පොහොර භාජනය රැගෙන ආවත් එම නිවැසියන් කිසිදු වගා කටයුත්තක් නොකරන හෙයින් එය නිවස තුළට නොගෙන ඉදිරි ප්‍රයෝජනය සඳහා නිවසේ පිටුපස දර මඩුවේ සඟවා තබා ඔහු ගෙට ගොඩ වූයේය.
පසු දින අලුයම ඔහු රැකියාව සඳහා පිටත්ව ගියේය. එදින නිවසේ මුළුතැන් ගෙයින් අමුතු දුර්ගන්ධයක් එන බව නිවැසි කාන්තාව ඇගේ පියාට සහ මවට පවසා ඇත. ඒ ගැන විපරම් කිරීමේදී ඔවුන්ටද එම දුර්ගන්ධය දැන ගැනීමට ලැබුණි. ගෙවත්තේ හෝ වහලයේ මියගිය කිසියම් සතෙකුගේ මල කුණකින් එන දුර්ගන්ධයක් විය හැකි බව ඇගේ පියා එම දුර්ගන්ධයට හේතුව පවසා තිබේ. එදින රාත්‍රියේත් පසුදිනත් මේ දුර්ගන්ධය පැවතීම නිසා නිවසේ වහලය උඩත් ගෙවත්තේත් පියා ඇතුළු පවුලේ අය සොයා බැලුවත් මියගිය සතෙකුගේ මළකුණක් දැක ගැනීමට නොහැකි විය.
දුර්ගන්ධය එන්නේ මුළුතැන් ගෙයට පමණක් හෙයින් අනුමාන කළේ මේ අමනුෂ්‍ය දෝෂයක් විය හැකි බැවින් මේ සඳහා අල්ලපු ගමේ දේවාලයට ගොස් විස්තර බලා ගෙන ඒමට තමන් පසුදා පෙරවරුවේ එහි යන බව ඇගේ පියා පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඇය තම සැමියා දැනුවත් කිරීමෙන් පසු ඔහු පැවසුවේ තමන්ද ඒ ගමන පියා සමඟ යෑම සඳහා අද හවස නිවසට පැමිණෙන බවයි.
ඒ අනුව ඔහු නිවසට පැමිණෙන විට රාත්‍රි දහය පමණ වී තිබුණි. ඔහුද මුළුතැන්ගෙට පැමිණ විපරම් කිරීමේදී දුර්ගන්ධය ඔහුටද දැනුණි. ඒ අනුව ඔහුද තීරණය කළේ මේ නම් අමනුෂ්‍ය දෝෂයක්ම බවත් එයට පිළියම් සොයා ගැනීමට දේවාලයකට යෑම සුදුසු බවයි.
පසු දින උදේ අවදි වූ ගෘහමූලිකයා ඉදල රැගෙන මිදුල අමදිමින් දර මඩුව අසලටද ගියේය. එම ස්ථානයෙන් දුර්ගන්ධයක් තිබෙන බව දැනී නිකමට මෙන් ඔහු පෙර දිනක රැගෙන විත් මඩුවේ සඟවා තැබූ දියර පොහොර භාජනය ගැන විපරම් කර බැලීය. කාරණය ඔහුට වැටහුණි. බඩ අල්ලාගෙන සිනා සෙමින් “මෙන්න අපේ ගෙට බැල්ම හෙළපු භූතයා මම අල්ලා ගත්තා. දැන් ඉතින් දුර්ගන්ධයට දේවාලෙ යන්න ඕන නෑ,” යැයි කියමින් දියර පොහොර භාජනය රැගෙන නිවසේ මිදුලට පැමිණ නිවැසියන්ට කාරණය පහදා දුන් පසු ඔවුන්ටද සිනහව නතර කර ගැනීමට බොහෝ වේලාවක් ගත විය,
හසලක සුනිල් ඒකනායක
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෙට ආ දුඟද වහගන්න දේවාලෙට යන්න හදලා