IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ගොඩගන්න ගිය කොඩිවිනය සැමියාටම කොඩිවිනයක් වෙලා

තම ගෙවත්තේ වළ දා ඇතැයි කියන කොඩිවිනයක් නොමිලේම ගොඩදා ගැනීමට සිතූ ගෙහිමියෙක් මිදුලේ අලංකරණයට තිබු මල් පඳුරු සියල්ල ගලවමින් පොළව හාරා කොඩිවිනය සෙවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.

මැදිවියේ ගෙහිමියා සිය බිරිය සමග ප‍්‍රදේශයේ දේවාලයක් වෙත ගොස් සාත්තරයක් ඇසුවේය. එහිදී සාත්තරකරු ආරූඪයෙන් පැවසුවේ ඔවුන්ගේ ගෙවත්තේ මල් පඳුරක් යට පොළවේ කිසියම් අයකු කොඩිවිනයක් සහිත බෝතලයක් වළ දා ඇති බවයි.

නිවසේ අයට ඉතා අපලදායි මෙම කොඩිවිනය ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු බව කී සාත්තරකරු එය ඉවත්කර දීමට ඉලක්කම් පහේ මුදලක්ද අවශ්‍ය බව ගෙහිමියාට පැවසීය. මේ ගැන කථා කරගෙන දින වෙන්කර ගැනීමට පසුව එන බව පවසා ගෙහිමියා ආපසු ගෙදර පැමිණියේය.

සාත්තරකරු කී පරිදි කොඩිවිනය ගොඩගැනීමට මුදල් නොමැතිව සිටි ගෙහිමියාට අපූරු අදහසක් පහළ විය. ඒ අනුව ඔහු බිරිය නිවසෙහි බැහැරව ගිය දිනක කොඩිවිනය සොයා මිදුලේ තිබූ විවිධ වර්ගවල මල් පඳුරෙන් පඳුර ගලවමින් වළවල් හාරා කොඩිවින බෝතලය සොයන්නට විය.

එහෙත් හමු වූ කොඩිවිනයක් නොවීය. හවස නිවෙසට පැමිණි බිරියට ස්වාමිපුරුෂයා කර ඇති වින්නැහිය දැක යකා නැග්ගේය.
මොකද මනුස්සයෝ මේ මම මහන්සියෙන් හිටවපු මල් පඳුරු ටික ගලවලා තියෙන්නේ යැයි ඇය කෝපයෙන් විමසූ විට ගෙහිමියා ඇත්ත කීවේය.

තමුසෙ කරල තියෙන කොඩිවිනය හොඳටම ඇතියි කියා බිරිය ඔහුට තවත් දොස් නැගුවාය.

කිසිවක් නොකි ගෙහිමියා ගලවා තිබූ මල් පඳුරු සියල්ල යළි තිබූ පරිදිම සිටුවා දමා දින ගණනක් තිස්සේ තවමත් ඒවාට වතුර දමමින් සාත්තු කරන්නේ මල් පඳුරු මැරුණොත් බිරිඳගෙන් විසුමක් නැති නිසාලූ.
 



අදහස් (0)

ගොඩගන්න ගිය කොඩිවිනය සැමියාටම කොඩිවිනයක් වෙලා

බන්දුල Tuesday, 01 October 2013 12:19 PM

ඔන්න එක දවසක් ඔහොම කොඩි විනයක් ගන්න කියලා යකදුරෙක් ගේනවලු. හැබැයි ඊට කලින් දා ඒ ගෙදර පැත්තෙ යකදුරාගේ ගෝලයෙක් ටිකක් රෑ බෝ වෙලා ඇවිත් කොඩි විනයක් වළලා ගියාලු. මේ මනුස්සයා මේක කරනවා කිතුල් ගහක හිටපුර මදින්නෙක් දැකලා තියෙනවා. පස්සේ ඒ මනුස්සයා ගහෙන් බැහලා කොඩි විනය අරගෙන විසි කරලා එතැනට අසුචි දමලා පෙර තිබුන විදියටම වහල ගියාලු. පහු වෙනිදා යකැදුරා ඔන්න කලින් දා කොඩි විනය වළලපු තැනට ගිහින් වැඩේ හරි බව දැන ගෙන ඇහුවලු මේක ගන්න ඕනේ අතින්ද කටින්ද කියලා. ඉතින් ගෙහිමියා මෙතැන තියෙන දෙය කලින් දැනුවත් වෙලා හිටපු නිසා කීවලු. අනේ දෙවියනේ කටින්ම ගන්න එහෙනම් කියලා. (ස)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 05:44 PM

අද ආවේ නැත්නම් පහන් මම ගහකට නගින්නයි උන්නේ. හපොයි !! ඇති යාන්තම් ඒකෙන් බේරුනා. (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 05:46 PM

සරත්, ඔයා අර කියලා තියෙන්නේ ඇත්තද? ඒ මිස් ඔයාගේ ගමේද ? (නි)

:       0       0

චන්දි Thursday, 03 October 2013 11:12 PM

නියමයි චන්ඩි

:       0       0

අසෝක Tuesday, 01 October 2013 12:43 PM

බන්දුලගේ කතාව මමත් දැක්කා. මම හිතන්නේ ඒකත් දෙයියෝ සාක්කි එකේම තමයි තිබුනේ. මේ මිනිහා නැති කොඩිවිනයක් දාගෙන කියලා මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 12:43 AM

වන්නි තිලක් ගේ කතා දෙකම හොදයි .සිදුර තියන අදිකොදුවකට නුලක් දාල කරකවද්දී ඔච්චර සද්ද්දේ එනවද.කෙසේ වෙතත් හොද කතා දෙකක් ලියලතියනවා ,මම කැමතියි ඔයාල ඉන්න රටවල් දැනගන්න,ඔක්කමල්ලා අදුනන අය වගේ ලියන්නේ. ලෝකේ මෙච්චර දියුණු කලේ ලංකාවේ මිනිස්සු තවමත් කොඩිවින විස්ස්වාස කරනවා ,කොවුර් මහතාගේ කතා කියවන කොට ඔය කොඩිවින සේරම බොරු කියල ඔප්පු වෙනවා

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 02 October 2013 12:42 PM

කොයි තරම් වැඩ තිබුනත් ඔයාලගේ කතා අහන්න මේ තීරයට ඇවිත් යන්න එන්නම හිතෙනවා. පෙත්තා, ඔයාගේ ඔය කියන මල කෝලන් ගම තියෙන්නේ කොහෙද? නිකම් අහන්නේ. (ස)

:       0       0

රූපවතී Saturday, 05 October 2013 11:14 AM

මධුක, එළු පැටියා අපේ කව්රු කියල හිතාගෙනද කියලා තියෙන්නේ. පුත්තලම් බුරුවා කියලා වයසවත් හිතුවද මම කියන්නේ දැන් හැදෙන උන් කිසි කමකට නැහැ ...?මගේ ඇගේ රෝම කූප ටික හිටි ගැස්සුනා ...? (නදී)

:       0       0

රූපවතී Wednesday, 02 October 2013 12:59 AM

චන්දි නංගි ඔයා ඔහොම කියනවා ..එහෙනම් මට සමහර අය ලංකාවට ගියාම මම කාන්තාවක් වෙලත් මගේ ගෙදර මිදුලේ හිටගෙන අප්පච්චි දිහා බලාගෙන ලැජ්ජා නැතුව කියනවනේ, රූපා කෝ?කියලා (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 05:54 PM

පහන් ,මම මේ රටට ආපු දවස්වල ඔහොම දෙයක් වුණා. මමත් කඩේට ගිහින් පියාඹනවා වගේ අත් දෙක ගහලා කුකුළු මස් පෙන්නුවා. ඒ මනුස්සයා මට ඕනෑ කරන දේ දුන්නා (හැබැයි එයා හිනාවුනේ නැතුවට අපි කෙල්ලෝ කොල්ලෝ එකතු වුනාම අදත් අපි හිනාවෙනවා) (නි)

:       0       0

රූපවතී Wednesday, 02 October 2013 01:45 AM

අනේ පෙරේරා මාමේ,මටත් කියලා දෙන්නකෝ ඒ ගොළුවා මස්කෙලියේ ගියහැටි . මම දන්නෙත් නැහැ (නි)

:       0       0

රූපවතී Wednesday, 02 October 2013 01:54 AM

දිසා මාමේ ,ඇස් පෙනෙනෙන් නැද්ද?මේ ළගින්ම ඉන්නේ මම .තියෙන නපුරුකම විතරක් ...? (නි)

:       0       0

විජේසිංහ Wednesday, 02 October 2013 12:59 PM

චන්ඩි අක්කේ මමත් දකුණේ, ඔය රත්නායකලා වගේ අයට තේරෙන්නේ නැහැ දකුණේ අගේ. දකුණේ ඉපදෙන්නත් පින් කරන්න ඕනා, ඔව් ඔය කොළඹ 7 ඉන්නෙත් දකුණෙන් ගිය උදවියම තමයි හොදේ!!(නදී)

:       0       0

රූපවතී Wednesday, 02 October 2013 02:04 AM

අනේ පහන්, ඔයාගේ කතානම් ලස්සනයි. එහෙනම් තවත් ලස්සන යකෙකුගේ කතාවක් කියන්නකෝ. මමත් ලංකාවට එනකොට, ඔයා කන්න කැමතිම දෙයක් ගේනවා (නි)

:       0       0

රත්නායක.නුවන් Tuesday, 01 October 2013 01:07 PM

දකුණේ අයගේ ජනප්‍රියම චිත්‍රපටිය " මේ දෑස මක්කටද? ". එයාලගේ ජනප්‍රියම ගීතය " ඔහේ ඔහේගේ පැලේ මම මගේ පැලේ .." , එයාලා දන්නවා ඇහක් විදිහට කනක් අඳින්න. අපි නම් කන්නේ දොඩන් නේ . නමුත් එයාලා කතා කරන කොටනේ දොඩන්නේ. (ස)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 12:59 AM

එන්න සසල වී -ගොස් නිදියන්න අර විලේ .. කන්නට හැකි දෙබරු පමණි ..කැත හිතට ඔබේ// (නි)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 07:04 PM

ඉන්දු නගෝ මෙල්බන් වල දැන් ඉන්න ... පන්දු නොදා ඒ මේ ඇත කැරකෙන්න... බින්දු බින්දු මල් වැස්සක සතුටින්න... අර ගමේ යන්න ආසයි නම් මෙහෙ එන්න .... (නි)

:       0       0

ලාල් Thursday, 03 October 2013 12:45 PM

ලොකුම කොඩිවිනය තමයි ඔය මනස්ගාත වලින් ඔළුගෙඩි පුරවාගෙන ඉන්න එක (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 03 October 2013 04:53 AM

පල ඇති රුකට තමා ගල් වදින්නේ මදුකා. වැරැද්ද තමා වැඩි වැඩියෙන් උගතුන් සහ දක්ෂයන් බිහිවීම. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 02 October 2013 04:50 AM

පහන්, ඔයාට තිබුනේ කතාව කියලා, ඇයි බනානා ගන්න යනකොට මහත්තයව එක්කගෙන ගියේ කියලා තේරවිල්ලක් වගේ අහන්න, බලන්න තිබුනා ලැබෙන උත්තර. (නි)

:       0       0

මධුක Friday, 04 October 2013 02:03 AM

දකුණේ මොන මොන සත්තු හිටියත් උන් දකුණෙනේ. ඒ නිසා උන් අපිට ලොකුයි.හැබැයි දකුණේ,දිසානායක වගේ පුත්තලම් බුරුවො අඩුය (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 03 October 2013 05:07 AM

පෙත්තා, පෙරේරා, බොහොම ස්තුතියි ලස්සන කවි වලට. අනේ මම කවි ලියන්න දන්නේ නැහැ. චන්දිට ලිව්වා නම් ලියයි ඕවට ලස්සන උත්තර කවි වලින්ම. (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:53 PM

හැබෑටම....තව මොනවද කළේ?බඩු ගන්න ගිහින්, මාළු ගන්න ගිහින්, ලුණු වතුරේ කිමිදුනේ නැද්ද?ප්‍රේම කරන්න ගිහින් මොකද කළේ? (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 05:31 AM

අනේ පල ඇති චන්ද්‍රා නෝනා, බලාගෙන, ගල් වඩියිද දන්නේ නැහැ (නි)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 06:55 PM

නරියෙකුත් කිව්වලු මිදී තිත්තයි...ගෑනු අන්තිම නරකයි කියලා... (නි)

:       0       0

වන්නි තිලක් Tuesday, 01 October 2013 06:57 PM

පුෂ්ප හරි ලස්සන කෙල්ල. පන්තියේ කොල්ලෝ තරගෙට ට්‍රයි. ඔන්න දවසක් පුෂ්පා අම්මාත් එක්ක බස් එකේ නැග්ගා. ඒකට පන්තියේ කොල්ලෙකුත් නැග්ගලු. ආ.. පුෂ්පා කොහෙද යන්නේ කියලා ලඟට ඇවිල්ලා සාක්කුවෙන් මොකක්ද අරන් පුෂ්පාගේ අතේ ගාන්න ගිහින්. ඒත් බස් එක හෙල්ලිලා ඒක අම්මගේ ඇඟේ ගැවිලා. දැන් අම්ම කොල්ල එක්කා බොහොම හිතවත්ව කතා කරනවලු කොල්ලා බයවෙලා. ඊළග තැනින් බැහැලා ගියාලු. හැබැයි පුෂ්පා මේක දැකලා. අම්මට කියලා නැහැ. පස්සේ පන්තියේ කෙල්ලන්ට කියලා. කොල්ලන්ටත් ආරංචි වුනා. කොල්ලා අස්වෙලා ගියා ලැජ්ජාව නිසා. (නි)

:       0       0

නිහාල් Tuesday, 01 October 2013 02:04 PM

රත්නායක, සිංහල භාෂාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.ඒවාට හිනා වෙන්න එපා. නුඹලා දකුණට තියෙන බයට එහෙම කියන බව අප දන්නවා... (ස)

:       0       0

පෙතා Wednesday, 02 October 2013 06:10 AM

පෙත්තා බත් කාවද කියල ඇහුවම -ඔව් මම බත් කාව කිනවා. පොල්සම්බල් කාල පෙත්ත - දනවා කීනව.// (නදී)

:       0       0

පෙරේරා Saturday, 05 October 2013 07:08 PM

රුප නංගියේ .චඃ ...ඇගේ රෝම කූප ටික හිටි ගැස්සුන පින්තුරේ දාන්නකෝ පත්තරේට...ඔහොම තරහා ගත්තොතින් ඉක්මනටම නාකි වේවි..අනේ අපොයි. (දී)

:       0       0

වන්නි තිලක් Tuesday, 01 October 2013 07:09 PM

ගොලුමහත්මයෙක් කොස්ගම යන්න බස් එකේ නැග්ගලු. ටිකට් ගන්න කිව්වම මිනිහා වටපිට බලනකොට කොස්ගහක් දැකලා ඒක පෙන්නුවලු. කොන්දොස්තර තේරුම් අරන් කොස්ගමට ටිකට් එකක් දුන්නලු. තව දවසක් මෙයට ඌරාපොල යන්න වෙලා. කට ඌරෙකුගේ වගේ හදලා පෙන්නලා. කොන්දොස්තර හිනාවෙලා ටිකට් ඒක දීලා. තව දවසක් පයාගල යන්න ගිහින් .....ගුටිකාලා බස්සලා. (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:16 PM

රූපවති අක්කේ, මම කිව්වේ රාජාංගනේ පැත්තේ එයාලා අක්කේ අම්මා කෝ කියලා නෙමෙයි ''කොයි'' කියලා අහන්නේ. තව වචන තියෙනවා. (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 05:56 AM

නායකවරුන් වැහි වැහලා පීනනවා.. බණ්ඩර සේනා, වන්නි ලා ඇත බස් පිරිලා... පරපුර බේරා ගන්නට අපි පාවා දීලා... ඔද තෙද බල නැතුව දුවනවා හති දමලා. (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 01 October 2013 02:40 PM

අන වින කොඩි වින, මේවා විශ්වාස කරන එක තමයි ලොකුම හෙනය... (ස)

:       0       0

ප්‍රියා Wednesday, 02 October 2013 06:42 AM

පෙරේරා මාමේ මස්කෙළිය ස්පාඤ්ඤයෙත් තියෙනවද? (නදී)

:       0       0

හේරත් Thursday, 03 October 2013 06:16 PM

"ඉන්නේ සුරතල් සත්තු" නලවන්න බැහැ. අන්න නලගනටත් 100 ගහලා. දකුණේ ඉන්නේ කට ඇති පුත්තු...රුව ඇති දුවලා...හිත ඇති පැටව්, උතුරේ කොටි.කොළඹ ගැරඩි ද කොහෙද... (නි)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 07:28 PM

අපේ පැත්තේ අම්මා, මමී, අම්මි .. තාත්තා ඩැඩී..පපී...(ගෙදර බල්ලත් පපී..)මමී ඩඩී...සිපී.....(අක්කා) අක්කි...(මල්ලි) මලා මළාම පෙට්ටියේ....මල කෝලන් මෙහෙ... (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 06:49 AM

වැරදුනා පුතේ ..ඒක කට් ඇන්ඩ් පේස්ට් කෑල්ලක්. අපි මෙහෙත් බස් වලින් බෝම දුර ගිහින් මස්කෙලියේ යනවා. (නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 01 October 2013 07:29 PM

රූපවති, චන්දි, බට්ටි, මගේ සූකිරි කෙල්ලනේ, මම නුඹලා සමග අමනාප නැහැ (නි)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 07:31 PM

වන්නි තිලක්, ඔයා ද අර කළුතර හරියේ පයින් ආපු එක්කෙනා? (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 October 2013 07:43 PM

"අපි කෙල්ලෝ කොල්ලෝ එකතු වුනාම අදත් අපි හිනාවෙනවා" බොරු කියන්න එපා. අපේ සීයත් ඔය කිට්ටුව ඉන්නේ. ඔයාලගේ වයසෙමයි. අර ගොළුවා මස්කෙළිය බස් එකේ ටිකට් ගත්ත හැටි අහලා තියෙනවද? (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 01 October 2013 07:46 PM

කවුරු වුණහම මොකද ඉතින් ලස්සන,තරුණ ගැහැනියෙක් නම් (නි)

:       0       0

ප්‍රියා Wednesday, 02 October 2013 07:46 AM

එකට කමක් නැහැ මාමේ. බස් වලින් යනවා කිව්වේ හන්ටින්ද ?(නදී)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 06:50 PM

"මෙන්න දකුණේ මිනිස්කම් ...හදවත්" මිනිස් සංහතියට විතරක් නෙමෙයි සුරතල් කුරුල්ලන්ටත් පුහුණු කරනවා. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 October 2013 07:58 AM

රත්නායක, දකුණට ගැරහුවා කියලා ඔයාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ නැහැ අනේ. දකුණේ අය කාටවත් ගරහන්නේ නැහැ. කා එක්කවත් තරඟයක් නැහැනේ.ඔබ වැනි උදවිය ගැන කුමක් කියන්නද? අඩු කලේ සෙලවේ. (නි)

:       0       0

වන්නි තිලක් Tuesday, 01 October 2013 08:04 PM

අනේ පෙරේරා මහත්තයෝ, ගොළුවා මස්කෙලි ගිය හැටි කියන්නකෝ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 09:01 PM

ඉන්දු නගා මෙල්බන් වල ඉඳන් සෙනේ - අතවනනවා මස්කෙලියේ යන්න අනේ - යන් දෝ නො යන් දෝ කියමින් වැඩෙයි සෙනේ ඉවසන් පපුව ඉවසන් අපි ඈත නොවේ...(දී)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 09:05 PM

අනේ කුමාරි හාමියෙ, ඒ ජෝඩුව මිස්ටර් ඇන්ඩ් මිසිස් බනානා ෆ්‍රොම් ෆ්‍රාන්ස් .මොකද නිකන් කලබොල වෙලා...බළලා එලියට පැන්නේ?(දී)

:       0       0

අමිල - බලන්ගොඩ Tuesday, 01 October 2013 03:27 PM

ෂුවර් එකටම මේක කරලා තියෙන්නේ රූප අක්කගේ මහත්තයා. ඒකනේ රූප අක්කා සද්දයක් නැතුව ඉන්නේ. නේද චන්දි??? (ස)

:       0       0

දුමින්ද Tuesday, 01 October 2013 03:29 PM

මේවා විශ්වාස කිරීමම කොඩි විනයක් බවට මෙම කතාව හොඳම උදාහරණයි.කපටි කට්ටඩියන්ට, කපුවන්ට විරාමයක් තැබිය යුතු කාලයි මෙය. (ස)

:       0       0

සකලබුජන් Wednesday, 02 October 2013 09:16 PM

මේකට මට හිනා?(දී)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 01 October 2013 03:42 PM

ඉන්දියානු තරුණියක් ස්පෙයින් ජාතික තරුණයෙකු හා විවාහ වී ස්පෙයින් වල පදිංචියට ගියාය .ඇය ස්පෙයින් භාෂාව නොදන්නා බැවින් බොහෝවිට හස්ත මුද්‍රාවෙන් කථා කලාය .උදාහරණයක් ලෙස කුකුල් කකුල් මිල දී ගැනීමට උවමනා වු විට වෙළද සැලට ගොස් ,තමාගේ කකුල පෙන්වා කුකුල් මස් දෙසට ඇගිල්ල දිගු කරයි .මාළු ඔලුවක් අවශ්‍ය විට තමාගේ ඔලුව පෙන්වා මාළුවා පෙන්වයි .දිනක් ඇයට බනානා මිලදී ගැනීමට අවශ්‍යවී සැමියාව වෙළදසැල වෙත රැගෙන ගියාය .ඒ ඇයි කියලා ඔයාලා දන්නවද ? ඒ සැමියාට ස්පෙයින් භාෂාව කතා කළ හැකි නිසාය. (ස)

:       0       0

කටා මාමා Wednesday, 02 October 2013 08:51 AM

එන්න මද නලේ.. ගොස් පවසන්න දුක මගේ... යන්නට හැකි ඔබට පමණි, සිර ගෙයට ඇගේ.... දිව රැයේ වැලපිලා, දෑස ඈගේ රතුවෙලා, කියන්නකෝ දුක මගේ ඇගේ කනට ලංවෙලා.... සුලගේ මා අසරණයි, මට ඇති වස්තුව ඇයයි, කීවොත් මගෙ දුක සදහට, ඔබට මා නයයි.... එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ......(නදී)

:       0       0

සකලබුජන් Wednesday, 02 October 2013 09:21 PM

පහන් ඔයා ගොඩ...කුමාරි අක්ක මඩ ගොඩේ ද කොහෙද අනාගෙන.(දී)

:       0       0

පෙරේරා Tuesday, 01 October 2013 08:31 PM

ගොළුවා ස්පාඤ්ඤ භාෂාව නොදන්නා බැවින් බොහෝවිට හස්ත මුද්‍රාවෙන් කථා කළේය.පළමුව අත උස්සා ගොලුවගේ බාහුවේ මස් ගොබය පෙන්නුවේය. ඉන්පසුව සෙල්ලම් කරන විලාශය දෑතින් රගපා පෙන්නුවලු. වම් අත දික්කර ඇඟිල්ලෙන් පෙන්නුවලු. (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 07:57 PM

"මගේ ළඟ ක්‍රම සහ විධි තියෙනවා." චන්ද්‍ර, බයවෙන්න එපා....ගැජට්ස් එහෙමත් තියෙනවා මා ළඟ (නි)

:       0       0

සරත් Wednesday, 02 October 2013 09:10 AM

පහන්, ඔයාගේ කතා එකතු කරලා පොතක් ලියන්න හිතුනා. ඉවර උනොත් එවන්නම්.ඔයා ලියන්න. (නදී)

:       0       0

අමර Tuesday, 01 October 2013 03:51 PM

මිනිස්සු හැමදේම විකුණන නිසා ගුරුකම් ශාස්ත්‍රයත් හැල්ලු වෙලා. ඒක යහපත් දේවල් වලට යොදා ගන්න පුළුවන් ගෞරවනීය ශාස්ත්‍රයක්. කොඩිවින නම් අනුමත කරන්න බැහැ. (ස)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 03:52 PM

අනේ දිසා මහත්තයෝ ඔයාට මාව කොඩි විනයක් වෙච්ච දාට තමයි..!! අර ඔයා අකමැති කට්ටියව මතක් වෙන්නේ (ඉන්නවාකෝ ටිකක් රෑ වෙනකල් නින්ද යන වෙලාවට මං එන්නම්කෝ කොන්ඩේ කඩන් මුහුණට දාගෙන දත් විලිස්සාගෙන හූ කියාගෙන .., ) (ස)

:       0       0

චන්දි Thursday, 03 October 2013 08:13 PM

උතුර දකුණ කියලා වෙන් කරනු එපා .., වයබ ,සබරගමු අයටත් දොසක් එපා .,සැම දෙන එක්ව ලක් මෑණිගේ වදිමු දෙපා.., පෙරටම යන්න එක්වෙමු දැන් සිනහ පපා ..!!(අ)!

:       0       0

රොහාන් Friday, 04 October 2013 09:52 AM

පවුලට විනකරන කොඩිවින කරන බෝතල් නම් ඕනෑතරම් තියෙනවා (නි)

:       0       0

මදුකා Wednesday, 02 October 2013 09:38 PM

දකුණට බනින්න තරම් මොකද්ද මනුස්සයෝ නුඹලාට අපේ මිනිස්සු කල වරද? පුදුම හතුරුකමක්...ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ සිංහල මිනිස්සු වචන උච්චාරණය කරන විධි විවිධයි...එක තේරුම් ගන්න බැරි සම හරක් අදහස් පල කරද්දී ඊට වඩා පුදුමයි.... කෙසේ වෙතත් මේ ලිපිය පල කල විදුහල්පතිතුමා ඉතමත් දක්ෂ අයෙක්.(දී)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 08:44 PM

විනයක් නැති එකා - කොඩිවිනයක්ය සැමටා - නමාලා දෙකටා - අල්ල දීපිය රීරි යකුටා..... (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 03:59 PM

රත්නායක නුවන් ,මහත්තයෝ ., දකුණ කීවට ඔක්කොම එක නැහැ. ඒවා ගමින් ගමට වෙනස් වෙනවා. කතා කරන වචන සහ විලාසය ,තාලය ,ඒවාට හිනාවෙන්න එපා මොකද අපි.. තුන් සිංහලයම නෑදෑයෝ...!! හොඳේ (මං දන්නා පලාතක් තියෙනවා එයාලා අහන්නේ..!! අක්කේ අම්ම කොයි ..!!.) අපට ඒවා නුහුරු වචන තමයි (ස)

:       0       0

පෙරේ‍රා Wednesday, 02 October 2013 09:33 AM

ප්‍රියා පුතේ හන්ටින් හරි ශුටින් හරි කමක් නෑ. හරස් ප්‍රශ්න නාහ නිදාගන්න හොඳ කොලුවා වගේ. (ස)

:       0       0

චන්දි Thursday, 03 October 2013 09:35 AM

එහෙනම් පෙත්තප්පුත් ''දකුණේ'' ආ..... (ස)

:       0       0

සරත් Wednesday, 02 October 2013 09:52 AM

ඔව් චන්දී සත්‍ය සිද්ධියක් අපේ ගමේ.එදා ඉඳලා දුව ගැන විශේෂයෙන් සොයා බැලුවා. (ස)

:       0       0

ක්‍රිස් Tuesday, 01 October 2013 09:24 PM

පයාගල නෙමෙයි හරි නම (නි)

:       0       0

‍ඩේවිඩ් Wednesday, 02 October 2013 10:21 AM

ඉන්දුගේ බනානා ලොජික් එකනම් මරේ මරු!!! (ස)

:       0       0

ආනන්ද Tuesday, 01 October 2013 04:38 PM

මේ වැඩේ කපුවට බාර දුන්නා නම් හැමෝටම හොරෙන් බෝතලයක් වළලලා තොවිලේ දවසට බෝතලේ ගොඩ දානවා.එතකොට ඉතින් කපුවත් ගොඩම තමා. ඉලක්කම් පහක් නේ. (ස)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 09:12 PM

සිනහ පපා...මගේ පපාගේ නම ඒක නෙවේ චන්දී නගෝ....

:       0       0

කුමාරිහාමි Wednesday, 02 October 2013 10:34 AM

බස හැසිරවීම පෙදෙසින් පෙදෙසට වෙනස් වීම සිංහල නොව සියලු භාෂාවන්ට අදාලය. ඒ බසට අදාල පාරිභාෂිත වචන තිබේ. ඒවා ගොලොසරි ලෙස ලබාගත හැක. එක වහරක් අනෙකට උසස් හෝ පහත් ලෙස සලකන්නේ කෙසේද? දකුනේ අය ඔසරි ඇන්දට උඩරට අය ඒවට විරුද්ධ නැහැ. ඒ වගේ බස ගැනත් හිතමු. . බසයක (නදී)

:       0       0

සරත් Tuesday, 01 October 2013 04:45 PM

මගේ දුව කුඩා අවධියේ කොළඹ පළාතේ පාසලක ඉගෙන ගන්න අතර දිනක් මගෙන් ඇහුවා "තාත්තේ අපේ මිස් පහලවට පාළහ කියන්නේ මොකද කියා ? මම දුවට කිව්වා මිස්ගෙන් අහන්න ගම අම්බලන්ගොඩද කියා . කාරණේ ඇත්ත මගේ පාසලෙන් සිප්සතර හැදෑරු ගුරුතුමියක්. (ස)

:       0       0

වන්නි තිලක් Wednesday, 02 October 2013 10:35 AM

රොෂාන් ප්‍රනාන්දු මහත්මයා. අපි පොඩි කාලේ සෙල්ලම් කලේ කඩෙන් ගත්ත සෙල්ලම් බඩු වලින් නොවෙයි. ඒ කාලේ අඟල් හයේ සහ අඩියේ ලී කෝදු තිබුනා. මේවා හරි උණ ලී පතුරකින් හදාගත් එවැනි එකකින් අපි මේ ක්‍රීඩා භාණ්ඩය හදා ගත්තා. කෙළවරකට වෙන්න සිදුරක් විදලා අඩි 3ක් විතර දිග ශක්තිමත් නූලක් සිදුරෙන් දාල ගැට ගහල නූලේ කෙළවරෙන් අල්ලලා වේගයෙන් කරකවනවා. ඉතා ගැඹුරු කොටියෙක් ගොරවනවා වගේ හඬක් එන්නේ. කරලා බලන්න. (නදී)

:       0       0

ඩේව්ඩ් Tuesday, 01 October 2013 10:11 AM

කොඩි වින ගැන දකුණ ප්‍රසිද්ධයි කියලා අපිත් අහලා තියෙනවා.ඉතින් දකුණේ ඉන්න හැමකෙනෙක්ම එහෙම අය නෙමෙයි නේද ? කෝ චන්දි?තරහ වෙන්න එපා හොඳද? සමහර ගෙවල්වලට කොඩිවින කරලා බොරුවට කියලා මිනිස්සු පණපිටින් මරන්න හදනවා.හිත ,ගත හයිය නම් මොන කොඩිවිනද? මනස දුර්වල වෙනකොට සාස්තර කාරයින්ගේ හොද්ද බොරවෙනවා (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 02 October 2013 05:00 PM

බනානා කියන්නේ කෙසෙල් නේද? කෙසෙල් ගන්නේ කුකුල්ලු වගේ කෑලි විදියට නොවෙයිනේ. මොකද අත දිගු කරලා කෙසෙල් පෙන්නලා ඉල්ලන්න බැරි? ඕකට සැමියා රැගෙන යන්න ඕනෑ නැහැ. පහන් මඩුගල්ලේ කතා රචකයෙකු ලෙස මෙවැනි අභව්‍ය කතා නොලියන්න. (නි)

:       0       0

සරත් Tuesday, 01 October 2013 04:45 PM

පහන්, දෙදෙනාම ඉන්දියන් උනානම්, බබානා කන්න වෙන්නෙම නැද්ද. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 01 October 2013 04:48 PM

සැමදාම බීමත්ව රෑ දෙගොඩ හරියේ ගෙදර එන සැමියාට පාඩමක් ඉගැන්වීමට සිතූ බිරිඳ කලුපාට ඇදගෙන ඔහු එන මඟට පැන්නාය ''.උඹ කවුද සැමියා'' ඇසීය .''යකෙක් "'බිරිඳ පැවසීය .උඹව සාදරයෙන් පිලිගන්නවා. උඹගේ සහෝදරීව තමයි මම බැඳලා ඉන්නේ'' (ස)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 10:31 PM

මදුකෝ මොකද වැහි නැතුවත් ගොරවන්නේ... ඔරවන රවන බැලුමට ඇයි ලතැවෙන්නේ... මොන යකු මොනවා කිව්වත් ඒ බඩගින්නේ... දකුණේ අපි තමයි කොතනත් බැබලෙන්නේ.... (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 01 October 2013 04:51 PM

සරත් ,චන්දි,හේරත් ,ඩේවිඩ් ,ඉන්දු ,ඇතුළු කට්ටිය මාව හොයලා තිබුනා .කාර්ය බහුලත්වය නිසා එන්න බැරිඋනා. (ස)

:       0       0

දිසානායක Wednesday, 02 October 2013 10:55 AM

වන්නිය ගේමට බැහැල නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩාගන්නේ කියාල.................

:       0       0

දිසානායක Wednesday, 02 October 2013 10:55 AM

වන්නිය ගේමට බැහැල නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩාගන්නේ කියාල................. (නදී)

:       0       0

දිසානායක Wednesday, 02 October 2013 10:55 AM

වන්නියා ගේමට බැහැලා නෙලනවා හතර වටේටම ...මම බලන් ඉන්නේ කොහෙන්ද මස් කෑල්ලක් කඩා ගන්නේ කියාලා.......... (ස)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 10:22 AM

කොඩිවින බෝතලය හොයා ගෙන නිදහස් නොවුනොත් අලි අමාරුව තමයි මාමේ. (නි)

:       0       0

‍ඩේවිඩ් Tuesday, 01 October 2013 05:00 PM

පහන්, ඔයාගේ කතාවේ අන්තිම හරියට එනකොට ,මට නිකන් බයක් බයක් වගේ හිතුනා.අපිව සිනා සාගරයේ ගිල්ලනවට හුඟක් පින් . (ස)

:       0       0

සරත් Wednesday, 02 October 2013 11:00 AM

වන්නි තිලක්, රොෂාන්ට ඕවා නො තේරුනාට එසැන ගොඩක් අය ඔය සද්දේ අත් විදපු අය බව නම් තේරෙනවා. අපේ කාලේ ගොඩක් සෙල්ලම් බඩු අපිමනේ හදා ගත්තේ. ඕක කරලා මම ගුටිත් කාලා තියෙනවා නංගිගෙ වැදිලා. (ස)

:       0       0

පාලිත Saturday, 05 October 2013 11:37 PM

අපි මීට පස්සේ ඒ නායකව පි.බි. කියලා සමරමු. (නි)

:       0       0

මධුක Saturday, 05 October 2013 11:40 PM

රූපවතී අක්කේ ,දැන් හැදෙන උන් කමකට නැහැ කියලා කියන්න බැහැ අක්කේ.හැම දේ අතින්ම දැන් හැදෙන පරම්පරාව දැන උගත් කියලයි මං හිතන්නේ.ඒකනේ අච්චර වයසට ගිය දිසා වගේ අයෙකුට මං එහෙම කිවුවේ. (නි)

:       0       0

රූපවතී Tuesday, 01 October 2013 05:08 PM

චන්දි නංගි, අපේ කුරුණෑගල අපිත් කතාකරනවා ගමේදී, 'අක්කේ අම්ම කෝ' කියලා. ඒක සාමාන්‍ය දෙයක් අපිට නම්. (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 10:37 AM

මදැයි., ඉඳලා ඉඳලා දෙයියෝ සාක්කියක් ආවා..!! අනේ කතෘතුමෝ දැන් මං ඉඳලා ඉවරයි ..!! බුදු සරතෝ.., මාව බේර ගනියෝ ...!!! (ස)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 10:43 AM

ඩේවිඩ් ., මං තරහා වෙන්නේ නැහැ ..! ඇත්ත ඒක තමයි..!! දකුණ කිවුවොත් ඔය මාතර,බෙලිඅත්ත වගේ පළාත් ඕවට ගොඩක් ප්‍රසිද්ධයි .. හැබැයි ඉතින් මේ මිනිහට මල් පැල ටික මැරුනොත් නම් ඉරමුදුන් දරහැවක් දාලත් බැරිවෙයි නෝනගෙන් බේරෙන්න (නැද්ද මං අහන්නේ ) (ස)

:       0       0

පාලිත Sunday, 06 October 2013 08:12 PM

කෝ බොල මේ පි.බි..(නදී)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 10:21 PM

පෙත්තා බත් කාවද !!(නදී)

:       0       0

දිසානායක Thursday, 03 October 2013 11:25 AM

එඑඑඑ ..දකුණේ ඔක්කොම ඉන්නේ සුරතල් සත්තු ..එකෙක් පෙත්තා..අනිකා චන්ද්‍රා...තව එකෙක් ගෙම්බා ...තවත් එකෙක් මදුකා ඔය මදුකා කියන්නේ හැව ඇරපු ගැරදින්ට ...හු..හු..හු...ඒ උනාට චන්දි හොඳයි... (ස)

:       0       0

වන්නි තිලක් Tuesday, 01 October 2013 05:21 PM

ඔන්න හැත්තෑව කාලේ දවසක් අපේ අහළ පහළ ගෙදරක කැපිල්ලක්. මම ඒ වෙනකොට කොවුර් මහත්මයාගේ දෙවියෝ සහ භූතයෝ එහෙමත් කියවලා යක්කු සතේකට ගණන් ගන්නේ නැහැ. මමත් ගියා බලන්න. ගියවෙලේ ඉඳලා මම බලා ඉන්නේ මුන්ගේ හොර අල්ලන්න. ඔන්න පිදේනි තටුව රවුමට පැදුරකින් වටකරලා තියෙනවා. කට්ටඩියා පොල් මලක් අරන් ගේ වටේ යනවා ගෝලයා පන්දමත් අරන් දුම්මල ගගහා යනවා. ඔහොම ගිහින් අර පැදුරෙන් වටකරපු එක ඇතුලට පොල්මල දාලා පිදේනි තට්ටුව අවුස්සලා ගියා. ටිකකින් මල් පැල ගාවට ඇවිත් මන්තර කියලා ගෝලයට කියනවා ගිහින් බලනවා පිදේනි තටුවේ මොකුත් ලකුණක් නැද්ද කියලා. ගෝලයා ගිහින් එබිලා බලලා කෑගහනවා මේ මේ ඇවිත් එහෙන් මෙහෙන් පහුරුගාලා බුක්ති විඳලා තියෙන්නේ කියලා. බලනකොට ඒකේ ටිකක් හැලිලා තියෙනවනේ. මම ගෙහිමියාට කිව්වා මේක බොරුවක් කට්ටඩිය පොල් මල දාලා ඇවිස්සුවා කියලා. ඔන්න ඊට පස්සේ මිනී වලේ ගිහින් ජපකරලා කපන්න ගියා. මට අපුරු අදහසක් ආවා. කෙලවරේ හිලක් තියෙන අඩිකෝදු පටියක් අහම්බෙන් දැකලයි මේ අදහස ආවේ. මේකට නුලක් ගෙන මම ගියා කන්ද උඩට. ගිහින් අහගෙන ඉඳලා හරියටම ජප කරද්දී නුලෙන් අල්ලලා වටේට කරකැව්වා. එතකොට මහා බියකුරු ශබ්දයක් එනවා. හැමෝම කලබල වුණා. කට්ටඩියා කියනවා හා ඔය එන්නේ ගොරෝගෙන කියලා. තව හයියෙන් මන්තර කියනවා. මම තව පාරක් සද්ද කළා. ඒ පාර ගෝලයා හොඳටම බය වුනා. මට එච්චර පැහැදිලි නැහැ. මගෙත් ගෝලයෙක් හිටියා. කට්ටඩි මහත්තයෝ, මේකෙන් කමක් නැහැ අපි යං කිව්වලු. පොඩ්ඩක් හිටපිය බලන්න මම තව මහා බලගතු එකක් මතුරන්නම් කියලා ඔන්න මතුරන්න පටන් ගත්තා විතරයි මම ආයෙත් සද්ද කළා. ඒ පාර නම් කට්ටඩියත් බයවුනාලු. බයවෙච්ච ගෝලයා බුදු අම්මෝ මගේ පන බේරපියෝ කියාගෙන දිව්වා මටත් පෙනුනා. පස්සේ ගෙදරට ආරක්ෂාවක් දාලා යන්නම්, පස්සේ දවසක හරියට කපන්න එන්නම් කියලා ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පලාතෙවත් ආවෙ නැහැ. (නි)

:       0       0

වන්නි තිලක් Tuesday, 01 October 2013 11:11 AM

ඔන්න යහළු යෙහෙලියනේ මම නමට මුලින් වන්නි කියලා දැම්මා. මොකද තව තිලක්ලා ඉන්නවනේ. ඉතින් ඒ යටත් අපේ සතුටු සමාජයේ ඉඩක් දෙන්න එපාය. මගෙත් කතාවක් තියෙනවා දැන් බැංකුවට යන්න තියෙනවා. පස්සේ ලියන්නම් හොඳේ! (ස)

:       0       0

රූපවතී Tuesday, 01 October 2013 05:21 PM

චන්දි නංගි දන්නා කෙනෙක් ඉන්නවා නම් .කියනන්කෝ.අර ලන්ඩන් ඉන්දු නැන්දයි , අපේ දිසා මාමායි දෙන්නට ඉනාවක් කරලා දෙන්න කියලා. දිසාගේ කොල්ලව ඉල්ලනවා ඉන්දු නැන්දා. කොල්ලා දෙන්න බැහැ, මම එන්නද අහනවා දිසා ... (නි)

:       0       0

සරත් Tuesday, 01 October 2013 05:22 PM

ඇත්තමයි පහන්, ඔයාගේ කතා නම් මරේ මරු.අපේ වෙහෙස නිවාලනවා ඔයා. (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 03 October 2013 11:35 AM

මම ඒවාට බය නැහැ. මගේ ළඟ ක්‍රම සහ විධි තියෙනවා.බැරිම උනොත් පෙත්තව ඉස්සරහට දානවා.මොකද කියන්නේ? (ස)

:       0       0

කුමාර Thursday, 03 October 2013 11:37 AM

අයියෝ සල්ලි

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 01 October 2013 05:24 PM

කවුද කිවුවනේ පහනයා වෙන කසාදයක් කරගත්තා කියලා.එන්නද ගිහින් බොරු කි කොල්ලන්ට තලා.. ඒ පාර රූපවති අතුරුදහන් (නි)

:       0       0

රූපවතී Tuesday, 01 October 2013 05:25 PM

පහන්, බොරු කියන්න එපා (නි)

:       0       0

දිසානායක Tuesday, 01 October 2013 11:39 AM

කතාව කියවන කොට මට හිතුන චන්දිත් කොඩිවිනයක් කියල ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 501 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 652 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1054 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9366 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 854 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 320 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1990 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site