IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත්

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා සජීවීව විකාශනය වූ අවුරුදු උත්සවයක වසර දෙකකට පෙර තම නිවෙසින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන සිටිනු දැකීමෙන් මවිතයට පත්ව එම උත්සවය පැවැත්වූ ස්ථානය බලා ගිය මවුපියන් පිළිබඳ අපූරු පුවතක් ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.
මේ දියණිය තරුණයකු හා පැන ගිය පුවත මෙයට වසර දෙකකට පෙර ප‍්‍රදේශය පුරා පැතිරී ගියත් ඇය සොයා ගැනීමට කිසිවකු සමත්වූයේ නැත.

මේ පිළිබඳව විමසූවිට නක්‍ෂත‍්‍රකරුවකු කියා තිබුණේ අවුරුදු කාලයක මේ පිළිබඳ හරි ආරංචියක් ලද හැකි බවකි.

පසුගියදා රූපවාහිනි සජීවී අවුරුදු උත්සවයක් නරඹද්දී මව දුටුවේ තම නැතිවූ දියණිය කුඩා දරුවකු වඩාගෙන සිටින බවයි. තම සැමියාට ද ඒ බව පෙන්වූ ඇය පසුවදාම උත්සවය පැවැති ඇඹිලිපිටිය ප‍්‍රදේශයට ගියත් ඒ වනවිට උත්සවය අවසන්ව පැවැති නිසා හරි ආරංචියක් ලබාගැනීමට අපහසුව ආපසු ආවාලූ.



අදහස් (0)

ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත්

සුදත් Sunday, 04 May 2014 01:31 AM

නිලුට කවුරුහරි ආදරෙයි කිවුවොත් දෙමාපියන් අකමැති කෙනෙක්? ඔයා බැහැ කියනවද දෙමවුපියෝ ගැන හිතලා? (නි)

:       0       0

පද්මේ Tuesday, 29 April 2014 11:41 AM

පුදුම ළමයිනේ. දෙමවුපියන් දුක් මහන්සියෙන් දරුවෝ හදනවා. ගෙදරින් ගිහින් අවුරුදු දෙකකින් වත් ඒ මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්නවා කියලවත් දන්වන්නේ නැහැ. හිතුමතේට දීග ගිය දුවේ... නුඹේ දුවත් හිතු මතේට දීග ගිය දිනේ.. පියාණනුත් මමත් එදා වින්ඳ දුක දැනේ.... (ස)

:       0       0

රියල් Friday, 02 May 2014 02:07 PM

සෝනා, ආදරය කරන එක වැරැද්දක් නෙවෙයි. ආදරය කරල ගොඩ දෙනෙක් රැවටෙනවා, රවට්ටනවා. මේක අපේ සමාජයට අලුත් දෙයක් නෙවෙයි. ඔබ කැමතිද ඔබේ දරුවත් මේ වගේ වෙනවට. (ස)

:       0       0

සෑම් Tuesday, 29 April 2014 01:05 PM

මීට වසර ගණනකට පෙර පෙම්වතියක් සුපුරුදු පරිදි වැඩට යන බව ගෙදරට පවසා පෙම්වතා සමග මෝටර් සයිකලෙන් නුවර ගිහින් එදා තිබුන ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් නරඹලා තිබුනා. ටී වී කැමරා කරුවෙකුගේ කැමරාවට අහම්බෙන් මේ ජෝඩුව අහුවෙලා, ඒක ප්‍රවෘත්ති වලින් කෙල්ලගේ දෙමව්පියන් දැකලා (දී)

:       0       0

කුමාරි Tuesday, 29 April 2014 12:36 PM

පද්මේ, ගොඩක් දෙමවුපියොත් දරුවෙකුගේ ප්‍රේම සම්බන්දයක් දැන ගත්තම විවිධ නීති දමනවා. සමහර අය අපරාද කරුවෙකුට වගේ දරුවන්ට සලකන්නේ. මේ දරුවා වසර 2ක් නොඑන්නම දෙමවුපියන්ගෙන් කොච්චර ඇත් වෙලාද කියල මට හිතෙනවා.[ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න මගේ සුදු දුවේ....] (දී)

:       0       0

ධම්මික Friday, 02 May 2014 02:15 PM

මේක ලංකාවනේ (අ)

:       0       0

දර්ශන Friday, 02 May 2014 03:02 PM

අනේ අනිච්චං (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 May 2014 09:19 PM

ළමයා දෙයියෝ දෙන්න ඇති. (නි)

:       0       0

පිටිගල Tuesday, 29 April 2014 09:49 PM

ළමයි ලොකු වෙන්නේ නැතිව අර හුරතල් චූටි කාලේම ඉන්නවා නම් කියලා මටත් හිතුන වාර අනන්තයි. එත් එහෙම වෙන්නේ නැහැ නෙව? දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිටින්නෙමි .............මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී.........මරණයේ දොරකඩට සපැමිණ සිටින්නෙමී......ලේ කිරි පොවමි දරුවන් දැක මියෙන්නෙමී.......... (දී)

:       0       0

චමී Tuesday, 29 April 2014 02:40 PM

දැන් කාලේ දරුවෝ නොසෑහෙන්න දෙමාපියන්ගෙ සිත් රිද්දනවා. (ස)

:       0       0

සහන් බණ්ඩාර Tuesday, 29 April 2014 03:00 PM

කුසට අහරක් නොගත්තෙමු අප නුඹව ඇති දැඩි කර හදන්නට.....දුකම විඳ සෙවූ 'සත්‍ය' යෙදුවෙත් නුඹේ ලෝකය ගොඩනගන්නට.....අපව හැරගොස් ලොවක් තැනුවත් දෑස පොපියයි නුඹ දකින්නට....දරුවගේ සුරතල් තුළින් වත් එන්නේ නැතිදෝ අපව මතකෙට....... (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 April 2014 02:00 PM

අඩුම තරමේ වදාපු දෙමාපියන්ව මතක් උනේ නැද්ද මෙයාට මෙච්චර කාලයක් ගෙවිලත්.අනික හේතු කාරණා නොදැන මොකුත් කියන්න බැහැ ඕවට. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 29 April 2014 02:36 PM

'කොරවක්කට ඇවිදින්න උගන්වන්න ඕනේ නැහැ' කියල කතාවක් සිංහල වහරේ තියෙන්නේ බොරුවට නෙවෙයි. (ස)

:       0       0

මොහාන් ප්‍රනාන්දු Friday, 02 May 2014 05:51 PM

කගෙ ආදරයද උසස් ?දුව බලන්නද මුණුපුර බලන්නද ගියේ ? (අ)

:       0       0

සරත් Tuesday, 29 April 2014 03:10 PM

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සවියෙ... ...... ....... අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ... (දී)

:       0       0

දුම්මලසූරිය Friday, 02 May 2014 06:24 PM

අවුරුදු උත්සවය විකාශනය වූ රුපවාහිනී නාලිකාවෙන් ඒ වීඩියෝ පටය ලබාගෙන අදාල ප්‍රදේශයේ පොලිසියේ නිලධාරීන් හමුවී සොයන පුද්ගලයාව ඔවුන්ට පෙන්නුවානම් ඇය පිළිබදව ආරංචියක් දැනගන්න තිබුනා..(නදී)

:       0       0

දනුෂ්ක Tuesday, 29 April 2014 03:27 PM

සාමාන්‍ය සිද්දියක් රටේ (දී)

:       0       0

විරාජ් පියුමාල් Monday, 05 May 2014 11:41 AM

දස මාසයක් කුස තුල හැදු අම්මා සහ ආදරණිය පියා අමතක කරලා ඉන්න දරුවෙකුට පුලුවන්ද ? (නදී)

:       0       0

සෝනා මැලේසියාව Thursday, 01 May 2014 01:20 PM

දරුවාටම දොස් කියන්න එපා.තාමත් අපේ රටේ කෙල්ලෙක් කොල්ලෙක් ආදරය කළොත් උන්ට සලකන්නේ ලෝකේ ලොකුම වැරැද්ද කළා වගේ.තරුණ ආදරේ තමයි ලෝකේ තියෙන සුන්දරම දේ. කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන එක හොඳ නෑ කියන සංකල්පය අපේ රටට කාගෙන් ආවද මන්දා .අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසක් නැහැ. ඒ නිසයි මේ අය‍ට දෙමව්පියෝ තිත්ත වෙලාම යන්නේ. මේ වගේ පුහු ආකල්ප ඉක්මනින්ම අපේ සමාජයෙන් ඈත් විය යුතුයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 April 2014 02:49 AM

දෙමවුපියෝ දැඩි තීරණ අරගෙන දරුවන්ට නීති පනවනවා. ගොඩක් දුරට අාදර සම්බන්ධතා වලදී. එහෙම කරන්නේ දරුවන්ට තියෙන ආදරයට කියා තේරුම් ගන්න දරුවන්ට බැහැ, එයාල ඉන්න සිහින ලෝකෙත් එක්ක. මෙතනත් මේ දුවව හොයාගෙන දෙමවුපියෝ ගියාට දුවට දෙමවුපියෝ උන්නද මළාද මතකයක් නැහැ වසර දෙකක් ගෙවිලත්. (නි)

:       0       0

ඉෂාරා Wednesday, 30 April 2014 03:35 AM

අද කාලේ ගොඩක් දරුවන් දෙමවුපියන්ට සළකන්නේ අම්මලා තාත්තාලා ගානට හිතලා නෙමෙයි (නි)

:       0       0

කළණි Wednesday, 30 April 2014 03:53 AM

කොච්චර වැරදි කළත් අම්මලාට දරුවෝ අතහරින්න බැහැ. දරුවෝ ලැබිලත් මේ දුව අම්මලා අමතක කරලා ඉන්න හැටි? (නි)

:       0       0

ධම්ම Tuesday, 29 April 2014 03:46 PM

දුව පැනලා ගියාම විමසලා තියෙන්නේ ග්‍රාම සේවකගෙන් හෝ පොලීසියෙන් නොවෙයි, නක්‍ෂත‍්‍රකරුවකුගෙන්. අංජනම් බල බල ඉන්නේ නැතිව දැන්වත් අදාළ ආයතන දැනුවත් කරන්න දුව සොයා ගන්න ඕනෑ නම්. (දී)

:       0       0

සමන්ති Wednesday, 30 April 2014 05:00 AM

"වරෙන් දුවේ ගෙදර" මේ පණිවුඩය පැනගිය හැමෝටම දෙමාපියන් විසින් දිය යුතුයි (නි)

:       0       0

හේමන්ත Tuesday, 29 April 2014 10:15 AM

දියණියගේ ෆොටෝ එකක් අරන් ගිහින් උත්සව පැවති ප්‍රදේශය ආසන්නයේම පොලීසියට දුන්නා නම් පහසුවෙන් සොයා ගන්න තිබුණා. (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 30 April 2014 06:57 AM

කොච්චර කිවුවත් අන්තිමට අංජනම හරි ගියානේ, අවුරුදු කාලෙක හමුවෙනවා කියලා. සමහරවිට කනා ෂොට් එකක්ද දන්නෙත් නැහැ. මොකද අවුරුදු කාලේ ඔහොම අයට දෙමවුපියන් මතක් වෙන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 21 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 46 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 501 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 612 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1067 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 897 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site