කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
තමන්ගේ ගෙදරම මිතුරන් හා මත්පැන් පානය කර සූර් වී ත්‍රිරෝද රථයකින් තමන්ගේ ගෙදරම සොයා ගිය පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා නගරයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය,
ඔහු සිය මිතුරන් සමඟ සතියකට කිහිප වතාවක් මත්පැන් සාද පැවැත්වීමට පුරුද්දක් කරගෙන සිටියෙකි. මෙම මිතුරන් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ නිවෙස්වල මත්පැන් සාද පවත්වන අතර මෙදින මෙම මිතුරාගේ නිවෙසේ සාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එදින ඔහුගේ බිරිය සිය මහගෙදර ගොස් පැමිණෙන්නේ සවස් යාමයේ බැවිනි.
ඔවුන් එදින සිය මත්පැන් සාදය ආරම්භ කර ඇති පදම් මත්පැන් පානය කර විනෝද වී ඔහුගේ නිවෙසින් පිටව ගොස් ඇත්තේ ඔහුගේ බිරිය පැමිණීමට නියමිත වෙලාව පැමිණි පසුවය.
ඔහු මිතුරන් ඇරලීම සඳහා නිවෙසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගොස් ඇති අතර මිතුරන් පිටව ගිය පසු සූර්පිට සිය නිවෙස වෙත යාමට ත්‍රිරෝද රථයකට ගොඩව ඇත්තේ සිය නිවස ආසන්නයේ සිටම කල්පනාව ගිලිහී ගොස් සිටි බැවිනි. ත්‍රිරෝද රථයට ගොඩවූ ඔහු “ඔහොම යමු මල්ලී” යයි පවසා ඇත්තේ ඔහු එදින මත්පැන් පානය කළේ මිතුරකුගේ නිවෙසේ බව සිතමිනි.
නිවෙසට ගිය මිතුරෙකු ඔහු අමතා ඇත්තේ අධික බීමතින් සිටි බැවින් ඔහුගේ තත්ත්වය පිරික්සීම සඳහාය. “අවුලක් නැහැ මචන් මම මේ ත්‍රීවීල් එකකින් ගෙදර යන ගමන්” යැයි පවසද්දී අන්දුන් කුන්දුන් වූ මිතුරා මචන් අද අපි පාටිය දැම්මේ උඹලාගේ ගෙදරනේ යැයි පවසද්දී වෙරි පිට තමන්ට එයත් අමතක වී ඇති බව පසක් වූ ඔහු යළිත් ත්‍රිරෝද රථය හරවා ගෙන ආපසු නිවෙසට ගොස් ඇත්තේ අධික දුරක් ගිය බැවින් ත්‍රිරෝද රථයට හොඳ මුදලක් ගෙවා දමමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෙදරම බීලා ඩෝප් වැඩිකමට ගේ හොයාගෙන ගිහින්