IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගෙදර ආතල් බස් එකේ ගන්න ගිහින් කුඩ පාරක්

දුර ගමන් යන බස් රථයක් වූ එය කුරුණෑගල-අනුරාධපුරය ධාවනය වන්නකි. සීට් ගානට මෙන්ම හිටගෙන යන මගීන්ද සිටි මෙහි ගමන් විඩාව නිවීම සඳහා ඉදිරිපස රූපවාහිනී යන්ත්‍රයක්ද විය. බොහෝ දෙනකු මෙය නැරැඹුවේ නැතත් කීප දෙනෙක් නැරැඹූහ. මේ අතර සිටි අවුරුදු විසිපහක පමණ තරුණයෙක් එය නරඹන්නට විය. ඔහු ළඟ වාඩිවී සිටියේ ජැන්ඩියට ඇඳගත් ලාබාල තරුණියකි. ඇය ඉදිරිපස ආසනයේ ඇන්ද උඩ යකඩ බාර් එකට හිස තබාගෙන සිටියේ අඩ නින්දකය.


රූපවාහිනියේ වූයේ වැඩිහිටියන්ට පමණක් වූ ඉංග්‍රීසි චිත්‍රපටියකි. අර තරුණයා ඉතාම උද් යෝගයෙන් සතුටින් එය නරඹන අතර නළු නිළි යුවළක් සිප වැළඳගන්නට වූයේ ඔහුගේ සිතුවිලි අවුස්සමිනි.


‘නියම සීන් එක මාරයි මාරයි. කියමින් ඔහු මිරිකන්නට වූයේ අසල සිටි කාන්තාවගේ කකුලය. බියවී අවදිවූ ඇය මේ මොකද යකෝ මේ මිනිහට පිස්සු හැදිලද’යි කියමින් අසුනින් නැගී තම කුඩයෙන් ඔහුට පහර දෙමින් ඉවතට ගියේ අන් අයද පුදුමයට පත් කරවමිනි. කොන්දොස්තර තැන ළඟට ආවේ වැඩේ බරපතළ වූ නිසාය. 


‘අනේ කොන්දොස්තර මහත්තයා වැරැදියට හිතන්න එපා. අර ටී වී එකේ නියම ආතල් සීන් එකක් ගියා ඒකයි ඒ අක්කට තරහ ගියේ. ගෙදරදිත් මම එහෙමයි. කුඩ පහරවලද වේදනා විඳිමින් ඔහු නිදහසට කරුණු කියන්නට වූයේය.


‘ගෙදරදී ගත්ත ආතල් බස් එකේ බෑ තේරුණාද? මේක දෙනෝ දාහක් යන එකක්. තමුසෙලට කුඩෙන් ගහල විතරක් මදි. ගහන්න ඕන දෙකේ හතරෙ පොල්ලකින්’ කොන්දොස්තරගේ ගෝරනාඩුව අතරින් තරුණයාට කර කියා ගත හැකි දෙයක් නැතිව ඊළඟ නැවතුමෙන් බැස ගියේ සියලු මගීන්ගේ සිනා හඬ උසුලු විසුලු අතරිනුයි.


කරුණාදාස සපුතන්ත්‍රි 
නිකදළුපොත

 



අදහස් (0)

ගෙදර ආතල් බස් එකේ ගන්න ගිහින් කුඩ පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 217 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 519 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 550 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 679 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 673 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1102 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site