(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ගෙට පැමිණි ආගන්තුකයා දියණිය ගැන පැවසූ වදනින් නිවැසියන් බඩ අල්ලාගෙන සිනාසුණ පුවතක් කුරුණෑගල බරන්දන අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
පවුලේ අය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
මෙම ප්‍රදේශයේ සිංහලයන් වෙසෙන නිවෙසකට පිටස්තර ප්‍රදේශයක සිට මුස්ලිම් ජාතිකයෙක් නිතර ආව ගියේය.
එම නිවැසියෝ මෙම තැනැත්තා “නානා” යන නාමයෙන් ඇමතූහ. ඔහු කුරුණෑගල නගරයට වෙළෙද ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණියහොත් මෙහි පැමිණීමටත්, ඇතැම් විට එහි නවාතැන් ගෙන යාමටත් අමතක නොකළේය. ඒ තරමට ම සමීප සම්බන්ධතා පැවැත්වූ මොහු රටේ පැවැති තත්ත්වය හමුවේ පසුගිය කාලය පුරාවට ව්‍යාපාර කටයුතු සඳහා නොපැමිණියේ ය. රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් ඉකුත් දා ඔහු අහම්බෙන් එම නිවෙසට පැමිණියේය.
“නානාට” නිවෙසේ අඩුපාඩුවක් පෙණුනි. එකවරම ඒ ගැන අසන්නේ නැතිව ඔහු තේ පානය කිරීමෙන් අනතුරුව නිවෙසේ ගෘහමූලිකයාගේ අඹුව හා කතාවට වැටුණේය. ඒ අතරවාරයේ ඔහු කොයි නෝනා දුව පේන්න නැද්ද විමසීය.
ඒ දෙස මොහොතක් බලා සිටි ඇය කටහඬ විවර කළාය. අනේ අපිටත් හොඳ කාලයක් ආවේ නෑ. තිබුණු අඩුපාඩු හමුවේ මඟුල් ගෙයක් ගත්තෙත් නෑ. දුව හදිසියේම “අලවලට” දුන්නා.
ගෙට එනවිටම නානාට දුව නැති අඩුව පෙනුණා වාගෙම අපිටත් දුව නැති පාළුව හැමදාම දැනෙනවා. ”උතුරා යන දරු සෙනෙහසේ නාමයෙන් ඇය කතාව කරනා අතරවාරයේ ඇයගේ නෙතින් කඳුළැලිද වැටුණි.
ඇය කතාව නවතා කඳුළැලි පිසිනා අතරවාරයේ “නානා” කතාව පටන් ගත්තේය. “චික් නෝනා දැන් අඬලා වැඩක් නෑනේ. අඩුපාඩුයි කියලා දුව අලවලට දුන්නේ මොකටද ? චික් චික් කරපු වැඩේ නම් හරිම කැතයි. මට කිව්වා නම් හාල් මැස්සන් ගෝනියක් හරි දීලා ඒකී මං අරන් යනවානේ. අපරාදේ හොඳ කෙල්ල” යනුවෙන් “නානා” ද වේදනාවෙන් යුතුව කියාගෙන කියාගෙන ගියේය.
එය ඇසුණු නිවෙසේ සිටි අනෙක් පිරිස එතැනට පැමිණියේ බඩ අල්ලාගෙන සිනාසෙමින්ය. අලවල යනු කෑමක් නොව ගමක් බව වටහා ගත් ආගන්තුක “නානා” ද තමන්ට වැරදුණු බවක් නොපෙන්නා දුරකතන සංවාදයක යෙදෙන මුවාවෙන්ම කිසිත් නොකියාම එතැනින් නික්ම ගොස් ඇත්තේ වෙනදා ගිහින් එන්නම් කියා හිස නමා ආචාර කරනා සියලු සිරිත් විරිත් ද අමතක කරමින්ලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෙදර ආ ‘නානා’ට අලයි හාල්මැස්සොයි පැටලිලා
වීරවිජේ Saturday, 05 February 2022 08:18 AM
දැක්කා නේද මොකටද බඩගෑවෙ කියලා...? දෙමාපියන් කවුරු කවුරුත් විශ්වාස කරන්න නරකයි..