බෙන්තොට-ජේ. ඉඳුරුවගේ
නිවෙසේ කූඩුවක ඇති දැඩි කරන බලු සුරතලා එළි පෙහෙළියට ගෙන යන මුවාවෙන් මුහුදු වෙරළේ අඩ නිරුවතින් අව් රශ්මිය විඳිමින් සිටින විදේශික කාන්තාවන් නැරඹීමට ඇබ්බැහි වී සිටි වයස්ගත ස්වාමිපුරුෂයකුට සිය බිරිඳ ප්‍රසිද්ධියේම එල්ල කළ වාග් ප්‍රහාරයක් ගැන පසුගියදා දකුණේ සංචාරක පුරවරයකින් අසන්නට ලැබිණි.
ඔහුගේ වයස අවුරුදු 70 ට ළංවී තිබිණි. සිය බිරිඳ සමග නිවසේ කල් ගෙවන ඔවුන්ගේ තනි නොතනියට සිටියේ බලු සුරතලෙකි. කූඩුවක දමා ඇති කරන මේ සුරතලාගේ ශරීර කෘත්‍ය ඉටුකිරීමට යැයි කියා ඔහු ඌ දම්වැලකින් බැඳගෙන නිවෙසට නුදුරින් පිහිටි මුහුදු වෙරළ තීරයට උදේ වරුවේ රැගෙන යාම පුරුද්දක් කර ගෙන සිටියේය.
එසේ ගොස් ඇතැම් දිනවල ඉක්මනින්ද ඇතැම් දිනවල ප්‍රමාදවීද ආපසු නිවෙසට පැමිණීම ඔහුගේ පුරුද්දකි. ප්‍රමාදයට හේතු විමසූ බිරිඳ ට ඔහු පැවසුවේ වෙරළේ විදේශිකයන් බහුලව සිටින දවසට බල්ලා ආපසු රැගෙන ඒම තරමක් අපහසු බැවින් ප්‍රමාදවන බවයි.
එදින ඔහු වෙනදාට වඩා බොහෝ ප්‍රමාද විය. මේ නිසා බිරිඳ වෙරළට ගොස් ඔහු ගැන සොයා බැලුවාය. එවිට ඇය දුටුවේ බල්ලාද සමග ඔහු වෙරළේ වැතිර හිරු රශ්මිය විඳින විදේශීය කතුන් නරඹමින් හෙමින් හෙමින් ගමන් කරමින් හා නතර වෙමින් සිටින අයුරුයි.
වහ වහා ඔහු අසලට ගිය බිරිඳ “තමුසේ බල්ල ඇපයට තියාගෙන මේ සුද්දියන් බලන්න නේද මේ එන්නේ ..? සුද්දියන් අඩු දවසට ඉක්මනින් එනවා. සුද්දියන් වැඩි දවසට පරක්කු වෙනවා නේද..? තමුසෙගෙ වැඩ නිසා මේ බල්ලත් නරක් වෙනවා යැයි කියමින් ඔහුට බැණ වැදුණේ අහල පහළ සිටි අයද සිනහ ගන්වමිනි.
තවත් බොහෝ දේ ප්‍රකාශ කළ ඇය ඔහුත් ඇදගෙන වහ වහා නිවෙසට යද්දී එදිනෙන් පසු ඔහුට බලු සුරතලා සමග වෙරළට ඒම ද තහනම් කෙරිණි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෙදර බලලත් ඇදගෙන වෙරළට ගහින් සුද්දියන්ගේ සිරි නරඹලා
Amila Friday, 10 November 2023 06:14 AM
ඕක තමා ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ මානසිකත්වය. වයසට ගියාම අඩුම ගානේ ඇවිදලා වත් ව්‍යායාම කරන්නේ නැතිව පන්සලට යන්න ඕනේ කියලා තමයි අනිත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ...!
G. K. Ekanayake Friday, 10 November 2023 08:00 AM
මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.