IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


ගෑනු ගැටේට හොල්මන අහුවෙලා

තරුණ ගැමි කාන්තාවක තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා වෙන්නට ගිය අපරාධයක් වැළකී ගියා පමණක් නොව පිරිමින් නොමැති නිවාසවලට රාත‍්‍රි කාලයට ජනෙල් වලින් එබිකම් කරන එතෙක් ප‍්‍රදේශයේ විවිධ අපරාධ කරමින් හැංගිමුත්තං කළ පුද්ගලයා කවුදැයි  හඳුනා ගැනීමටත් ගැමියන්ට හැකි වූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය. 
ග‍්‍රාමීය පවුලකි. මෙම පවුලේ ගෘහ මූලිකයා කොළඹ ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කරන 35 හැවිරිදි අයකි. ඇය 32 හැවිරිදි දෙදරු මවකි. දිනක් මේ නිවැසියන් නිවසේ නොමැති අවස්ථාවක කිසියම් අයෙකු රාත‍්‍රි කාලයේ නිවසේ උළු ඉවත් කර වහලයෙන් බැස නිවසේ තිබු වටිනා දේපළ සොරකම් කරගෙන ගොස් තිබුණි. 
පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් නොවුණේ ඔවුන්ට සැකකරුවකු හඳුනා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.
මෙදින පෙර පරිදි දරුවන් දෙදෙනා සමඟ රාත‍්‍රි ආහාරය ගෙන ඇය නිදාගෙන ගත වූයේ පැය දෙක තුනක පමණ කාලයකි. ඇය නින්දෙන් අවදිවූයේ නිවසේ වහලයට කිසියම් අයකු හෝ සතකු ගොඩවූ ශබ්දයටය. ඒ ශබ්දයට බියක් දැනුනත් ඇය විමසීමෙන් සිටියේ මේ කවුරුන්දැයි කුමකට පැමිණියේ ද යන්නත් දැන ගැනීමට ඇති කැමැත්ත නිසාවෙනි.


පෙර දිනක මෙන් සොරෙකු පැමිණ ඇති බව ද ඇයට වැටහුනි. ගත වූයේ තවත් විනාඩියකි. වහලයේ මුදුන් උළු  කැටය ගැලවෙන හඬ ඇසුණා පමණි. ඒ සමඟම නිවසේ ඇතුළත මෙන්ම පිටත ද විදුලි බුබුළු දල්වනු ලැබීය. ඇයගේ මුව විවර විය.” ආ අයියා ඔයා මොකද වහලයේ කරන්නේ. ඔයා කවුද කියලාත් ඔයාගේ ඔය වැඩේත් අපිට සී.සී.ටී.වි. කැමරාවෙන් හොඳට පෙනෙනවා. ඔයා වහලයෙන් බැහැලා ඉස්සර දොරෙන් එන්න කියලා මහත්තයා කියනවා.” එම ප‍්‍රකාශය ඇගේ මුවින් පිටවෙනවාත් සමඟම වහලයේ සිටි අය එම වැඩේ වහා නවත්වා වහල මතින් දිව යන අයුරුත් වහලයෙන් දඩිස් ගා ශබ්දයෙන් බිමට පැන දිව යන අයුරුත් ඇයට ඇසුණි. 
පසු දින පෙරවරුවේ අවදි වූ ඇය පෙරදින රාත‍්‍රියේ නිවසට පැමිණියේ කවුරුන්දැයි විමසා බැලීමට නිවසේ පිටුපස කොටසට ගොස් පරීක්ෂා කිරිමේදී පිරිමි පුද්ගලයකුගේ රබර් සෙරෙප්පු දෙකක් දැක ගන්නට ලැබුණු හෙයින් එම සෙරෙප්පු දෙක ලී කෝටුවක ආධාරයෙන් ගෙන එය රැගෙන ගොස් ගමේ තේ කඩය ඉදිරියේ පිහිටි අඹ ගසේ ලණුවක ගැට ගසා එල්ලා තැබුවේ අයිතිකාරයකු ඉන්නවා නම් මෙය අරගෙන යන්න කියා පුංචි දැන්වීමක් ද ප‍්‍රදර්ශනයට තබමිනි. 
එම දැන්වීමෙන් පසුව සෙරෙප්පු දෙකේ අයිතිකරු සහ මෙතෙක් ගමේ ගෙවල්වලට හොල්මන් කළ පුද්ගලයා හඳුනා ගැනීමට ගැමියන්ට හැකි වූ අතර දින දෙකකින් පසු එම පුද්ගලයා ගමෙන් අතුරුදන් වී ඇති බවට ද තොරතුරු වාර්තා වූ බව ගම්වාසිහු පවසති. 

 හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

ගෑනු ගැටේට හොල්මන අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

කිරිබෝතලෙන් තිත්ත පැටවු මතුවෙලා ජංජාලයක්
2025 ජනවාරි මස 07 476 0

හෙතෙම කයිරාටිකයෙකි. මැදි වයසේ පසුවන ඔහුගේ රැකියාව එළකිරි අලෙවි කිරීමයි. තම මව සමඟ නිවසේ වාසය කරන ඔහු අවිවාහක​ෙයකි. මවට හොරා වැඩි කිරි ප්‍රමාණයක් වෙළඳප


ලියුම් කැබැල්ලෙන් ඉහමොළ රත්වෙලා
2025 ජනවාරි මස 06 1401 1

ඇය විවාහ වී සිටියේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පුද්ගලයෙකු සමගය. ඇයට සහ ඔහුට දාව දරුවන් දෙදෙනෙකි. නිවසද යන්තම් අටවා ගත් එකකි. මේ වැඩේ හරියන්නේ නැහැ මම ර


ගෑනු ගැටේට හොල්මන අහුවෙලා
2025 ජනවාරි මස 04 692 0

තරුණ ගැමි කාන්තාවක තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා වෙන්නට ගිය අපරාධයක් වැළකී ගියා පමණක් නොව පිරිමින් නොමැති නිවාසවලට රාත‍්‍රි කාලයට ජනෙල් වලින්


නයි මිරිස් කතාවෙන් ඉහ මොළ රත්වෙයි
2025 ජනවාරි මස 04 465 0

කන්ද උඩරට ගම්මානයකි. එකී පළාතේ අඹුසැමි යුවළක් තනිව ජීවත්වන්නේ සිය එකම පුතා රජයේ කන්තෝරුවක සේවය කරන හේතුවෙන්ය.


පුරසාරම් ඇද බාන්න ගිහින් රෙදි ගලෝගෙන
2025 ජනවාරි මස 04 253 0

වසර අවසානයේ මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන්නට සැලසුම් කර එම සාදය තමන්ගේ සහෝදරයකු වන මිතුරෙකු වන රජයේ ඉහළ පෙළේ තනතුරක් දරණ නිලධාරියකුට අයත


මරණෙට නෑවිත් මරණ සහතිකේ ඉල්ලලා
2025 ජනවාරි මස 04 234 0

මෙය සබරගමුව පළාතේ සිදුවු අනුවේදනීය කතා පුවතකි. ඇයට සහ ඔහුට දාව දරුවන් එකොළොස් දෙනෙකි. කාලය ගෙවෙමින් ගියේය. දරුවෝ ලොකු මහත්වී විවිධ රැකියාවලට ගිය අතර ඒ ඒ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 469 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 231 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site