IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගෑනු මායමකට අහුවී ගෑස් සිලින්ඩරයක් නොමිලේම ගෙට ඇවිත්

මාවරල පී.එස්. මද්දුමගේ.
යොවුන් වියේ මැදියමට පැමිණ ඇති ඇය විවාහක එක්දරු මවකි. ස්වාමියා අසල්වැසි ගමේ තේ කම්හලක, අමුතේ දලු ප්‍රවාහනය කරන  ට්‍රක් රථ රියැදුරෙකි.


දිනපතා සේවයට යන ස්වාමි පුරුෂයාට බරක් නොවන ලෙස, නිවසේ අවශ්‍යතාව සපයා ගැනීමට  ඇය නිතරම උනන්දුවෙන් කටයුතු කළාය. කඩපිලට ගොස්  ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම, දරුවාට අවශ්‍ය දේ රැගෙන ඒමට වෙළෙඳසල් වෙත යාම ඇගේ  ජීවිතයේ සාමාන්‍ය කටයුතු විය. තම මව නිවෙසේ සිටීම නිසා මෙම කටයුතු කරගැනීමේ දී  දරුවා බලා ගැනීමට මව සමත්වීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.


නිවසේ උයන පිහන කටයුතු සඳහා ගෑස් සොයා ගැනීමට දින කීපයක්ම නගරයේ තෙල් පිරවුම් හලේ ගෑස් වෙළෙඳසලට ගියද ගෑස් ලැබීම දිනෙන්දින කල් යාම නිසා ඇයට දින කීපයක්ම ඒ වෙළෙඳසල වෙත යාමට සිදු විය.


 ඇහැට කනට පෙනෙන  රූබර රූ සපුවකින් යුත් ඇය ගැන ගෑස් වෙළඳසලේ තරුණයෙක් බැල්ම හෙළමින් සිටියේය. දින ගණනක් වෙළෙඳ සලට පැමිණි ඇය සමග ඉතා කුළුපගව කතා කිරීමට අවස්ථාව ලබාගත් ඔහු ප්‍රේමනීය බැල්මකින් ඇය ඇමතුවාය. 


‘ඔයා කොහේ ඉඳලද එන්නෙ?  ගෑස් නම් අද හෙට එන එකක් නෑ  ගෑස් ආවම මම ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනත් දෙන්නම්. ගෙදර තියන තැන ඇඩ්‍රස් එකත් ටෙලිෆෝන් අංකයත් මට දෙන්න’,  යැයි පැවැසීය.  තරුණ මවද මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සිතා  මායම්කාරී ලෙස  ඔමරි හිනාවකින් තරුණයාට සංග්‍රහ කර කට හඬ අවදි කළාය. ‘අනේ ලොකු උදව්වක්. මෙන්න සල්ලි. මට ගෑස් සිලින්ඩරයක් ගේන්න අවශ්‍ය නෑ අරන් තියල මට කෝල් එකක් දෙන්න’ යැයි පවසා දුරකතන අංකය  තරුණයාට දුන්නාය.


තරුණයාද  තම අදහස මල්ඵලගැන්වෙන බව සිතා, පස්වනක් ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවකු මෙන්, දුරකථන අංකය සමග ගෙදර ලිපිනයද ඉල්ලා  ගත්තේය. 


“ඔයා සල්ලි අරන් යන්න..... ගෑස් එක  මම ගෙදරට ගෙනත් දෙන්නම්. ඒ ගෙනාවම සල්ලි ගන්න බැරියැ. කරදරයක් නෑ නේද මම ආවාට. කවුරු ගෙදර ඉන්නෙ? 


තරුණයාගේ හැසිරීම් රටාව තේරුම් ගත් තරුණ මව තරුණයා වසඟයට ගැනීමට මෙන් සිනාවකින්ද සංග්‍රහ කර නිවස බලා පිටත් වූවාය.
පසු දින  තරුණයා  තරුණ මව දුන් දුරකතන අංකයට  ඇමැතුමක් ගෙන   කතාකරමින්  හෙට දින ගෑස් එන බවත්  ගෑස් සිලින්ඩරය අරගෙන  නිවසට  හෙට දහවල් පැමිණෙන බවත් පවසමින් ටික වේලාවක්  අල්ලාප සල්ලාප කතාවේ  යෙදුණේය. තරුණ මවද  කතාව මඟහරින්නට  නොගොස්  කතාබහට එකඟතාවක් දක්වමින් කතා කළාය.
ඇය ඊට සුහද ලෙස ප්‍රතිචාර දැක්වූවේ නිවසේ තමන් සහ දරුවාත් තම මවත් පමණක්  සිටින බවත් ස්වාමි පුරුෂයා දහවල් කාලයේ නිවසේ නැති බවත් සඳහන් කරමිනි.


එදින ස්වාමි පුරුෂයා  නිවෙසට පැමිණි විට ඇය සිද්ධිය විස්තර කර කීවාය. කපටි පුද්ගලයකු වූ ඔහු බිරිඳට හොඳ උපායක් යෝජනා කළේය.


ගෑස් වෙළෙඳ සලේ තරුණයා පැවැසූ අන්දමට ගෑස් සිලින්ඩරයද රැගෙන යතුරු පැදියකින්  තරුණ මවගේ නිවෙසට පැමිණියාය. තම මවද අසල නිවෙසකට පිටත් කර යැවූ තරුණ මවගේ දරුවාද ඇකයේ රුවාගෙන තරුණයා  ගෙතුළට කැඳවා හිඳගන්නට කීවාය.

තරුණයා හිඳගත්තා පමණි, සැමියා “මේ කව්ද? මොකටද ආවෙ. උඹ මම නැති වෙලාවෙ කරන සෙල්ලම් මට අද අතටම අසුවුණා. මම  මෝඩයට අන්දවන්න හැදුව නේද?” කියා යක්ෂාවේෂ වූවෙකු මෙන්  බිරිඳට බැන වදින්නට වූවේය. සිද්ධියෙන් අන්ද මන්ද වූ තරුණයාට දෙවියන් සිහි විය. ලද ඉඩකඩින් නිවසෙන් එළියට පැනගත් ඔහු යතුරු පැදියට නැගී වේගයෙන්  පැන ගියේය.


“ගෑස් සිලින්ඩරයේ සල්ලි ටික මට දෙන්න. රට අමාරු කාලෙ  නොමිලේම ගෑස් ගෙදරට ගෙන්නගත්ත මගේ මොළේ කොහොමද?” යැයි අසමින් ඇය ආඩම්බර සිනාවක් පළ කළාය.
          



අදහස් (4)

ගෑනු මායමකට අහුවී ගෑස් සිලින්ඩරයක් නොමිලේම ගෙට ඇවිත්

fairoos Wednesday, 22 June 2022 02:49 PM

හනේ හනේ මෙහෙම මිනිස්සු... නියම පවුලක්...

:       1       10

ගෑස්කඩේ කොල්ලා Wednesday, 22 June 2022 06:52 PM

මේක ලීක් නොකර හිටියා නම් ඉවරයිනේ. දැන් ඉතිං මට පළිගැනීමේ චේතනාව ආවානේ. ලස්සන පවුලක් නැතිවෙයි. මේවගේ ඇත්ත කතා මෙහෙම දාන එක නං හරි නෑ හොඳේ...!

:       1       7

rangana Wednesday, 22 June 2022 08:03 PM

අශීලාචාර කන්තාවකුයි, නිවට පිරිමියෙකුයි එකට පවුල් කන අවස්ථාවක්...!

:       4       13

Bamunu Wednesday, 22 June 2022 08:30 PM

ශ්‍රී ලංකාවේ කියන දූපත්වාසී රටේ ඉන්න ගොබ්බ කොල්ලන්ට නියම වැඩේ. නියමයි...

:       2       7

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 100 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 781 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 785 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1140 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9463 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 874 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site