මොරගොල්ලාගම - සිසිර කැලේගම
අන්සතු කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැමියා ගැන සැක සිතූ බිරිය සැමියා අතරේ අඬදබර කර ගත් පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු විවාහකයෙකි. රාජ්‍ය සේවයේ නියැලෙන අයෙකි. බිරිය ගෘහනියකි. අධ්‍යාපනය හදාරන වයසේ පසුවෙන දියණියක් හා පුතෙක් ඔවුනට සිටිති.
සැමියා ආයතනයේ රියැදුරකු ලෙසට සේවය කරන නිසා ඔහුට රට වටා යාමට සිදුවෙන අවස්ථා එමටය. ඒ එම ආයතනයේ වගකිවයුතු නිලධාරින් කැටුවය.
එලෙස සේවයට යන ඔහු දින කිහිපයක් යනතුරා නිවසට නොපැමිණෙන අවස්ථාද ඇත. මේ නිසා සැමියාගේ දුක සැප නිවසේ පසුවෙන බිරිය දුරකථනයෙන් විමසයි.
එවිට රියැදුරු සේවයේ යෙදෙන ඔහු කාන්තාවක සමග ගමන් ගන්නා අයුරු දුරකථන සංවාදයක සිටින බිරියට වැටහෙන අවස්ථාද ඇත.
ඒ කවුදැයි කියා ඇය විමසුවත් “ඒ අපේ සර්” යනුවෙන් ඔහු පවසන නමුත් ඊට වඩා යමක් ඔහු පවසන්නේද නැත. මේ නිසා ඇය ඒ සම්බන්ධව දෙගිඩියාවෙන් යුතුව පසුවූවාය.
ඔහු සති අන්තයේ සේවය නිමවා නිවසට එන ගමනේදී තැබෑරුම අසල නැවතුණේය. ඔහු පදම ඉක්මවා පමාවී නිවසට ගොඩ වැදුණි. මේ තත්වය හමුවේ බිරිය වෙනදා මෙන් ළෙන්ගතුභාවයක් නැත. එහෙත් ඒ ගැන ඔහු විපරම් කෙරුවේ ද නැත.
පසු දින උදේම ඔහුගේ දුරකථනය නාදය විය. ඔහු ඊට පිළිතුරු දෙන්නට නිවසේ සිට පිටතට ගියේය. ඒ නිවසට පැහැදිලි ලෙසට දුරකථන සංඥා නොමැති නිසාය.
ඒ ගැන වැටහීමක් නැති බිරිය ද ඔහු පවසන්නේ කුමක්දැයි ඇසීමට ඔහුට හොරා පිටුපස්සෙන් පියමැන්නාය.
සැමියා ඇයට කම්මුල් පහරක් ගැසුවේය. අනුන්ගේ සංවාද ඇසීම හොඳ පුරුද්දක් නොවන බව පවසා ගෙට යන ලෙසට අතින් සංඥා කෙරුවේය.
බිරියගේ සැකය සැබෑවක් බවට ඉස්මතු විය.
පහර කෑ ඇය ගෙට දිව ගියාය. කාමරයට වැදී විලාප දෙන්නට පටන් ගත්තාය.
යාබද නිවසේ වෙනම පදිංචිව සිටින ඔහුගේ මව හා පිය ඇය විලාප දෙන්නේ ඇයි දැයි අසන්නට ළඟා වූහ.
“මෙයා වෙන ගැහැනියක් එක්ක සම්බන්ධයක් පවත්වනවා. දින ගණනාවක් තිස්සේම මම මේක කාටවත් කියන්නේ නැතිව සඟවාගෙන හිටියා. ඇයි මට මෙහෙම කරන්නේ.” ඇය නගනා විලාපයේ තොරතෝංචියක් නැත.
ඔහුගේ සංවාදය තවම නිමා වී නැත. එය නිමවෙන තුරා එම දෙපල ද පුතු එන තුරා බලා සිටිති.
එය නිම වූ සැණින් ඔවුහු පුතාගේ ඇඟට කඩා පැන්නෝය.
“යකෝ ගැහැනියක් අරගෙන දරු මල්ලන් ලැබුණාට පස්සේද ගත්තු එකී හොඳ නෑ කියලා පේන්නේ. දැන් ඒකී දාලා වෙන එකියක් එක්ක කරක් ගහනවා කියන්නේ” ඔවුහු, පුතුට නෝක්කාඩු කියමින් දෙහි කපති.
කිසිවක් වැටහෙන්නේ නැති ඔහු මවුපියන් පවසන්නේ කුමක්ද කියා අසා දැන ගත්තේය.
තිදෙනාම ගෙට වැදුණාහ. ඒ වනවිටත් බිරිය තවමත් කාමරයේ පෙරළී විලාප දෙනවාය.
බිරියට තවත් පහරක් ගැසු ඔහු සැකයට බඳුන් වූ කරුණු වටහා ගත්තේය.
ඔන්න තාත්තේ, මම එයාට කතා කරනවා. ඔයාලා අහගෙන ඉන්න.
ඔහු දුරකථන ඇමතුමක් ගත්තේය.
ගෙදර වෙලා තිබෙන සිදුවීම නොකියා “සර්. මම එනවා නම් කීයටද එන්න ඕනෑ” ඔහු ඇසුවේය.
එවිට කතා කළේ කාන්තාවකි.
ඒ ගැහැනි කවුද පියා ඇසුවේය.
“තාත්තේ ඒ ගෑනියෙක් නෙමෙයි. අපේ ඉංජිනේරු මහත්තයා. එයාගේ කටහඬ එහෙම තමයි. බෙහෝ දෙනකු ගැහැනියක කියලා රැවටෙනවා.”
අම්මයි, තාත්තයි දෙන්නා කොක් හඬලා සිනාසෙන විට සැමියා කියන දේ තේරුම් ගන්න බැරිව සිටි බිරිය සැබෑ තත්වය වටහාගෙන ලැජ්ජාවෙන් යුතුව කඳුඵ පිසදමා තේ සැදීම සඳහා මුළුතැන්ගෙට රිංගුවා ලු.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප‍්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගෑනු හඩට දිගේත් කැඩෙන්න ගිහින්