IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ගම්මුන් ගොනාට අන්දන්න ගිය හොර පොලිස් කල්ලිය කූඩුවේ

පොලිස් ස්ථානාධිපති - ”සාජන්ට් තමුසෙට පුළුවන්ද මේ කිතුලට නගින්න”
සාජන් - පුළුවන් සර්.... (කිතුලට නගී) සර්..... මේකේ තියෙනව නියම රා මුට්ටියක්.”
පොලිස් ස්ථානාධිපති:- බානව  ඕක.... පීසී ගේනවා හොඳ කෝප්පයක්... (රා බොයි). රා මුට්ටිය හිස් කරන පොලිස් ලොක්කා හා පොඞ්ඩෝ කිතුල් හිමියාට බැණවැදී හිස් මුට්ටිය ද පොළොවේ ගසයි. කිතුල් රා මැදීමට විරුද්ධව නඩු පවරන බව පවසමින් ඒ මොහොතේම දඩයක් ද අය කරයි.
මේ අපූරු රඟපෑම දැක ගන්නට ලැබුණේ මෙරට නීත්‍යනුකූල පොලිස් නිලධාරීන් පිරිසකගෙන් නම්  නොවේ.
පසුගිය දිනෙක මීගහකිවුල ඉටිකැටිපල හා ඒ අවට ගම්මාන වෙත පොලිස් වෙස්ගෙන පැමිණි තරුණ පිරිසක් මෙම රඟපෑම සිදු කළහ.
විශේෂ පොලිස් කණ්ඩායමක් ලෙස මෙම ගමට කඩාවැදුණු පස් දෙනකුගෙන් යුත් මේ පිරිස ගම්මුන් බියවද්දමින් නිවෙස්වල තිබූ කිතුල් රා මුට්ටි, හොර තුවක්කු, මෙන්ම ඉරන ලද දැව වර්ග ද අත්අඩංගුවට ගනිමින් ඒ මොහොතේම දඩ මුදල් ද අය කරන්නට පටන් ගත්හ.
නඩු පැවැරීම අනවශ්‍ය බව පැවැසූ ඔවුහු ඒ මොහොතේම දඩ මුදල් අය කළ අතර ගම්මුන්ගෙන් සිවුපසින් උපස්ථාන ලබන්න ද සමත් වූහ.
කෙසේ වෙතත් මේ අපූරු පොලිස් කණ්ඩායම පිළිබඳව සැක සිතූ ගම්මු සුළු මොහොතක් ගත වෙද්දී පොලිස් ස්ථානාධිපතිවරයා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායම අල්ලා ගස් බැඳ බඩ කට පුරා පිරිසට සංග‍්‍රහයක් ද පැවැත්වූහ.
අවසානයේදී මඩුල්සිම පොලිසියට දැනුම් දී පිරිස පොලිසියට බාර දුන්හ.
හොර  ඕ.අයි.සී. සාජන් මෙන්ම කොස්තාපල්ලාත් දැන් පොලිස් කූඩුවේය.



අදහස් (0)

ගම්මුන් ගොනාට අන්දන්න ගිය හොර පොලිස් කල්ලිය කූඩුවේ

සරත් Friday, 01 March 2013 09:20 AM

අවදියෙන් සිටි ගමක්...(ස)

:       0       0

දිසානායක Friday, 01 March 2013 09:41 AM

සුළුවෙන් හිතන්න එපා. මේ කාරණා ගැන ඉස්සර අහපු නැති දේවල් අහන්න වෙලා තියෙන්නේ... (ස)

:       0       0

දිසානායක Friday, 01 March 2013 09:37 AM

සුළුවෙන් හිතන්න එපා අපේ මේ කාරණා ගැන. දැන් ඉස්සර අහපු නැති දේවල් අහන්න වෙලා තියෙනවා.(නදී)

:       0       0

රනිල් Saturday, 02 March 2013 12:44 PM

රාබිබ්වට නම් කමක් නෑ අනිත් වැඩ ටික තමා හොදනැත්තෙ (ස)

:       0       0

වරුණ Friday, 01 March 2013 10:55 AM

හොරා පොලිස්ට ගස් බැදලා, දිමිගොටු දාලා ගහන්න ඕනෑ. (නි)

:       0       0

රුමී Sunday, 03 March 2013 10:17 AM

කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. (නි)

:       0       0

ෆාරුක් Monday, 04 March 2013 03:36 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 04:41 PM

හොරකමට ආයුෂ අඩුයි (දී)

:       0       0

ඩෑම් Saturday, 02 March 2013 03:04 AM

කරුණාකරලා රා මදින්නන්ට නම් කරදර කරන්න එපා. (නි)

:       0       0

තුෂාර Friday, 01 March 2013 06:06 PM

එකනම් හොදයි නේද, තව මොනවා කරයිද දන්නේ නැහැ එහෙනම් (දී)

:       0       0

රාජු Monday, 04 March 2013 12:30 PM

හොද වැඩේ (දී)

:       0       0

ලලිත් Friday, 01 March 2013 12:48 PM

අනේ මේක ඇත්ත කථාවක්ද? කොහේ ද මේක උනේ.. වෙන මොකකටවත් නොවෙයි. සල්ලිවලට හොඳ කිතුල් රා ටිකක් සොයා ගන්න. අපෙ පැත්තෙ දැන් නැහැ. තිබුනත් කළවම්.. (ස)

:       0       0

ජනක Friday, 01 March 2013 07:57 PM

මෙහෙම දේවලුත් ලංකාවේ වෙන බව මතක තබා ගන්න (දී)

:       0       0

හේරත් Saturday, 02 March 2013 09:42 PM

‍මේක හරියට චැනල් 4 අනුග්‍රහයෙන් කරන චිත්‍රපටියක කොටසක් වගෙයි. (නි)

:       0       0

ගාමිණි Saturday, 02 March 2013 10:54 PM

පැරණි රස කතා වෙනුවට අලුත් රස කතා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 397 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 549 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1043 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2336 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 812 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site