ගම්මිරිස් කැඞීමට ගිය හොරාට වත්තේම නින්දගොස් සිටියදී, ඉඩම් හිමියාගෙන් ගුටිකා පැනගිය පුවතක් අසල ගමකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේයි.
ඔහු අධික ලෙස මත්වතුරට ඇබ්බැහිවූ අයෙකි. ඒ සඳහා මුදල් උපයාගන්නේ කෙසෙල් කැනක්, පුවක් වල්ලක්, ගම්මිරිස් ටිකක් වැනි සුළු හොරකමකිනි. එදින ඔහු පදමට සප්පායම්වී ගෙදර යමින් සිටි අවස්ථාවේ අසල ඉඩමක තිබෙන සරු ගම්මිරිස් වගාවක් ගැන සිහිවිය. හෙට දවසේ වියදම සඳහා ගම්මිරිස් ටිකක් කඩා ගැනීමට ? බෝවී තිබූ අවස්ථාව හොඳ නිසා ගෙදර ගොස් මල්ලක් රැුගෙනවිත් වත්තට ඇතුළු විය. ටික වේලාවක් ගම්මිරිස් කඩන විට තද නිදිමතක් දැනුනේය. අතේ තිබූ මල්ල බිම එලාගෙන හාන්සිවූ ඔහුට තදින් නින්දගොස් තිබේ.
මේ දිනවල ගම්මිරිස් මිල අධික බැවින් තම වගාව ආරක්ෂා කරගැනීමට ඉඩම් හිමියා අවදියෙන් සිටී. ඔහු වත්තේ ඇවිදගෙන යනවිට තද නින්දේ පසුවූ හොරා අතටම අසුවිය. අසල තිබූ පොල්ලක් අතට ගෙන ඔහුට දිගට හරහට තඩිබාන්නට විය. වෙරි මරගාතේ සිටි හොරා ‘‘බුදු අම්මෝ’’ කියා මරහඬ දෙමින් දුවන විට කලබලය ඇසී පැමිණි අසල්වැසියෝ හොරා හඳුනාගත්හ.
දැන් ඔහු දුටුතැන ‘‘හොඳට නින්ද ගියාදැයි’’ අසද්දී කියන වචන ලියන්නට බැරිය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්මිරිස් හොරා වැල යට නිදාගෙන
ඉසුරන්දි Sunday, 24 August 2014 04:44 AM
හොරකමේ තරාතිරම ලොකු හෝ පොඩි වේවා හොරකම හොරකමයි. පොඩි පොඩි හොරකම් තමයි පහු පහු වෙද්දී ලොකු ලොකු හොරකම් වලට හැරෙන්නේ. (නදී)
පහන්දී Saturday, 23 August 2014 05:36 AM
මාධව, හොරුන්ට උදව් කරනවා වගේ ........? (අ)
හිරුෂි Friday, 22 August 2014 03:14 AM
පව් නැති බැරි කමට වෙන්නැති. ගහන්න නෙවේ තිබුනේ කරපු වැරැද්ද පෙන්වා දෙන්නයි (නදී)
රෙජි-සිඩ්නි Thursday, 21 August 2014 04:56 AM
මම කියන්නේ නැහැ ඔහු කළ දේ හරිය කියලා.නමුත් ඒ වාගේ අයෙක් යහමඟට යොමුකරන්නේ කොහොමද කියලා හොයලා බලන එක නේද හොඳ ? (නි)
පහන්දී Thursday, 21 August 2014 12:38 PM
මනෝජ් සාජා, අපිව නපුරු කරන්නේ මේ සමාජය නොවේද?නැතිබැරිකමට ඉල්ලාගෙන කාලා බඩ පුරවාගන්නවා මිසක් හොරකම නම් අනුමත කරන්නේ නැහැ, මම නම් කොතනදිවත් (නි)
සුමින්ද Wednesday, 20 August 2014 05:53 AM
හොරු නම් එහම නිදාගන්නේ නැහැ. (නදී)
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:43 PM
සෙල්වා, ඔයා නම් නියම පිරිමියෙක් කියලා ඔප්පු කළා. ආඩම්බරයි ! (නි)
පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 01:28 PM
කෙනෙක් දුක් මහන්සියෙන් හිටවාගෙන තියෙන දේ හොරෙන් කන මිනිසුන්ට නම් මේක හොඳ දඩුවමක් (නි)
අජිත් Wednesday, 20 August 2014 01:34 PM
අනේ මේ කුමාරි, ඔයා දන්නේ නැහැනේ ඒකෙ තියෙන සතුට (නි)
පහන්දී Wednesday, 20 August 2014 02:05 PM
මම එහෙම වුණා නම් ගම්මිරිස් වත්තේ අයිතිකාරයා,හොඳ කඹයක් ගෙනල්ලා එළිවෙනතුරුම බැඳලා තියනවා. ඊටපස්සේ හොඳට පැහුණු ගම්මිරිස් ටිකක් අඹරලා මුළු ඇඟේම ගානවා. තවත් වරක් ගම්මිරිස් තියා වෙන දෙයක්වත් හොරකම් නොකරන්න. (නි)
හේෂාන් Thursday, 21 August 2014 07:17 AM
සමහර විට බුලත් කඩන්න ගියාද දන්නේ නැහැ. නිදිමතයි බීමතයි නිසා වෙනස තේරෙන්නෙත් නැතුව ඇතිනේ. එහෙම නැති නම් ඇත්තටම නිදිමතටම ගියා වෙන්න ඇති (නි)
මාධව Friday, 22 August 2014 06:20 PM
මම නම් හිතන්නේ මනුස්සයා එන්න ඇත්තේ වගාව මුරකරලා දීල යන්න. අයිතිකාරය වැරදියට තේරුන් අරන් (නදී)
රුවන් Wednesday, 20 August 2014 08:33 AM
අදනම් ටිකක් හිනාගියා.මේ මනුස්සය කියපු වචන හිතාගන්න පුළුවන්.(දිල්)
දයා අලහාකෝන් Wednesday, 20 August 2014 08:58 AM
පව් අප්පේ ඇයි නිදාගෙන ඉද්දී ඇහැරුවේ (නදී)
අජිත් Sunday, 24 August 2014 05:36 PM
නියම කතාවක් තමයි මේක නම් (නි)
මාධව Saturday, 23 August 2014 04:52 PM
ඔව් පහන්දී..හොරු කීවට ඒත් මිනිස්සුනේ..කන බොන දෙයක් නැත්නම් ඒ අයටත් දෙන එකනේ මනුස්සකම..ගම්මිරිස් ඇටයක් ගත්තා කියලා ඒ මිනිස්සුන්ව මරාගෙන කන්න හැදුවොත් හෙට ඔයිට වඩා දරුණු දෙයක් කරන්න පුලුවන්.කවුද එතකොට ඇත්තටම හොරකමට අනුබල දීල තියෙන්න. (අ)
සුගුනවති- නිව් ජර්සි - Thursday, 21 August 2014 08:15 PM
පහන්දී අක්කේ අපේ වත්ත බලාගන්න එන්න බැරිද ? (ස)
මනෝජ්-සාජා Thursday, 21 August 2014 02:19 AM
ඔච්චර දරුණු වෙන්න එපා පහන්දී. (නි)
කුමාරි Wednesday, 20 August 2014 10:30 AM
බේබද්දන්ට වෙරි උනාම තමන් ඉන්න තැනත් අමතකයි.ඕක පාඩමකට අරන් දැන් බොන එක නතර කලානම් අන්න මිනිහ,(අ)
තරිදු Thursday, 21 August 2014 02:19 AM
පහන්දී හරි (නි)
තරිදු Thursday, 21 August 2014 02:55 AM
පහන්දී, ඔයා වැඩකරන්නේ කොහේද? (නි)
සෙල්වා Thursday, 21 August 2014 03:33 AM
මේ පහන්දි අක්කා වාරියපොළ නේද? (නි)