පෝද්දල - සරත් ආනන්ද ගමගේ
සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
දිනය ඉරිදාවකි. ගුරුවරියක වන මව ඉරිදා පොළේ ගොසිනි. රෝගාතුරව සිටින පියා හා නැගණිය සමග නිවෙසේ සිටි මෙම යුවතිය සිය මිතුරියක් පැමිණෙන බව පවසා නිවෙසින් පිටව ඇත.
ප්‍රධාන මාර්ගයෙන් හැරී යන අතුරු මාර්ගයක ගොස් තවත් කෙටි අතුරු මාර්ගයක පිහිටි නිවෙසක පදිංචිව සිටි මෙම තරුණිය මිතුරිය හමුවීමට ප්‍රධාන අතුරු මාර්ගයට පැමිණ ඇත. ගොම්මන් අඳුර පැතිරෙමින් තිබී ඇති මෙම අවස්ථාවේ ඇගේ අසල්වැසි වැඩිහිටියකුද යතුරුපැදියකින් පැමිණෙමින් සිට ඇති අතර තරුණිය අසල සිටි තරුණයකුද කලබලයෙන් යතුරුපැදිය පණ ගන්වාගෙන කඩිනමින් පිටව ගොස් ඇත. බියට පත්ව සිටින යුවතිය දුටු අසල්වැසියා යතුරුපැදිය නවතා “ඇයි දුවේ මොකද වුණේ?” කියා විමසා ඇත.
එවිට ඇය “අනේ මාමෙ! අන්න අර බයික් එකෙන් ගිය කොල්ල මගේ අතින් ඇද්දා” යැයි පවසා ඇත. ඇය බියට පත්ව සිටින ආකාරය දුටු ඔහු “අතින් විතරද ඇල්ලුවේ” කියා විමසන විට ඈ “නෑ මාමෙ මෙහෙනුත් ඇල්ලුවා” යැයි කියමින් පපු ප්‍රදේශයද පෙන්වා ඇත.
තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත්කළ සිද්ධිය ආරංචි වීමෙන් මේ වනවිට අසල්වැසියන්ද බොහෝ පිරිසක්ද මෙම ස්ථානයට රැස්ව සිටි අතර පොළේ ගොස් සිටි ඇගේ මවද පැමිණ තිබුණි. පැමිණ සිටි වැඩි පිරිසක් කීවේ සිද්ධිය වහාම පොලිසියට දැනුම් දෙන ලෙසයි.
කලබලේට බයික් එකේ නොම්මරයවත් බලාගන්න බැරි වුණු බව කියමින් තරුණිය පොලිසියාමට එතරම් කැමැත්තක් දක්වා නැත. ගුරුවරියක වූ ඇගේ මවද දුරකතනයෙන් එක එක්කෙනාට සිද්ධිය පැවසුවා මිස ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දුවක් නොවීය. මේ වනවිට පරිසරයේ අඳුර ද පැතිරෙමින් තිබූ බැවින් රැස්ව සිටි පිරිසද එකිනෙකා ඉවත්ව ගොස් ඇත. ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් සිද්ධියෙන් මහත් කම්පනයට පත්වී සිටි අතර මාර්ගයේ පයින් යාමටවත් නොහැකි තත්වයක් උදාවෙමින් ඇතැයි ඔවුහු මහත්සේ භීතියට පත්ව සිටියහ.
ඒත් සිද්ධිය මුලින් දුටු වැඩිහිටි පුද්ගලයා තම අසල්වැසි මිතුරාත් සමග සිද්ධිය සොයා බැලීමට තීරණය කර ඇත. ඔවුන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානය අසල නිවෙසට ගොස් එම නිවැසියාගේ සහයෙන් ඔවුන්ගේ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇත.
එහිදී නිරීක්ෂණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයකු යතුරුපැදිය නවතා ඇය සමග කතා කරමින් සිට ඇති බවයි. කතාබහ ඇදීයන අතරතුර ඔවුන් දෑත් අල්ලාගෙන ඇති අතර පසුව යතුරුපැදියට ළංවී තුරුළුව සිටින විටදී මාර්ගයේ යතුරු පැදියක් පැමිණීමත් සමග ඇය ඔහු අතහැර ඉවත්වන ආකාරයත් ඒ සමගම යතුරුපැදිය පණගන්වා ගෙන තරුණයා ඉවත්වන ආකාරයත් වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණි. බලහත්කාරයෙන් තරුණියගේ හිරිඔතප් බිඳීමක් සිදුව නැති බව ඔවුන්ට තහවුරු වී ඇත.
වීඩියෝ කැමරා දර්ශන නැරඹූ අයගේ මාර්ගයෙන් කලින් සිද්ධියටත් වඩා වේගයෙන්ම ඇත්ත සිද්ධිය ගමපුරා පැතිර ගොස් ඇත.
සිද්ධියෙන් පසු මේ නිවෙසේ කිසිවකුත් පාරේ තොටේදී දක්නට නොලැබෙන බවත් ගුරුතුමිය ද ත්‍රිරෝද රථයකින් පාසල් යන එන බවත් ප්‍රදේශවාසීහු පවසති
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්