මුලටියන – එස්. බාලසූරිය
නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේවකරුවකුට, ගුරුකම් කිරීමට ගිය නිවැසියන්ගෙන් බඩ කට පුරා ගුටි කෑමට සිදු වූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගිය දා වාර්තා විය.
දකුණේ ප්‍රසිද්ධ ඇදුරකුගේ ගෝලයකු තරමක් කටකාර, තමන් හැම දෙයක් ගැනම දන්නා බව හඟවන කපටි පුද්ගලයෙකි.
ඔහු ඇදුරා නොමැති තැන්වලදී තමන්ට තම ගුරුවරයා විසින් යන්ත්‍ර මන්ත්‍ර සාත්තර හා ගුරුකම් පිළිබඳව හැම දෙයක්ම කියා ඇති බවත්, ඔහුගෙන් පසුව එම කටයුතු කිරීමට බාර දෙන බව පවසා තිබෙන බවත්, ඒවා ගැන විශ්වාස කරන අයට කියා ඇත.
එමෙන්ම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අවස්ථාවලදී ආවතේව කටයුතු ඉතා කඩිසරව කිරීම නිසා ඇතැමුන් ඔහුත් ඇදුරා තරම් දැනුමැති අයකු ලෙසත් විශ්වාස කරයි. ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු දුටුවහොත් ඇදුරා කියන මන්ත්‍ර හා කවි මහා හයියෙන් කියන්නේ සෙසු අයගේ අවධානය යොමු කරගැනීමටත්, තමන් ද ඇදුරා මෙන්ම දක්ෂ අයකු බව ඇඟවීමටත්ය.
ඉකුත් දිනක අවට ගමක කාන්තාවකට හදිසි උමතු රෝගයක් හැදී තිබුණු නිසා පිස්සන් ආවේස කර සුව කිරීම පිළිබඳව ප්‍රකට එම ඇදුරාගේ නිවෙසට රෝගී කාන්තාවගේ සැමියා පැමිණියත් එදින ඇදුරා ගමනක් ගොසිනි. ආවතේවකරු සිටි නිසා තම බිරියගේ රෝගී තත්වය ඔහුට කියා ඇත.
ඇදුරකු වීමට සිහින මවමින් සිටි ඔහුට මෙය කදිම අවස්ථාවක් විය.
“අද නම් ගුරුන්නාන්සේ එනකොට පරක්කු වෙයි. කෝකටත් ගිහින් නූලක්වත් බඳිමු.” යැයි සැමියාට කියමින් ඇවැසි ආම්පන්න ටිකකුත් රැගෙන රෝගියාගේ නිවෙසට පැමිණ තිබේ.
එම නිවෙසට පැමිණි ආවතේවකරු මල් පහන් පුවක් මලක් ගොක් අත්තක් යනාදිය සූදානම් කරන ලෙස එතැන සිටි අයට කියා රෝගී කාන්තාවගෙන් සුවදුක් විමසා ඇත. ලෙඩාගේ තත්වය බරපතළ බවත්, පමා නොකර නූලක් බැඳිය යුතු බවත් පවසා මැතිරීමේ කටයුතු පටන්ගත්තේය.
ටිකෙන් ටික රෝගියාගේ තත්වය උත්සන්න වූ අතර ආවතේවකරු ද තමන් දන්නා මන්ත්‍ර මහ හයියෙන් කියමින් රෝගියාගේ අඟපසඟ අතගෑමට පටන්ගෙන ඇත. මෙම සිද්ධිය පිළිබඳව විමසිල්ලෙන් සිටි නිවෙසේ තරුණයන් කිහිප දෙනකු මොහු දන්නා යන්ත්‍ර මන්ත්‍රයක් නොමැති බව වටහා ගෙන, සූදානම් කර තිබුණු මල් පහන් වට්ටිය හා කහ දියර හට්ටිය රැගෙන බොරු ඇදුරාගේ හිසට ගසා ඇත.
එම සැණින්ම එතැන තිබුණු පුවක් මල අතට ගත් රෝගී කත පුවක් මල කැඩෙන තුරුම ගසා තිබේ. තරුණ පිරිස ද අතින් පයින් පහරදී “මීට පස්සේ දන්නේ නැති දේවල් කරන්න එපා” කියමින් එම නිවෙසින් එළවා දමා තිබේ. එදා පටන් ඔහු ආවතේව කටයුතුත් නවතා දමා ගම හැර ගොස් ඇත.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා