හිඟුරානේ නවරත්න සමරතුංග
ගරුඬකු කළ අබැද්දියක් හේතුවෙන් උපන් ඇඳුමෙන් කෙසෙල් පඳුරක සැඟවී සිටි සැමියකුට බිරිඳ චීත්ත රෙද්දක් අඳින්නටදී විලි වසා ගැනීමට සැලසූ පුවතක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
වෙලාව සවස පහමාරට පමණ විය. මේසන් වැඩක යෙදෙන සැමියා වැඩ ඇරී නිවෙසට පැමිණියේ වැහි කෝඩයක් ඇද හැළෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.
ඔහුගේ මුළු ගතම හුණු සිමෙන්ති තැවරී තිබුණි. ඒවා නාස්පුඩු වල පවා සිරවී තිබුණ බැවින් ඔහු ගෙය පිටුපසට ගියේ පයිප්පයෙන් දිය නාගැනීමටය.
‘මටත් නාගන්න ඕනෑ වැස්සකුත් එනවා ඉක්මනට නාලා එන්නැයි’ බිරිය පැවසුවාය. තුවායක් ඇඳගත් ඔහු දිය නාමින් සිටියදී එතැන සිටි විශාල ප්‍රමාණයේ ගරුඬෙක් ඔහු ඇඳ ගෙන සිටි තුවාය දිගේ ඉහළට නැඟ ඉන හරියේ නතරවිය.
කිසියම් සංවේදී බවක් දැනුණ ඔහු එදෙස විපරම් කරද්දී ගරුඬා දැක ‘බුදු අම්මෝ..’ කියා කෑ ගසමින් තුවායද බිම දමා ඒ අසල තිබුණ කෙසෙල් පඳුර ළඟට දිව ගියේය.
ඔහුගේ කෑගැසීම ඇසුණ යාබද නිවෙසේ කාන්තාවද විමසිලිමත්ව ඒ අසල තිබුණ වැට ළඟට ආවාය.
එවිට ඔහු ලැජ්ජාවෙන් බේරීමට කෙසෙල් පඳුරේ සැඟවී සිටියදී බිරිඳ සැමියාට මුහුණ පෑමට වූ අබැද්දිය දැක්කාය. ඇය එතැන රෙදි වැලේ තිබුණ චීත්තයක් ගෙන ඇඳගන්නට දුන්නේ ඇයට වෙන කළ හැකි දෙයක් නොවූ හෙයිනි. එහෙත් උපන් ඇඳුමෙන් සිටි ඔහු චීත්තය දවටාගෙන කෙසෙල් පඳුරෙන් එළියට විත් ගෙතුළට රිංගා ගත්තේය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගරුඬෙක් ඇඳුම් ගලවයි