IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලා

දකුණු පළාත් රාජ්‍ය ආයතන කීපයක් අසල වූ තේ කඩයකි. මුදලාලි සාමාන්‍ය තේ එකක් හදන විට එය ජෝගුවෙන් කෝප්පයට හෙමින් වත් කළත්කිරි තේ කොප්පයට දමන විට ජෝගුව අඩි දෙක තුනක් ඔසවා ඉහළ සිට වත් කළේ කපටිකමටය. එවිට කෝප්පයෙන් අඩක්ම පෙනවලින් වැසෙන බව ඔහු දනී.
කාර්යාලයේ වැඩ කීපයක් කරගත් ගුරුවරයකු කඩයට ගොඩ වී කිරි තේ එකක් ඉල්ලූවේය. මුදලාලි සුපුරුදු පරිදි පෙනවලින් පිරුණු තේ එක මේසය මත තැබීය.
තම සමීපයට ආ හිතවතකු සමග මොහොතක් කතා කළ ගුරුවරයා තේ එක බීමට බලන විට දුටුවේ පෙන නැතිවගොස් තේ බාගයකි.
තේ බී කවුන්ටරයට ගිය ඔහු රුපියල් පහළොවක් දුන්නත් මුදලාලි කීවේ තේ එක රුපියල් විස්සක් බවකි. ”නෑ ගාන හරි මුදලාලි, තේ බාගෙට රුපියල් දහයයි. පෙන ටිකට රුපියල් පහයි” කී ඔහු කඩයෙන් එළියට බැස්සේය.



අදහස් (0)

ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලා

නිමල් Thursday, 03 January 2013 07:58 AM

කෝ මේ රටේ නැද්ද ප්‍රමිති ආයතන? (නි)

:       0       0

චන්දන Thursday, 03 January 2013 03:02 PM

අන්න එහෙම තමයි කරන්න ඕනේ (දී)

:       0       0

චමින්ද Thursday, 03 January 2013 03:08 PM

පෙරේරට තේරෙන දේ සමහර අය‍ට තේරෙන්නෙ නැති එකනෙ පුදුමෙ. මේක විහිළුවක් කියල හිතන්න එපා. (ස)

:       0       0

ගාමිණී Friday, 04 January 2013 10:36 AM

මේවා දන්න නිසා අපි බොන්නේ කිරි පැකට් (ස)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 02 January 2013 03:16 PM

ඒකනේ කියන්නේ බෙන්තර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. (නි)

:       0       0

උපුල් Wednesday, 02 January 2013 03:17 PM

දකුණේ කියලා උඩ පනින්න එපා. මුදලාලිත් දකුණෙනේ (ස)

:       0       0

හරීන්ද්‍ර Thursday, 03 January 2013 09:06 AM

සිල්වා හරි. මේක තේ රසවත් කරන විදියක් තමයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 02 January 2013 03:36 PM

මෙතන තියෙන්නේ දෙන්නගේම කූට බුද්ධිය මිස වෙන කිසිවක් නොවේ. (නි)

:       0       0

මංජු Wednesday, 02 January 2013 03:57 PM

දකුණේ මිනිස්සු නම් අහුවෙයි මුදලාලිලාගේ ගැට වලට? (නි)

:       0       0

සුදේෂ් Wednesday, 02 January 2013 04:01 PM

එන්නකෝ නුවර.... තේ එක දෙන්නේ කොහොමද බලන්න. (නි)

:       0       0

නිමන්ත Thursday, 03 January 2013 09:36 AM

මුලින් දකුණෙ ප්‍රවෘත්ති, පසුව දකුණෙ නොවුනත් දකුණේ ගමක් ගැන සදහන් වන ප්‍රවෘත්ති, ඊට පස්සෙ දකුණෙ නොවන ඒවටත් දකුණේ වුණ දෙයක් කියල අදහස් දානව. සියල්ල විහිලුවට නොගෙන කරුණාකර මෙය නවත්වන්න, (ස)

:       0       0

ලහිරු Monday, 07 January 2013 06:27 PM

එහෙම තමයි

:       0       0

මිගාර Wednesday, 02 January 2013 04:14 PM

දකුණේ අන්දරේලා (ස)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 10:14 AM

නිමන්ත ඔයා කොහොමද ඔච්චරටම දන්නේ (ස)

:       0       0

නාරද Thursday, 03 January 2013 10:29 AM

කපටිකමයි - රසයි (ස)

:       0       0

ගීත් Wednesday, 02 January 2013 04:28 PM

දාන අදහසක් මාතෘකාවට අදාලව දන්න. දකුණ දකුණ දකුණ.... මේක දැන් විකාරයක් වේගෙන යන්නේ. (නි)

:       0       0

මයුමි Thursday, 03 January 2013 10:38 AM

හරිනෙ ඉතිං මුදලාලිත් දකුණු පළාතෙමනේ.. මොකද ඉතිං කරන්නෙ.?(නු)

:       0       0

පද්මි Thursday, 03 January 2013 10:48 AM

ඔය ගොල්ලෝ ටින්කිරි ‍බොන්න එපා. ඊලඟට සේරටම දියවැඩියාව (ස)

:       0       0

අමිල Monday, 07 January 2013 03:30 PM

ඊර්ෂාවයි පිළිකුලයි අතර ලොකු වෙනසක් තියෙනවා මිගාර. (ස)

:       0       0

දර්ශන Monday, 07 January 2013 12:49 AM

මට හිතා ගන්නවත් බැරි උනා (දී)

:       0       0

වරුණ Wednesday, 02 January 2013 10:18 AM

මේ වගේම තමයි සුපිරි හෝටල් වල දෙන ජූස් වීදුරුව. වීදුරුවේ අඩිය ඇතුල් පැත්තෙන් උඩට නෙරලා තියෙන්නේ. ජූස් තියෙන්නේ වීදුරුවෙන් භාගයයි. (නි)

:       0       0

දමිත් Friday, 04 January 2013 01:01 PM

ප්‍රවෘත්තිය හරියට තේරුම් අරගෙන අදහස් පල කරන්න තුෂාන් (ස)

:       0       0

සුදේශ් Wednesday, 02 January 2013 05:35 PM

කෝ රොෂාන් සහ ලහිරු? ඔන්න එයාලගේ පැත්ත ගැන මොනවද තියෙනවා. (නි)

:       0       0

තුෂාන් Thursday, 03 January 2013 11:33 PM

කොහොමහරි අන්තිමට පෙණ වලටත් සල්ලි ගෙවලා නිසා ඔය පැත්තේ කට්ටිය ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

විමුක්ති Wednesday, 02 January 2013 06:07 PM

අනේ මන්දා, කට්ටියට දකුණත් එක්ක තරහක් තියෙනවද කියලා? (නි)

:       0       0

දමිත් Wednesday, 02 January 2013 10:50 AM

දකුණේ මිනිස්සු ඔහොම තමයි. එයාලට ආසාධාරණය හමුවේ නිහඩව ඉන්න බෑ (ස)

:       0       0

සුදේශ් Wednesday, 02 January 2013 11:00 AM

දකුණේ ඉන්නේ ගොඩක් මොලේ තියෙන මිනිස්සුනේ (ස)

:       0       0

ගීත් Wednesday, 02 January 2013 11:06 AM

ඔක ලංකාවෙ ගොඩක් කඩවල වෙන දෙයක්. සමහර වෙලාවට කිරිතේ එක තියෙන්නෙ බාගයකටත් වඩා අඩුවෙන්. හොඳ වැඩේ (ස)

:       0       0

රොෂාන් Thursday, 03 January 2013 12:11 PM

මානසික රෝගීන්ගේ අදහස් දැන්වත් නවත්ත ගත්තොත් හොඳයි නේද (ස)

:       0       0

ජනක Monday, 07 January 2013 08:31 PM

අයියෝ සල්ලි

:       0       0

රන්ජිත් Wednesday, 02 January 2013 11:13 AM

නියමයි (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 January 2013 07:21 PM

පෙණ ටිකටත් ඉතින් සල්ලි ගෙවලනේ...? (නි)

:       0       0

රොෂාන් Wednesday, 02 January 2013 07:29 PM

ඕකට තියෙන්නේ කිරි තේ නොබී ඉන්න එකයි. ඇගටත් ගුණයි. සාක්කුවටත් ලෙහෙසියි. (නි)

:       0       0

මොහොමඩ් - බේරැවල Wednesday, 02 January 2013 11:18 AM

දැන් හැම දෙයකම වියදම සැරයි... ව්‍යාපාරිකයාට බැනලා වැඩක් නැහැ.... මුදල් අඩුවෙන් දීල ව්‍යාපාරිකයාගේ ශාප වලට අහුවෙන්නත් එපා. මෙතන දෙන්නම අසරණයි.(ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 02 January 2013 11:24 AM

කොහොමද ටිකිරි ‍මොලේ (ස)

:       0       0

නන්දන Wednesday, 02 January 2013 07:46 PM

මිනිස්සුන්ට වංචා කරනවාට හොද වැඩේ (දී)

:       0       0

මේග - සත්‍ය ජයගනී Wednesday, 02 January 2013 11:30 AM

දමිත් දකුණෙ අය අසාධාරනයට නිහඩව ඉන්නෙ නැත්තම් ‍දේශපාලනික අසාධාරනකම් වලට කටපියාගන ඉන්නෙ මොකද ? (ස)

:       0       0

රිස්මි Wednesday, 02 January 2013 07:45 PM

හෝටල් මුදලාලිලා කාටත් හොද පාඩමක්. (නි)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 12:33 PM

ඔව් මට එහෙම තමයි... මොනවා කරන්නද?(නු)

:       0       0

ආනන්ද Wednesday, 02 January 2013 08:20 PM

ගුරු තුමාගෙන් හොද පාඩමක් (දී)

:       0       0

ප්‍රවීන් Friday, 04 January 2013 08:27 PM

මුදලාලිට වඩා ගුරුතුමා කපට්යි (දී)

:       0       0

පෙරේරා Wednesday, 02 January 2013 08:24 PM

අපි අපිම මේ විදියට බෙදුනහම නැවත කොටියට ලේසියෙන්ම ඒකෙන් වාසි ගන්න පුලුවන්. (නි)

:       0       0

සුදේශ් Wednesday, 02 January 2013 11:58 AM

කොහොමද දකුණේ මොලේ (ස)

:       0       0

සහන් Wednesday, 02 January 2013 08:45 PM

පෙරේරා ඔබ නිවැරදියි.. (නු)

:       0       0

උපාලි Wednesday, 02 January 2013 12:14 PM

බාගෙට කිරි තේ දුන්නෙත් දකුණේ මුදලාලි කෙනෙක් නේද (ස)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 12:22 PM

ගුරුතුමා දකුණේ නිසා තැනට සුදුසු ගණදෙවි නුවන පාවිච්චි කරා (ස)

:       0       0

රොෂාන් Friday, 04 January 2013 10:00 PM

දකුණේ මිනිස්සු පෙණ වලටත් සල්ලි ගෙවනවද? මෙහේ වුණා නම් ගෙවන්නේ රුපියල් 10ක් විතරයි. (නි)

:       0       0

ෂාෆික් Wednesday, 02 January 2013 12:49 PM

ඒ මුදලාලි දකුණේ‍‍ කෙනෙක් නෙමෙයි. පදිංචි වෙලා ඉන්නේ දකුණේ (ස)

:       0       0

සරිල් Wednesday, 02 January 2013 10:31 PM

මුදලාලිට, අනේ පව්. (නි)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 01:22 PM

දෙන්නාම එක වගේ කපටියි (දී)

:       0       0

චන්දන Friday, 04 January 2013 02:59 PM

කඩේ මුදලාලි පව් (දී)

:       0       0

සුනිල් Sunday, 06 January 2013 01:54 AM

ගුරු තුමාට ජයවේවා (දී)

:       0       0

රෆික් Sunday, 06 January 2013 01:54 AM

අසාධාරණයට අසාධාරනයෙන්ම පිළිතුරක් (දී)

:       0       0

නෆීක් Sunday, 06 January 2013 01:54 AM

නියම වැඩේ ඒක, ගුරු තුමා හරියටම හරි (දී)

:       0       0

දනුෂ්ක Wednesday, 02 January 2013 01:03 PM

මට හිනා යනවා ඇත්තට (දී)

:       0       0

අනුර Wednesday, 02 January 2013 11:36 PM

දන්නවද? මේක ගාල්ලේ වෙච්ච දෙයක්. (නි)

:       0       0

වසන්ත Wednesday, 02 January 2013 01:27 PM

රැවටිල්ලට හොද පාඩමක් (දී)

:       0       0

චම්මි Tuesday, 08 January 2013 11:46 AM

අයියෝ .....අයියෝ .....

:       0       0

ධම්ම Wednesday, 02 January 2013 01:38 PM

ඒ අතින් දකුණට වඩා උතුර කොච්චර හොදද? කිරි වීදුරුව පුරවලා දෙනව.(ස)

:       0       0

සංජිව Wednesday, 02 January 2013 01:41 PM

මටනම් ඉතාමත්ම සතුටුයි ගුරුවරයා ගැන (දී)

:       0       0

සිල්වා Thursday, 03 January 2013 02:42 AM

මේක අපිට ආවේ ඉන්දියාවෙන්. තේ එකේ රස වැඩිවෙන්නයි එහෙම කරන්නේ. (නි)

:       0       0

ශාන්ත Thursday, 03 January 2013 08:40 PM

පෙරේරා හරි....!(නු)

:       0       0

මංගල Thursday, 03 January 2013 04:56 AM

ඒක තමයි මිනිස්සු කියන්නේ දකුණු පැත්තෙන් පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. (නි)

:       0       0

දිලූ Thursday, 03 January 2013 08:46 PM

පෙරේරට මාත් එකගයි..!(නු)

:       0       0

දිලූ Thursday, 03 January 2013 08:44 PM

පෙරේරා මම ඔයා සමඟ එකඟයි (ස)

:       0       0

මිගාර Saturday, 05 January 2013 06:41 PM

දකුණට ඊර්ෂ්‍යා කරන අය සෑහෙන්න ඉන්න පාටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 501 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site