(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.
එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.
මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය.
එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.
‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.
රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලුත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.
ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්
Mangala Wednesday, 13 October 2021 01:28 PM
අද කාලේ ගුරුවරුන්ගේ කථාව ඕක තමයි, හැබැයි හැම ගුරුවරයාම ඔහොම නැහැ. ඕක මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේ සමාජ ක්‍රමයේම ප්‍රශ්ණයක්... කොහොම වුණත් කථාව හොඳයි.. හැමෝටම ගන්න දෙයක් තියෙනවා. මනුස්සකම ගැන. කාටකාටත් කවුරු කවුරුත් වුවමනා වෙන වෙලාවල් එනවා. එතකොට තමයි මේ පෙර කළ හොඳ හෝ පෙර කරපු වරද හෝ නොහොඳ ඉදිරියට එන්නේ...
Janith Wednesday, 13 October 2021 04:02 PM
මම නං මේකේ අනිත් පැත්ත. මම ගුරුවරයෙක් නං නෙමෙයි. මනුස්සකම නිසා වැඩ වරද්දාගෙන ඉන්නේ. ඒක නිසා දැන් මම ඉගෙනගත්ත ශාස්ත්‍රය දෙන්නේ මුදලට විතරයි...
දිමුත් Friday, 15 October 2021 12:10 PM
දැන් ඉන්න සමහරක් "ගුරු හොරු"