වියලුව වාර්තාකරු
හදිසියේ මියගිය තම අසල්වැසියාගේ හත් දවසේ දානමය පින්කම සඳහා ඔහු ජීවත්වන සමයේ වගාකළ හේන් යායෙන් හොරකම් කළ බඩ ඉරිඟු මල්ලක් රැගෙන ගොස් පූජා කළ පින්වතකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු දක්ෂ ගොවියෙකි. ගමේ කාගේත් හිත් දිනාගත්තෙකි. ජීවිකාව කරගෙන ගියේ හේන් සහ කුඹුරු වගා කර ලැබූ ආදායමෙනි.
හිටි හැටියේම ඔහු මියගියේ හදිසියේම හටගත් හෘදයාබාධයක් හේතුවෙනි. ගමේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ඔහුගේ ආදාහනය සිදුකෙරිණි.
හත් දවසේ දානමය පින්කම සඳහාද ගමේ බොහෝ දෙනකු හාල් පොල් සීනි ආදියෙන් සිය දායකත්වය ලබා දුන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ශක්තියක් වෙමිනි.
මියගිය අයගේ නිවෙස ආසන්නයේම ජීවත් වූ පුද්ගලයකුද තමුන්ට ඉසිලීමට බැරි තරමේ අමු බඩ ඉරිඟු මල්ලක් කර තබාගෙන පැමිණියේ දානමය පින්කම සඳහා සිය දායකත්වය තහවුරු කරමිනි.
සිය අසල්වැසියාගේ තරම දන්නා නිවැසියන් මෙන්ම සෙසු පිරිසද ඔහුගේ බඩ ඉරිඟු මල්ල දෙස විමතියෙන් විපරම් කළේ ඔහුගේ වියදමෙන් නම් එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැකි යැයි එකිනෙකාට පවසමිනි.
කෙසේ වෙතත් දානමය කටයුතු හමාර කළ නිවැසි කාන්තාව සිය සැමියා වගා කළ බඩ ඉරිඟු හේනට ගොස් බලද්දී යායෙන් හරි අඩකටම කිසිවකු විසින් වගකියා ඇති අයුරු දැක ගන්නට ලැබුණෙන් ඇයට නොදැනීම ඇගෙන් පිටවූයේ මහත් විලාපයකි.
හිටිවනම සැමියා මියයාම හේතුවෙන් ඒ වනවිටත් අසරණව සිටි අසල්වැසි කාන්තාවගේ තත්ත්වය තේරුම් ගත් ගමේ කීප දෙනෙකුම ඇගේ බඩ ඉරිඟු හේනට පැමිණියේ ඇය විලාප නගන්නේ මන්දැයි තේරුම් ගැනීමට නොහැකිවය.
ඔවුන්ගේ ඇස් අදහගත නොහැකි වූයේ මියගිය පුද්ගලයා ජීවත්ව සිටි සමයේදී වෙහෙස මහන්සියෙන් වගා කළ කිරි මෝරමින් තිබූ බඩ ඉරිඟු යායෙන් අඩකටත් වඩා කිසිවෙකු විසින් සොරකම් කර ඇති අයුරු දැකීමෙනි.
කෙසේ වෙතත් දානමය පින්කමට බඩ ඉරිඟු රැගෙන ආ පුද්ගලයා හේන් යායේ කීප වතාවක්ම ගැවසෙන දුටු අසල්වැසි කාන්තාවක ඇඟට පතට නොදැනීම තමුන් දුටු සිද්ධිය විස්තර කරද්දී ගමේ හැමෝටම සිදුව ඇත්තේ කුමක්දැයි තේරුම් ගැනීම අපහසු නොවුණි.
දානමය පින්කම සඳහා මියගිය අයගේම ඉඩමෙන් සොරකම් කළ බඩ ඉරිඟු මල්ලක් රැගෙන ගිය පුද්ගලයා තවත් බඩ ඉරිඟු මලු කීපයක්ම නගරයේ වෙළඳසලකට ද විකුණා තිබිණි.
සොරා හඳුනා ගත්තත් පොලිසි යෑමෙන් මියගිය අයට අවැඩක් සිදුවේ යැයි සිතූ ඇය සහ දරුවන් නිහඬ වූවේ සියල්ල උඩ ඉන්නා දෙවියන්ට බාර කරමිනි.
එහෙත් ගමේ කොල්ලන් දැන් ‘මාමා දානයක් තියෙනවා.... ඉරිඟු ටිකක් ගේන්න පුළුවන්දැයි’ අසද්දී ඔහු හෙමින් සීරුවේ මාරු වන්නේ ඇතැම් විට හොඳවෑයින් දෙක තුනක්ද දෙසාබාමිනි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගොවිපොළෙන් බඩඉරිගු හොරාගෙන ගොවියාගේ හත් දවසේ පින්කමට දීලා