IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගහක් කපා ගන්න බලපත්‍රයේ සන්තෝෂමට අපූරු තෑග්ගක්

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ගසක් කපා ගැනීමේ බලපත්‍රය කඩිනමින් ලබාදීම වෙනුවෙන් සන්තෝෂම් ඉල්ලාසිටි නිලධාරියකුට අපූරු තෑග්ගක් ලබාදුන් කාන්තාවක් පිළිබඳව දකුණු පළාතේ තදාසන්න නගරයකින් වාර්තාවේ.


සැමියා විදේශගත රැකියාවක නිරතවන නිසා නිවසේ සියලු බර කරට ගෙන කටයුතු කරන මනා පෙනුමකින් යුත් කාන්තාවක් සිටියාය. අලුතින් ඉදිකරනු ලබන නි​ෙවසට අවශ්‍ය දැව සපයා ගැනීම සඳහා තම සැමියාට හිමි පදිංචි ඉඩමේ තිබෙන කොස් ගසක් කපා ගැනීමට අවශ්‍ය බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම කාන්තාව ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත ලබා ගැනිමට අදාළ කාර්යාලයට ගියාය. කාන්තාවගේ විස්තර විමසීමෙන් පසු අයැදුම්පත ලබාදුන් නිලධාරියා ඇයගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය. නිලධාරියාගේ ස්වරූපය ගැන සැක සිතුණු ඇය නිවසේ දුරකථන අංකය ලබාදුන්නාය.


මැදිවිය ඉක්මවා සිටි මෙම නිලධාරියා කාන්තා පාර්ශවය ගැන වැඩි උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන අයෙකු සහ සන්තෝසම් ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන කෙනකු බවට පළාතේ කා අතරත් ප්‍රසිද්ධය. කාන්තාවගේ නි​ෙවසට නිතර නිතර ඇමතුම් ලබා ගැනීම මොහු  සිදුකළ අතර අයැදුම්පත භාරදීමෙන් පසුව කිහිප වතාවක්ම විවිධ අඩුපාඩු කියමින් කාර්යාලයටද ඇය කැඳෙව්වාය. කාන්තාව කාර්යාලයට පැමිණි අවස්ථාවලදී අනවශ්‍ය තොරතුරු විමසමින් මේවට අපට සලකන්න වෙයි යනුවෙන් පැවසීම නිසා එම විස්තර ඇය සිය සැමියාටද දැන්වූවාය.


ගස කපා ගැනීමේ බලපත්‍රය රැගෙන නිලධාරියා දිනක් කාන්තාවගේ නිවසට ගියේය. කාන්තාව නිලධාරියා ඉතා සුහදව පිළිගෙන තේ පැන් සංග්‍රහයක්ද කළාය. නිලධාරියා පිටත්ව යන්නට සූදානම් වූ අවස්ථාවේ පෙර දිනකදී සැමියා සමග කතාකරගත් පරිදි සූදානම්කර තිබූ පාර්සලය කාන්තාව නිලධාරියාට දුන්නාය. ‘මේව මොකටද’ යැයි පවසමින් තීරුබදු රහිත සාප්පු සංකිර්ණ නම සඳහන් පාර්සලය දෝතින්ම ගත් නිලධාරියා නැවත පැමිණෙන බව පවසා පිටව ගියේය.


ලැබුණු තෑග්ග නි​ෙවසට රැගෙන නොගොස් සිය සහෝදර කාර්යාල මිතුරන් දෙදෙනකුට සවසට හමුවන ලෙස ඔහු ආරාධනා කළේය. ඔවුන් නිතර හමුවන ස්ථානයකදී කටගැස්මද රැගෙන ගොස් ලැබුණු තෑග්ග බුක්තිවිඳීමට තිදෙනා සුදානම් වූහ. පාර්සලයේ තිබූ පෙට්ටිය එළියට ගෙන බැලීමේදි විදේශ රටක නිෂ්පාදිත ඉස්තරම් වර්ගයේ මත්පැන් වර්ගයක නම එහි සදහන් කර තිබූ අයුරු දිස්විය. 


ත්‍යාගය ලද නිලධාරියා විසින්ම බෝතල විවෘත කළ අතර අධික භූමිතෙල් ගඳක් ක්ෂණිකව වහනය වන්නට විය. මිතුරන් දෙදෙනා බෝතලය නහයට ළංකර බැලීමේදී එය භූමිතෙල් බෝතලයක්  බව පසක්විය. 


තමා යම් කිසි උගුලකට අසුවී ඇති බව තේරුම්ගත් නිලධාරියා තෑග්ග සමග තිබූ අනෙක් පාර්සලයද විවෘත කර බැලු‍වේය. එහිවූයේ පාවිච්චියෙන් ඉවත්කළ කාන්තා යට ඇඳුම් හා ඇඟලුම් කිහිපයක් එහි තිබෙන බව දුටු තිදෙනාගේම ඉහ මොළ රත්විය. 


සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස මිතුරන් දෙදෙනාට බැගෑපත් වූ නිලධාරියා වැඩි මිලට මත් පැන් බෝතලයක් ගෙනවිත් මිතුරන් දෙදෙනාට සංග්‍රහ කළේය. 


මිතුරන් දෙදෙනාට කට පරිස්සම් කරගත නොහැකිවීම නිසා සිද්ධිය ඔවුන්ගේ කාර්යාල පුරා පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත. රට බඩු නැද්දැයි කෙටි පණිවිඩ මගින් මිතුරන් විමසීම නිසා සිම් කාඩ් පතද වෙනස් කාර ගැනීමට අවසානයේදී ඔහුට සිදුවිය.

 



අදහස් (0)

ගහක් කපා ගන්න බලපත්‍රයේ සන්තෝෂමට අපූරු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 293 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 545 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 582 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 687 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 680 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1104 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site