IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගේ හදන්න උදව්වට ආ මිතුරා බිරියත් ඩැහැගෙන එර්දි වෙලා

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)


නව නිවසක වැඩට ගෙන්වාගත් කළණ මිතුරා පැමිණ දින හතරක් ගතවීමටත් පෙර තම බිරිය සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග පලාගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.

සතුටින් හා නිදහසේ ජීවිතය ගතකරන තරුණ අඹුසැමි යුවළක් සිටි අතර ඔවුනට කුඩා දියණියක්ද සිටියාය. බිරියගේ ගම් ප්‍රදේශයට ආසන්නව ඉඩමක් මිලදීගෙන නව නිවෙසක් ඉදිකිරීමද ඔවුහු දෙදෙනා සිදුකළහ. 

එක් දිනක් නගරයට ගිය සැමියාට පැරණි මිතුරකු මුණගැසුණු අතර ආගිය තොරතුරු කතා කිරිමෙන් පසු ඉදිකළ නව නිවසේ තවත් සුළු වැඩ කිහිපයක් නිමකිරීමට ඇති නිසා එය සම්පූර්ණ කර ගැනීමට මිතුරාට ඇරියුම් කළේය. 

දින කිහිපයක් ගතවීමෙන් පසු එම නිවෙසට ගිය මිතුරා නිවසේ තිබූ සුළු ඉදිකිරීම් කටයුතු සිදුකළේය. පියාට අසනීප බව දන්වමින් තරුණ සැමියාගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී පැවසීමත් සමග ඔහු දෙලොවක අතරමන් වූයේය.

මිතුරා පැමිණ නිවෙසේ වැඩ කරන නිසා දුර බැහැර ප්‍රදේශයක ජීවත්වන පියා බැලීමට යාමට නොහැකිව දස අතේ කල්පනා කරමින් මිතුරා සමග ඒ බව සාකච්ඡා කළේය. ගැටලුවක් නොමැති බවත් ගමේ ගොස් පියාගේ සුවදුක් බලා පැමිණෙන ලෙස මිතුරා පැවසීය. 

මිතුරාට හොඳින් සලකන ලෙස බිරියට ද උපදෙස් ලබාදී එදිනම සවස පියා බැලීම සඳහා ඔහු පිටත්ව ගියේය.

පියාගේ අසනීප තත්ත්වය වැඩිවීම නිසා දින තුනක් පියාගේ නිවෙසේ ගතකළ ඔහු නිවසට පැමිණෙන විට නිවසේ කිසිවෙකු නොමැතිවීමෙන් කලබලයට පත්විය. උදෑසනත් බිරිද සමග දුරකතනයෙන් තොරතුරු කතාකළ අවස්ථාවේදී මිතුරා වැඩ කරන බවත් පැවසීම නිසා ඔහු අන්දමන්ද විය.  අසල නිවසක සිටින බිරිඳගේ පියාට කතාකර ගෙදර කිසිවකුත් නොමැති බව පැවසීමෙන් පසු බිරිඳ දියණිය ද රැගෙන මිතුරා සමග පැනගොස් ඇති බව දැනගත්තේය. 

දැඩිලෙස අසරණ වූ සැමියා නීතියේ පිහිට පැතූ අතර බිරිඳ සැමියා සහ මිතුරා හා බිරියගේ පියා ද නීතිය ඉදිරියට කැඳවා විමර්ශනයක් සිදුකිරිමේදී සැමියා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ අනියම් සැමියා සමග යාමට අවශ්‍ය බව බිරිය ප්‍රකාශකිරීම නිසා නිලධාරිහු ද දැඩි අපහසුතාවකට පත්වූහ.

 තම දියණියගේ නීත්‍යානුකූල සැමියා ඉතා වැදගත් හොඳ මහත්මයෙක් බව පියා දැඩිලෙස අවධාරණය කළ නිසා නිලධාරින්ගේ දිර්ඝ කරුණු පැහැදිලි කිරීමත් නිසා පසුව පිළිතුරක් ලබාදෙන බව පවසමින් දියණිය සැමියාට බාරදී අනියම් සැමියා සමගින් කාන්තාව පිටව ගියාය.



අදහස් (2)

ගේ හදන්න උදව්වට ආ මිතුරා බිරියත් ඩැහැගෙන එර්දි වෙලා

fairoos Thursday, 13 January 2022 12:43 PM

මේකනම් දෙයියෝ සාක්කි තමයි

:       0       10

RD Thursday, 13 January 2022 06:33 PM

පුදුම වසනවාක්. ගේ හදන්න නැකත හොඳ ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 269 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 538 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 577 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 685 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 678 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1104 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site