IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


චියර්ස් කියන්න ගිහින් යකින්නියක් වෙලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම


පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව අවට ගමකින් ඇසුණි.
ගම්බද පෙදෙසකි. පුතුන් තුන්දෙනකුගෙන් යුත් පවුලකි. සැමියා කැඩුම් බිඳුම් වෙද මහතෙකි. පියාගෙන් ඔහු මෙම ශිල්පය ඉගෙන ගෙන ඇත්තේය. ඔහු කොතරම් වෙදකම් කළත් ගමට අගයක් නැත. එහෙත් පිටස්තර උදවියගෙන් ඔහුට ගරුසරු පැසසුම් එමට ගලා එයි.
දිනක් පවුලේම උදවිය එම නිවෙසට ගොඩ වූහ. ඒ, වෙද මහතාගේ අක්කාගේ ස්වාමියා (මස්සිනා) හා ඔහුගේ බාල මල්ලි සමගය. ඔවුන් සමග ඔවුනගේ බිරියෝ හා දරුවෝ පැමිණ සිටිති. එවිට බාල මස්සිනා වූ වෙද මහතා නිවෙසේ සිටියේ නැත. නමුත් ඔවුන් එන බව ඔහු කල් වේලා ඇතිව දැන සිටියේය.
මේ නිසා පිටතට ගිය වෙද මහතා සවස් යාමයේ ගෙට ගොඩ වැදුණි. ගෙනා පොට්ටනිය හෙමින් සීරුවේ රැගෙන ගොස් කාමරයෙන් තැබුවේය. පැමිණි අයගේ බිරියන් හා දරුවන් කැටුව වෙදැදුරුගේ බිරිය මුළුතැන්ගෙට වී කතා කරමින් සිටි නිසා එසේ ගෙනැවිත් තැබූ දේ දෙස ඇයගේ නෙත ගැටුණේ නැත.
කෙසේ හෝ ඇය ලහි ලහියේ පැමිණි ඥාති පිරිසට රාත්‍රී කෑම වේල සූදානම් කළාය. ඒ අතරේ ඔවුන් හොර රහසේ ඉදිරි කාමරයේ මත්පැන් සාජ්ජයකට සැරසුණි. අවැසි බයිට් වර්ග මේසය මත තැබුවේය. 
“අයියේ ඔයා කුස්සියට ගිහින් වීදුරු ටික අරගෙන එන්න. මං ගියොත් ගෑනි කෑගහනවා.” නිවෙසේ හිමිකරුවා වූ බාල මස්සිනා කීවේය.


“හරි වැඩක්නේ. අපි හැමදාම බොන බේබද්දෝ නෙමෙයිනේ. අද අපිත් එක්ක බීවාට බනින්නේ නෑ. මං ඒක බලා ගන්නම්” යැයි කී ලොකු මස්සිනා, කුස්සියට ගොස් වීදුරු ටික සෝදාගෙන කාමරයට ආවේය. ඒ පිටුපසින්ම වෙදැදුරාගේ බිරියත් ආවාය.
“මොකද මේ ජහ ජරාව බොන්න ද හදන්නේ. කමක්නෑ අයියලා දෙන්නා බොන්න. මේ මිනිහාට නම් දෙන්න එපා. තමුසේ බීවොත් මම නරක ගෑනි නම් කියන්න එපා” ඇය කීවාය.
“හරි හරි මම බොන්නේ නෑ. ඔයා ගිහින් කෑම ලෑස්ති කරන්නකෝ” ඔහු කීවේය.
ඇය ඉවතට ගියාය. පිටත සිට ජනේලය අසල සිට ඒ දෙස විපරම් කෙරුවාය.
බාල මස්සිනා වීදුරු තුනටම ටික ටික අරක්කු වත් කළේය. “එහෙනම් චියර්ස්” කියන්නට සූදානම් වූවා පමණි.
ඇය යකින්නියක මෙන් කෑගැසුවාය. කුස්සියේ සිටි ඥාති බිරියන් දරුවන් පමණක් නොව අවට නිවෙස්වල අය ද ශබ්දය ඇසී එතැනට ළඟා වූහ.
ඇය වෙව්ලනවාය. අතේ අරක්කු ටිකක් පිරවූ වීදුරුවකි. ඒ, තම සැමියා අත තිබූ වීදුරුවය. ඇය එය උදුරාගෙනය. 
“අපි මේ දුවගෙන ආවේ කාට හරි කරදරයක් වෙන්න ඇති කියලා.” අවට නිවැසියෝ පැවැසූහ.
ඇය දිග සුසුමක් හෙළුවාය. කටහඬ අවදි කළාය.
“බලාපියව් මේ මිනිහා බොන්න හදනවා. මේ දෙන්නා නම් බීවාට කමක්නෑ. මොකද ඔවුන් රජයේ රැකියා කරනවා. පැත්ත වැටුණත් නිවාඩුවට ගෙදර හිටියත් පඩි ලැබෙනවා. මැරුණත් ගෑනුන්ට විශ්‍රාම පඩියත් ලැබෙනවා.
නමුත් මේකා බීලා පැත්ත වැටුණොත් කවුද අසරණකම බලන්නේ. බෝ පොතු, දමුණු පොතු හොය හොයා කැලේ ගිහින් බෙහෙත් හොයාගෙන හතර වටේ ගිහිල්ලා වෙදකම් කරලා කීයක් හරි ගෙට ගෙනෙන නිසා නේද අපි ජීවත් වෙන්නේ. මගේ එකාට මොනා හරි වුණොත් මගේ පොඩි උන්ට කාගේ පිහිටක්ද. මං විඳින දුක මං විතරයි දන්නේ” ඇය නොනවත්වා විලාප දුන්නාය. පැමිණි අය ඇයව සන්සුන් කිරීමට උත්සහා කළත් ඇය තොරතෝංචියක් නැතිව දොඩවනවාය.
සිද්ධියෙන් නිවෙසට ගොඩ වූ ආගන්තුක දරුවෝ බියට පත්ව සිටිති. සමාජයට වැදගත්කමක් පෙන්වා සිටි බිරියෝ දෙදෙනා අවට අය ඉදිරියේ අපහසුතාවට පත්ව සිටිති. ඔවුන් තම සැමියන් දෙදෙනා එතැන සිටියදීම සියල්ලන්ටම හොරා තම දරුවන් ද කැටුව පිටුපස දොරින්ම නිවෙස් බලා පලා ගොසිනි.
ඒ බව දැනගත් ඔවුනගේ සැමියන් දෙදෙනා ද සකසන ලද ආගන්තුක කෑම වේලත් පසෙක තබා තම බිරියන් යන පසුපසම කුලියට ගත් තවත් ත්‍රිරෝද රථයක නැගී ලු‍හුබැඳ ගොස් ඇත.



අදහස් (2)

චියර්ස් කියන්න ගිහින් යකින්නියක් වෙලා

Pradeep Kumara Monday, 27 January 2025 10:43 AM

ගෑනුනේ

:       0       10

ගුණරත්න Monday, 27 January 2025 08:52 PM

ඇත්තටම දුක හිතුනා. ඒ මනුස්සයා අනාගතය ගැන බයෙන් ඉන්නේ,

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා
2025 ජනවාරි මස 31 559 0

බිරිඳට හොරෙන් පවත්වාගෙන යන අනියම් ඇසුරක් ‘‘ආංගික අභිනයක්”‍ හේතුවෙන් එළි දැක්වීමේ ජවනිකාවකට රජරට පළාතේ දුෂ්කර පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරයකුට මුහ


දොලපිදේනිය වැරදී යකා වැහිලා
2025 ජනවාරි මස 30 778 0

ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


බඩේ රුදාවෙන් කෙරුවාව අහු වෙලා
2025 ජනවාරි මස 29 1182 0

අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.


වැව් බැම්මේ නැටිල්ල දැක සංගීතෙ සංවිධායකයන්ට තරු විසිවෙලා
2025 ජනවාරි මස 28 1488 0

මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානය


චියර්ස් කියන්න ගිහින් යකින්නියක් වෙලා
2025 ජනවාරි මස 27 1066 2

පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව


ජැන්ඩියට ඇදලා රන් ගේමක් දීලා
2025 ජනවාරි මස 24 988 1

රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 708 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 722 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site