හසලක සුනිල් ඒකනායක
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අතේ තිබූ මුදලක් ද අහිමි කරගෙන අතර මගින් නිමාවට පත්වීම හේතුවෙනි.
ඔහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පෞද්ගලික ආයතනයක සේවය කොට විශ‍්‍රාම ලැබූ තිදරු පියෙකි. තිදරු පියකු වුවත් මොහුගේ බිරිඳ මෙයට වසර දහයකට පමණ ඉහත දරුවන්ද රැගෙන වෙනත් ගමනක ගොස් ඇත. එතැන් සිට මොහුට රැකියාව කළ නගරයට ආසන්න ප‍්‍රදේශයක කුලී නිවාසයක පදිංචි වීමට සිදුවිය.
රැකියාවෙන් විශ‍්‍රාම ගිය පසුව ඔහුට තනිකම කාන්සිය නිතර දැනෙන්නට පටන් ගත් පසු මේ ගැන සිය මිතුරකුට පැවසු පසු ඔහු මොහුට යෝජනා කළේ අපි ඔබගේ තනි නොතනියට සුදුසු සහකාරියක සොයාගමු කියාය. දිගු කතා බහකින් පසු එම යෝජනාවට මොහු කැමති වූයෙන් සහකාරියක සෙවීමද මිතුරාටම බාර කෙරිණි.
මිතුරාගේ යෝජනාව අනුව මහියංගනය ප‍්‍රදේශයේ සැමියා මිය ගිය දරුවන්ගෙන් නිදහස් වූ 54 හැවිරිදි කාන්තාවක මොහුට හඳුන්වා දෙනු ලැබුවේ දෙදෙනා ඇසුරු කර අදහස් හුවමාරු කරගෙන දෙදෙනාට දෙදෙනා ගැළපෙන්නේ නම් පමණක් විවාහ දිවියට එළඹෙන ලෙස දන්වමිනි. මෙම යෝජනාවට දෙදෙනාම කැමතිවූයෙන් දුරකතනය හරහා දෙදෙනා කතාබහ කරනවාට අමතරව ඔවුහු දෙදෙනා මහියංගන නගරයේදී හමුවී කතා බහ කිරීමටද අමතක නොකළහ. මෙසේ කතා බහ කළත් ඇසුරු කළත් ඇය පදිංචිව සිටින ස්ථානය ඔහුට පැවසීමට තරම් ඇය මැළිවූවාය.
දිනක් ඇය ඔහුට යෝජනා කළේ අසවල් දින අපි කතරගම ප‍්‍රදේශයට ගොස් වන්දනාමාන කර එදින එහි නවාතැන් ගෙන පසු දින එමුයි කියාය. යෝජනාවට කැමැත්ත පළකර අදාළ දිනයේ දහවල් 12ට පමණ මහියංගනයෙන් බස්රථයක නැග කතරගම බලා දෙදෙනා පිටත් වූහ. එම රථයේ ගමනාන්තය වූයේ මොණරාගල නගරයයි. ඔවුහු කතරගම බලා ධාවනය වන බස් රථයක් පැමිණෙන තුරු තේ කඩයකට ගොඩවුවේ තේ පානය කිරීම සඳහාය.
කඩේ තේ පානය කරමින් ඇය රැගෙන ආ ගමන් මල්ල ඔහු ඉදිරියේ විවෘත කළ අතර එහි ඇඳුම් පැළඳුම් කිසිවක් නොමැති බව ඔහුට පෙන්වා පැවසුවේ ගමනට රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ඇඳුම් මල්ලට දැමීමට අමතක වී ඇති බවකි. ඒ අනුව ඇයට ඇදුම් පුලදුම් ගෙනදීමටද ඔහුට සිදුවිය.
ඇඳුම් තොගයේ මිල රුපියල් එකොළොස් දහසක් පමණ වී තිබිණි. එවැනි මුදලක් ගෙවීම ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ අතර වෙන කළ යුතු දෙයක් නොමැති හෙයින් එම මුදල ගෙවා දමා නැවත බස් නැවතුම්පොළට පැමිණියේ කතරගම බලා ගමන් කිරිමට රථයක් ගැනීමටය.
එසේ බස් නැවතුම්පොළේ දෙදෙනා රැඳී සිටින විට බුත්තල නගරය බලා ගමන් ගන්නා බස් රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය විය. රථය ඉදිරියට යනවාත් සමඟම ඔහු අසල සිටි ඇය ‘‘මම යනවා” යැයි පවසමින් ධාවනය වන රථයට දිව ගොස් ගොඩවුවේ ඔහු අන්ද මන්ද කරවමිනි. ඔහු යමක් සිතන විටත් රථය නොපෙනි ගොසිනි.
‘‘මොකක්ද යකෝ මේ වුණේ.” යැයි සිතා ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තද එය විසන්ධි කර තිබිණි. ඇයට දුරකතන ඇමතුම් ගත්තත් ප‍්‍රතිචාරයක් නොවූ හෙයින් මහනුවර බලා පිටත්ව ගිය අතර ගමට ගොස් මිතුරාට සියලු විස්තර පැවසු අතර ඔහුද පැවසුවේ ඇය පදිංචි ගම හෝ නිවස තමන්ද නොදන්නා බවයි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
Pradeep Kumara Tuesday, 11 March 2025 09:14 PM
වයස 62ක් වෙලත් යන තැනකට වැඩක් කර ගන්නේ නැතුව කාම ලෝකෙ ඇලී ගැලී ඉන්න ගියාම ඔහොම වෙනවා.