(තණමල්විල - සුජීව ජයවික‍්‍රම)
පළාත් ඡුන්දය පැවැත්වෙන ඌව පළාතේ බොහෝ ඡුන්ද දායකයෝ අලූත්ම කලාවකට පුරුදු වී සිටිති. එනම් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන කටයුතු සඳහා දේශපාලකයන්ගේ සහයෝගය ලබාගැනීමට නොහොත් දේශපාලකයාගේ දත ගැලවීමටය. එවැනි එක් සිද්ධියක් තණමල්විල ප‍්‍රදේශයෙන් ද සැල විය.
මෙම පුද්ගලයාගේ නිවෙසට පැමිණි අපේක්ෂකයකුගේ පිරිසකට සිය දුක් ගැනවිල්ල වූ ස්ථීර වැසිකිළියක් නොමැති බව කී පසු ඒ සඳහා මුදලක් ද අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ගැනීමට තවත් රුපියල් 4000/-ක් ද ඊට අමතරව පෝස්ටර් මිටියක්ද දුන්නේ ප‍්‍රචාරක කාර්යාලයක් පවත්වාගෙන යාමටය.
පසුදා එම පොස්ටර් අලවා කාර්යාලයක් හැදුවේය. එහෙත් එය තිබුණේ දින තුනකි. ඊට පසු එම කාර්යාලයේ තිබුණේ එම පක්ෂයේම වෙනත් අපේක්ෂකයකුගේ ඡයාරූපයකි.
මේ ගැන විමසූ කල ඔහු මෙසේ කීවේය.
”මේ පෝස්ටර් ටික ගහගෙන ඉද්දී වෙන අපේක්ෂකයෙක් කීව අපි මෙච්චර මුදලක් දෙන්නම් කියලා. ඉතිං ඒ සල්ලි අරගෙන අර පෝස්ටර් ගලවල මේව ගැහුව. ඉතිං හෙට අනිත් පක්ෂයෙ කෙනෙක් මෙහෙම ආවොත් මම එයාලගෙ පෝස්ටරුත් ගහනවා.” ඔහු එසේ කීවේ මහ හයියෙන් සිනාසෙමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්දදායකයා අපේක්ෂකයා ගොනාට අන්දවයි
රෙජි-සිඩ්නි Monday, 15 September 2014 01:20 AM
මිනිහා කරලා තියෙන්නේ තැනට සුදුසු විදිහට මොළය පාවිච්චි කරන එකයි. නැත්නම් කොහොමද මේ සමාජයේ අද ජීවත්වන්නේ. (නි)
කුමාරි Saturday, 13 September 2014 10:35 AM
කල දුටු කල වළ ඉසගැනීම. (නි)
මාලි Saturday, 13 September 2014 11:05 AM
හොඳ වැඩේ (නි)
චමින්ද Friday, 12 September 2014 08:17 PM
අහුවෙච්ච වෙලාවේ, දත් තිස් දෙකම ගැලෙව්වත් කමක් නැහැ. (නදී)
පිටබැද්දර ජයා Sunday, 14 September 2014 06:36 AM
සමහර දියුණු රටවල ඡන්දෙකට වියදම් කරන්න පුළුවන් මුදල සිමා කරලා තියෙනවා වගේම එ් මුදල් ලැබුන විදියත් පෙන්නන්න ඕනා. එතකොට රටේ මුදල් නාස්තිය නවතිනවා මෙන්න මේ වගේ නීති අපේ රටටත් ගේන්න කාලේ දැන් හරි (නදී)
ජෙහාන් Sunday, 14 September 2014 07:11 AM
පෝස්ටර් ටික ඇලෙව්වේ ගත්තු සල්ලි වලින් අටවාගත්ත වැසිකිලියේද දන්නේ නැහැ. (නදී)
මහේෂ් Monday, 15 September 2014 03:06 PM
මිනිහගේ ලිපිනය ඉල්ලා ගන්න බැරි වෙයිද දන්නේ නෑ අපටත් ගමට බහින්න (නදී)
මනෝජ්-සාජා Saturday, 13 September 2014 03:00 AM
මල්ලි හරි මල්ලි. ඔහොම තමා කරන්න ඕනා. (නදී)
සුසිර Saturday, 13 September 2014 05:39 PM
ඔය විදිහට කියූ ඡන්දදායකයා තවමත් යහතින් ඉන්නවද? (නි)
අජිත් කරුණාරත්න Monday, 15 September 2014 06:27 AM
හරියට හරි. මෙච්චර කල් ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද දායකයවයි ගොනාට ඇන්දුවේ ඔබ හරි මල්ලි . ඔහොම යං , ඔහොම යං.(අ)
ගාමිණී සිරිවර්දන Saturday, 13 September 2014 03:54 AM
ඔය කොපමණ වියදම් කලත් අන්තිමේ ඡන්දය ලැබෙන්නේ ගැමියාගේ දුක හඳුනාගත්, මරණයකට , මගුලකට සහභාගිවෙන සමාජ සේවයට කැපවී සිටින දේශපාලනයෙන් මුදල් මඩි නොගැසූ ගමේම අපේක්ෂකයාටයි (නදී)
සෑම් Saturday, 13 September 2014 04:07 AM
අපේක්ෂකයින් කරන්නේ ඡන්ද දායකයින්ව රවටන එකයි. ඡන්ද දායකයින්ටත් අපේක්ෂකයින් රවටන්න සම්පුර්ණ අයිතිය තියනවා. (නදී)
සුමුදු Saturday, 13 September 2014 11:06 PM
හිතාගෙන ඉන්නේ අපේක්ෂකයා ගොනාට ඇදගත්තා කියලා වුණාට අන්තිමට ගොනා වෙන්නේ ඡන්දදායකයාමයි, හරියට කල්පනා කරලා ඡන්දෙ දුන්නේ නැත්තම්. (නි)
සිරි Saturday, 13 September 2014 11:59 PM
නියමයිනේ! (නි)
අම්පාරේ දුමිත Sunday, 14 September 2014 02:46 PM
සෑම්ගේ කීමට මමත් එකඟයි (නි)
සම්පත් Saturday, 13 September 2014 06:48 AM
හැමදාමත් වුණේ මේකම තමා.ජනතාව දේශපාලකයන් අන්දනවා දෙශපාලකයන් ජනතාව අන්දනවා .අලුත් දෙයක් නැහැ මෙතන වියදම් කරන්න කියල දෙන සල්ලි වලින් බාගයක්වත් අාධාරකරුවෝ වියදම් කරන්නේ නැහැ. (අ) සාක්කුවල දාගන්නවා
පද්මිණී Saturday, 13 September 2014 07:55 AM
ඔන්න ඔහොම තමා ඡන්දෙ දවසටත් කරන්න ඕනා (නදී)
සංජය Saturday, 13 September 2014 08:35 AM
වැඩේ හොඳයි (නි)
රුවන් Saturday, 13 September 2014 08:38 AM
ඡන්දය අවසන්වෙලා දුන් මුදල පොලියත් එක්ක දෙන්න වේවි. (නි)
දයා අළහකෝන් Sunday, 14 September 2014 07:11 PM
ඒක තමයි දේශපාලනය කියන්නේ (නි)
තිලංක Tuesday, 16 September 2014 04:44 AM
ලංකාවේ බුද්ධිමත් ඡන්දදායකයින් ඉන්න එක ගැන රටත් වශයෙක් ආඩම්බර වෙන්න ඕනේ (නදී)