මාවරල පී.එස්.මද්දුමගේ
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක්තරා පවුලක වැඩි හිටි දෙමහල්ලන් දෙදෙනා පක්ෂ දෙකකට ඡන්ද දීම නිසා ජයග්‍රහණය ගැන ගිවිසගත් ඔට්ටුවක් පිළිබඳව අපූරු කථාවක් හදුගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
ඡන්ද දිනයේ ප්‍රතිඵල එකින්නෙක ප්‍රකාශයට පත්වෙද්දී පුරුෂයාගේ පක්ෂය පරාජයට පත් වන බව දැනගත් ස්වාමි පුරුෂයා ඡන්ද ඔට්ටුව ගැන සිතමින් කල්පනාවට වැටුණි. කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල අවසන් වීමෙන් බිරිඳගේ පක්ෂය ජය ගෙන ඇති බව ප්‍රකාශයට පත්වීමත් සමග ස්වාමි පුරුෂයා ඡන්ද ඔට්ටුව අනුව එය ඉටු කිරීමට පියවර ගත්තේය.
මේ අතර අසල නිවසක අයකු මැතිවරණ ප්‍රතිඵල ගැන කතා බහ කිරීමට එම නිවසට පැමිණ, ගෙදර පිරිමි පුද්ගලයා ගැන බිරිඳගෙන් විමසීය. ‘ආ..එයා ඡන්දෙන් පැරදිලා මං එක්ක ඇල්ලූ ඔට්ටුවට වැඩ, යයි කීය. වැඩේ කුමක්ද කියා විමසුවද බිරිඳගෙන් පිළිතුරක් නොලද නිසා ඔහු මිතුරාගේ නම කියා අඩගසමින් නිවස තුළට ඇතුළු විය. මුළුතැන්ගේ දෙසට ගිය අසල් වැසි මිතුරාට නිවැසි මිතුරා දැලි වළං ගොඩක් සෝදමින් සිටින අන්දම දැක ගන්නට හැකි විය.
“ඈ බන් මොකද අද මේ?, බිරිඳට අසනීපයක්වත්ද?, පුදුම වූ මිතුරා විමසීය.
‘‘නෑ අනේ මම ඡන්ද ඔට්ටුවක් ඇල්ලුව බිරිඳ සමග. එයා දිනුවොත් මම මාසයක් වළං සෝදගෙන උයන පිහන වැඩ ටික කරනව කියල. මම පරාදයි. ඒකයි මේ වැඩ.
මිතුරා සිනාසී බොහොම හොඳයි. කියා සාලයට ගොස් හිඳ ගත්තේය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඡන්ද ඔට්ටුව පැරදී වළං හෝදන්න වෙලා