මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි
පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ, ඒවා පුච්චා, නළලේ අළු ගා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවැසූ අපේක්ෂකයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා විය.
මැතිවරණය සඳහා ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයෙකි. නගරයේ නමේ මුල් අකුරින්ම කියවෙන ගමේ අපේක්ෂකයකු ලෙස නාම යෝජනා දුන් සැණෙකින් ඔහු නගරයේ මුද්‍රණාලයකට ගියේ අත් පත්‍රිකා මුද්‍රණය කරගැනීම සඳහාය. කලක් තිස්සේ ගම නියෝජනය කළ දේශපාලකයකුගේ සහතිකය දුරකතන පණිවිඩයක් මගින් ලබාදීමට මේ අපේක්ෂකයා කටයුතු කරනු ලැබුවේ විශ්වාසය ඇති කරගනු පිණිසය. රුපියල් දහසය දහසක ඇණවුමක් ලබා දුන් ඔහු සුළු මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීය.
අත් පත්‍රිකා ඉක්මනින් අවශ්‍ය බව කී මේ අපේක්ෂකයා, ඉතිරි මුදල ඉක්මනින් ගෙවන බවට පොරොන්දු විය. පත්‍රිකා මුද්‍රණය කෙරිණි. මැතිවරණයට නියම වූ දින වෙනස් වීමත් සමග අපේක්ෂකයා පත්‍රිකා ගෙන යාමට ආවේ නැත. ඒ නිසා මුද්‍රණාලයෙන් ඔහුට ඇමතුම් පිට ඇමතුම් දෙමින් ගනුදෙනුව අවසන් කරන ලෙසට ඉල්ලීය. මැතිවරණය කල් ගිය නිසා සම්පූර්ණ මුදල වෙනුවට ගිය වියදම පමණක් පියවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ සාධාරණයක් කරන්නටය. විවිධ පිළිතුරු දෙමින් කල් ගත කළ අපේක්ෂකයා අවසන් වතාවේදී මුද්‍රණාල හිමිකරුට ගෝරනාඩු කළේය.
“ඡන්දෙකුත් නැතිව ඕවා මම අරගෙන ඇවිත් මොනවා කරන්න ද, පුච්චලා නළලේ අළු ගා ගනින්” යැයි ඔහු පැවැසීමත් සමග හොඳ දෙක තුනක් ඔහුට ද අසා ගන්නට ලැබිණි. කණ්ඩායමේ සගයා ගැන නායකයාට ද පැමිණිලි කළේ ඉන් අනතුරුවය. “ඕකා හොරෙක්” නායකයාගෙන් ලැබුණු සහතිකයෙන් ද කියවිණි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්ද පත්‍රිකා ගෙනයන්න කීවාම නළලේ අළු ගා ගන්න කියලා