කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වුවත් එයට පින් සිද්ධවෙන්න සිය නිවසේ ගිනි පුපුරු දෙක ශීතලවී මුළු නිවසම සීතලවී ඒ සීතලෙන් දෙසවනට සහනයක් ලැබූ අයකු පිළිබඳව අපූරු පුවතක් බලපිටියෙන් අසන්නට ලැබේ.
අනාදිමත් කාලයක පටන් එන නැන්දම්මා ලේළි විරසකය මේ ගෙදර ද නොතිබුණාම නොවේ. කෙහෙවලු පටල නොගත්තත් දෙන්නට දෙන්නා තරහිනි. ඇනුම් පද හුවමාරු කර ගනිමිනි. ඉඳහිට නැන්දම්මා ලේලිය, දෙන්නගේ අඩහැරයෙන්, නිවස්නයේ, වහලේ බිමට පාත්වී නොගියේ යාන්තමිනි.
මේ වටපිටාවෙන් ඔහු සිටියේ හොඳටම හෙම්බත්වීය. මේ ගැන දෙන්නටම කොතෙක් අවවාද කළත් ඔවුන් සිටියේ නොඇසූ කන් ඇතිවය. නැන්දම්මට ලේළිය කෑවත් වැරදිය. බීවත් වැරදිය. ලේළියට ද එය එසේම විය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම මේ ලේළිය සිය නැන්දම්මාට සෙනේවන්ත වූවාය. ඇය ගැන නිතර සොයා බැලුවාය. කවදාවත්ම නැතිව අම්ම කෑවද බිව්වද යයි නැන්දම්මාගෙන් ඇසුවාය. මම බත් ටිකක් බෙදන් එන්න ද තේ ටිකක් හදන් එන්න ද යයි ඇය නැන්දම්මාගෙන් ඇසූ වාර ගණන ද එන්න එන්නම වැඩිවිය.
සිය භාර්යාව සිය මවට දෙවියකුට මෙන් සලකන අයුරු දුටු ඔහු පුදුම වූවේය. එය අදහා ගන්නත් බැරිවිය. සිය මව ගැන භාර්යාවගේ පංචස්කන්ධය මෙතරම උණුවූයේ ඇයිදැයි යන්න ඔහුට තුන් තේරවිල්ලක් මෙන් විය. ඒ කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔහු සිටියේ සතුටිනි. ඒ කාලයක් තිස්සේ තිබූ මේ දෙන්නාගේ කන්කරච්චලයට මද විරාමයක් ලැබූ බැවිනි.
ඔහු මේ වෙනස පිළිබඳව භාර්යාවගෙන් ඇසුවේ ඊයේ පෙරේදා නිදි යහනේදීය. ලස්සන සාරියක් ඇය වෙතට තිළිණ කරමිනි. දන්නැද්ද මේ පාර මම වැඩ කරන අපේක්ෂකයා දිනවන්න මම උපරිම ශක්තිය යොදවනවා.
අපේ පාසලේ සියලුම ආදි ශිෂ්‍යාවන් වැඩ කරන්නෙත් එයාට. අපි කතා කරගත්තා ඡන්ද ගොඩ වැඩිකරගන්න ඕන කියලා. ඒ සඳහා ගෙදරින්ම පටන් ගනිමුයි කියලයි කතාවුණේ. ඔයා නම් හරිනේ. ඔයාගේ අම්ම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ දවස්වල මම එයාට සලකන ගමන්ම එයාගේ මොළයත් ජනාධිපතිවරණය වෙනුවෙන් හෝදනවා. දැන් ගොඩක් සාර්ථකයි භාර්යාව කීවේ ඇඟට පතට නොදැනීමය.
හා ඒකයි මේ එහෙනම් යයි ඔහු කීවේ අම්ම තමුන් කියන කෙනාට ඡන්දය නුදුන්නොත් මොකද කරන්නේ යයි ද ප්‍රශ්නයක් අසමිනි. එහෙම වුණොත්, නැන්දම්මා ලේළියගේ සටන් විරාම ගිවිසුම අක්‍රියවී පෙර පරිදිම සටන ඇවිළේ යැයි ද ඇය කීවේ සැමියාගේ ඉහමොළ රත් කරවමින් ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා