කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
යාබද නිවෙස්වල සිටි ඔවුහු එක්වූයේ මහ මැතිවරණ ප්‍රතිථල අසා ගැනීමය. ඊට නිදි දෙව්දුව දුරස් කිරීමටත් ඒ සඳහා උත්තේජකයක් ලබා ගැනීමත් මෙහි තවත් අනු අරමුණක් විය.
ෂොට් එකක් දාගත් ඔහු කෙටි නින්දකට වැටුණේය. ඒ වාඩිවී සිටි පුටුවේමය. බෝතලය හිස්වූයේ විනාඩියට දෙකටය. තවත් ඔවුනට වුවමනාවිය. ළඟ සල්ලිද නොවීය. බාර් වසා ඇති හෙයින් බඩු ගත හැක්කේ වැඩි මිලටය. කරන්න කිසිම දෙයක් නොවිය. එකකු අනෙක් අයගේ කනට කර අලුත් අදහසක් දැම්මේය. වෙනත් විකල්පයක් නොවූ තැන ඔවුහු ඊට කැමතිවූහ.
කොහොමින් හරි ඔවුහු තවත් බෝතලයක් ගෙන ආහ. අර මිතුරා තවම නින්දේය. පුටුව උඩමය. අනෙක් අය ඔහු කූද්දා ෂොට් එකක් දෙකක් දුන්නෝය. ඔහුත් නිදි මරගාතේම එය ඇරලා දැම්මේය. වැඩේ නැගලා යමින් තිබිණ.
නින්දේ සිටි මිතුරාට නිවසට යාමට අවශ්‍ය වූවේය. ඔහු දනිපනිගා නැගිට්ටේ නිවසට යාමටය. කමීසයේ සාක්කුව බැලුවේ නිකමටය. දෙයියනේ සාක්කුවේ තිබුණු මොනරු තමාටත් නොදැනීම ඉගිල්ලිලාය. ඔහුට හීන් දහඩිය දැම්මේය. මේ පිළිබඳ ඔහු මිතුරන්ගෙන් ඇසුවේය.
මචං අපිට මදිවුණා. කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපි ඉතිං උඹේ කමීස සාක්කුවෙන් සල්ලි අරගෙන තව බෝතලයක් අරන් ආවා. කමක් නැහැනේ. උඹත් බිව්වානේ යයි මිතුරන් කීවිට ඔහුට මැවි මැවී පෙනුණේ සිය භාර්යාවගේ රකුසු මුහුණය. නිවසට උදේට ගේන්න තියෙන බඩු ලයිස්තුවය. ඒ සඳහා ඔහු උදේට ඇයට දැන් මුදල් ලබාදෙන්නේ කෙසේද යන්නය. දැනි ඉතිං නිවසට ගොස් හමාරය.
කාගෙන් හෝ අත මාරුවක් අරගෙන උදේ පාන්දරම ගෙදර යන්නේ යයි සිතමින් ඔහු තමාගෙන් ගත් මුදලින් ගෙනා බෝතලයෙන් තවත් ෂොට් කිහිපයක් ගෙන පුටුව උඩම නිදාගත්තේ වෙනත් කරන්න දෙයක් නැති නිසාලු.
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ” යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා