හරිම උජාරුවට ඩෙනිම් කලිසමක් ඇඳගෙන ලස්සන කමිසයකින් උඩුකය සරසාගෙන හොඳ හැටි සුවඳ විලවුන් තවරාගෙන තම පෙම්වතිය බලන්නට හෙල්මටයක් නොපැළඳ යතුරුපැදියේ නැගී ගිය සරසවි ශිෂ්‍යයෙකි.
ඔහුගේ ගම ගාල්ලේය. විශ්වවිද්‍යාලයට ආවේ හොඳින් ඉගෙන ගන්නටය. ඒත් හැමදේටම වඩා යතුරුපැදියක අවශ්‍යතාව ඔහුට දැනිණි. දස අතේ වැඳ වැටී පහසු ගෙවීමේ ක‍්‍රමයට යතුරු පැදියක් මිලදී ගත්තේ මේ නිසාය.
දැන් ඔහුට ”සරු” යැයි ඔහු දුටු යහළු යෙහෙළියෝ සිතූහ. එහෙත් ඇත්ත දන්නේ ඔහු පමණි. අතේ තඹ දොයිතුවක් නැත. ඔහුගේ අසරණකම කොතරම්ද කියනවා නම් ඉන්ධන ගැනීමට ද මුදල් ලබාගන්නේ දස අතේ ණය වෙලාය. බෝඩිමෙන් සරසවියටත් සරසවියෙන් බෝඩිමටත් යතුරුපැදියෙන් යෑම ඔහුගේ සිරිත විය.
මේ අකරතැබ්බය වූයේ මේ අතරතුරය.
”උඹ ගෙදර ඉඳන් දැන් ද ආවේ?” ඒ ඇහුවේ ඔහුගේ අඹ යාළුවාය.
”ඔව් මචං. දැන් මම හොස්ටල් යනවා. පස්සෙ හම්බ වෙමු.”
ඉයර් ෆෝනය කනේය. ඔහු යතුරුපැදියේ නැගුනේ සිනමාවේ වීරයකු සේය.
”ටේරී මේරී මේරී ථේරී....
පේ‍්‍රම් කහානි හු මිසුදිල්...”
ගීතය තාලයට මුමුණමින් ඇක්ෂන් ද දමන්නට වීය.
”මළා” ඔහුට ඉබේටම කියවිණි. ඉදිරියෙන් එන්නේ ”ට‍්‍රැෆික්” පොලිසිය නේද? ඔහුට හීන් දාඩිය දැමීය. පිටිපස්සේ සිටි සාජන්ට් මහත්තයා යතුරු පැදිය නවතන මෙන් අත උස්සා අණ කෙළේය. එහෙත් ඔහු එය ගණන් ගත්තේ නැත. යතුරු පැදියේ වේගය වැඩි කළේය. අතුරු පාරකට යතුරු පැදිය දමා විනාඩි 20ක් පමණ නවතා තබා පසුව මගදී හමුවූ යහළුවකු ද යතුරුපැදියේ නංවා ගත්තේය.
”උඹ දන්නෑනෙ මම අද දීපු ගේම”
යනුවෙන් කතාව පටන්ගෙන තමා කළ වික‍්‍රමය එකින් එක සිනහවෙමින් පවසන්නට වීය. එලෙස පවසමින් බෝඩිම දෙසට යතුරුපැදිය දැම්මා පමණි.
”දෙයියෝ සාක්කි. අරුන් දෙන්නා නේද?” ඔහුට දවල් තරු පෙනිණි.
”කෝ ගන්නවා ලයිසන්.”
”මොකුත් නෑ සර්.” වීරයාට කටඋත්තර නැතිවිය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජැණ්ඩියට ඇඳගෙන යතුරුපැදියෙන් ගිය අනංග රජාට පොලිස් බැල්ම
රුක්මල් Friday, 26 July 2013 12:47 AM
දෙයියෝ සාක්කි සමග රන්දී ගේ පම්පෝරිය.(නදී)
දයා අළහකෝන් Tuesday, 23 July 2013 11:55 AM
මල්ලි, බයවෙන්න එපා. ඔයා හොද උත්සාහවන්තයෙක් (නි)
කුමාර Wednesday, 24 July 2013 06:33 PM
මට හිතෙන්නේ නුවන් ප්‍රේමලාල් ටත් මේ කොල්ල ලයින් දාපු කෙල්ල ගැන අදහසක් තියෙනවා වගෙයි .ඉරිසියාවට මේ ප්‍රවෘත්තිය දාන්න ඇත්තේ .(අ)
උපුල් Wednesday, 24 July 2013 02:57 PM
මටත් ඔහොම වැඩ වෙලා තිබෙනවා (නි)
ප්‍රසන්න Thursday, 25 July 2013 01:32 PM
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියනවනේ. කැම්පස් ගියත් ඔලුව නැහැ වගේ. දැන් ඉතින් ඔය කැම්පස් වල ඉන්න ගොඩක් අයගේ වැඩ බැලුවහම ඔලුවක් තියෙනවද කියලා හිතෙනවා. හෙල්මට් නැතුව යන්නේ ඔලුවක් නැති නිසානේ පරිස්සන් කරගන්න. (නි)
හේරත් Thursday, 25 July 2013 05:55 AM
ඇත්තම කියලා රාළහාමිගෙන් ඇහුවා නම් අයියේ අයියත් තරුණ කාලේ අක්ක බලන්න යන කොටත් මේ වගේ ගැටකාර වැඩ කරලා ඇති නේ. අදට මට සේප් පාරක් දෙන්නකෝ කියන්න තිබුන නේ.(නදී)
අප්පු Wednesday, 24 July 2013 07:11 PM
අද ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයාගන්ට පුලුවන්ද ?(අ)
ඉන්දු Tuesday, 23 July 2013 12:35 PM
මට මැවිලා පෙනුනේ සාමාන්‍ය කොලු උණක් තියෙන තරුණයෙක්ව. එතකොට දුකක් ඇතිවුණා (නි)
දිසා Thursday, 25 July 2013 02:22 PM
මෝඩකමට බෙහෙත් නැහැනේ පුතා (නි)
රන්දි Tuesday, 23 July 2013 01:15 PM
අපේ රටේ මිනිස්සුන්ගේ බාහිර ඔපයත් කැපී පෙනීමේ දැඩි මානසිකත්වයත් නිසා, එදාට වඩා අපරාධ වැඩියි. දුප්පත්කමත් තමන් වෙලා ගන්නවට වැඩියෙන් තරුණ පරපුර අපරාද කරනවා. තමන්ට අවශ්‍යදේ කොහොම හරි හොයා ගැනීමේ පරමාර්ථයෙන්. අපේ කාලේ අපිට උවමනාදේ අපි යහළුවන් අතරේ හුවමාරු කර ගැනීමෙන් අපේ අවශ්‍ය දේවල් එදා සම්පුර්ණ වුනා, ඒත් අද සමාජය එහෙම නැහැ. ඒ අයට ඒක මදිකමක් විදියට දකින්නේ. මම පාසල් යනකාලේ මට අවශ්‍යදේ එමටයි ඒත් අම්මට කරදර කරදර කලේ නැහැ. මම දන්නවා අම්මට කරදර කරලා මගේ උවමනාවන් සම්පුර්ර්ණ කරලා ඊට වඩා ගෙදර දොර අවශ්‍ය දේවල් අපිට තිබුනා. ඇදුම් දෙක තුනයි පන්තිවලට අදින්න තිබුනේ. එකම සුදු ගවුමයි පාසල් ඇන්දේ , ඉස්කෝලේ ඇරිලා මම ඉස්සරවෙන්න දුවන් එනවා කෙල්ලෝ කොල්ලෝ වැට පැනලා වැව බොර කරන්න පෙර සුදුගවුම හෝද ගන්න. හද එළියේ පාඩම් කලා, පිළුණු වෙච්ච හීල් බත් කලා පාසල් ගියා. අපිට කිසිම වරදක් උනේ නැහැ දෙවියන්ගේ පිහිටයි. හොදට ඉගනගත්තා, ගුරුගෝල භක්තිය දේව භක්තිය වගේ අපේ හදවත්වල තිබුනා. ඒත් අපි ආව මාවතේ කනගාටුවෙනවානම් ඒ දෙමාපියන් සමග එකට බත්වෙලක් කෑමට ඔවුන් ජීවතුන් අතර නොමතිවීමයි. අපි ඒ විදි දුප්පත් ජීවිතේ අද සිහිකරද්දී පුදුමම සතුටක් දැනෙන්නේ. අපි ජීවිතේ ඉගන ගත්තා කියල සතුටුයි. අද අපි තවෙකෙකුට උදව් කරලා සතුටුවෙනවා. ඒ දුප්පත් ජීවිතේ මතක් වෙද්දී හරිම සුවදක් දැනෙනවා අද. ඒත් අද කාලේ පරපුරට වර්තමානේ ඔවුන් කරන විදින දේ? යම් දවසක සිහිකලාම ඔවුන්ට හිර ගෙදරක අමිහිරි හපුටු ගදක් මතකෙට නැගෙයි... පසුතැවීමක් සමග.(නදී)
තුෂා Tuesday, 23 July 2013 01:17 PM
ගණන් ගන්න එපා මල්ලි.ඔයිට වැඩිය කටු කාපු මිනිස්සු අද ලස්සනට ජීවත් වෙනවා (නි)
රන්දි Tuesday, 23 July 2013 01:22 PM
අපේ අයත් අනුරාධ පුරේ පැත්තේ ඉදන් ඔය වගේ ජැන්ඩි වැඩ පෙන්වනවා. ලස්සන කෙල්ලෝ එතකොට එයා දිහා බලයි කියල හිතාගෙන, අපිනම් පැත්තවත් බලන් නැහැ.(නදී)
රන්දි Tuesday, 23 July 2013 01:31 PM
සරත් මල්ලි, එතකොට අලුතෙන් මෝටර් බයිසිකලයක් ගත්තද ? පරණ කැඩිච්චි බයිසිකලේ ? ආ දවසක් අර කොහිල වලේ දමලා දිව්වේ හරි හරි. ආරංචි උනා සීන් එක.(නදී)
චන්දි Tuesday, 23 July 2013 07:57 PM
හුග දවසකින් චන්දා ඇවිත්. අහා !!ප්‍රීතියි ප්‍රීතියි !!!දකුණට ආ වඩාගෙනම ඇවිත්. ගණන් ගන්න එපා කොල්ලෝ ,ඕවා ඔහොම තමයි ,හිතට දුකයි තමයි. නමුත් ඕවා ඔහොම තමයි (නි)
අසේල Tuesday, 23 July 2013 08:01 PM
අපිත් ඔය කාලේ අතේ සතේ නැතුව කුලි කාර් අරං කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා, ගෙදරට මාටියා ගහලා. ඕව සාමාන්‍ය දේවල්. (අ)
දම්මික පෙරේරා Tuesday, 23 July 2013 02:17 PM
අනේ පව් අහිංසක මනමාල කොල්ලට වුන අකරතැබ්බය. පගාවක්වත් දීලා මාරු වෙන්න පොකට් එකේ සල්ලි නැතුව ඇති. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කිව්වලු (නි)
චතූ Tuesday, 23 July 2013 09:34 AM
මේකත් දෙයියෝ සාක්කිද?(නදී)
චමින්ද Wednesday, 24 July 2013 09:17 AM
මිනිහෙක්ට දැනුම දුන්නට ප්‍රඤව දෙන්න බෑ කියන්නේ ඕකයි.(නදී)
චන්දා Wednesday, 24 July 2013 09:21 AM
නියම කතාව "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" ටිකක් වෙනස් කරලා කියන්න හිතුනේ කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැති නිසයි. (නදී)
අවිශ්ක Tuesday, 23 July 2013 09:42 AM
මොනවද මේ විහිළු?(නදී)
ඊඩ්න් Wednesday, 24 July 2013 01:19 PM
දකුණේ මිනිස්සු තමයි රට බේරා ගත්තේ. (නි)
රණවන Tuesday, 23 July 2013 10:02 AM
බෙන්තර ගඟෙන් එහා පැත්තේ මල්ලිලා කොහොමත් නාගන්නවා! (නි)
බමුණු Tuesday, 23 July 2013 03:12 PM
ගාල්ලේ අයියල කලොත් ඔයවගේ වැඩක් තමයි.(නදී)
සරත් Tuesday, 23 July 2013 10:22 AM
මටත් ඒකාලේ ඔය උණම තිබුණා. ඒත් පස්සේ හොදටම හොද උනා. ගණන් ගන්න එපා මල්ලී. පස්සේ කාලෙක කියන්න ඉතුරු වෙන්නෙත් ඔය සුන්දර මතකයන් විතරයි.(නදී)
චන්දි Wednesday, 24 July 2013 10:08 AM
ගාල්ලේ ,කොල්ලනේ ,කෙල්ලනේ මෙන්න ඡන්ද කියනවා අපිට වැඩ බහැ කියා. කෝ මේ අපේ හේරත් මල්ලියා. අපි ඡන්දට බර වැඩක් දෙමුද ගාල්ලේ කොටුව වටේ දන ගාන්න කියලා.(නදී)
ගාමිණී-සිරි Tuesday, 23 July 2013 10:16 PM
කැම්පස් කොල්ලෙක් වෙලත් ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. (නි)
චන්දා Tuesday, 23 July 2013 03:51 PM
වැඩ බැරිනම් ගම ගාල්ලේ. (දී)
වරුණ Wednesday, 24 July 2013 01:58 PM
එතකොට රට විනාස කරන්නේ නිරිත දිග අය වෙන්ට ඇති.(නදී)
විපුල Tuesday, 23 July 2013 04:28 PM
කොල්ලෙක් උනාම ඕවගේ දේවල් වෙන්න ඕන, අනික කොල්ලෝ හීනෙන් ඇවිදින, මිනිස්සුන්ට සමහර දේවල් අමතක වෙලා රටේම ජනාදරය පත්වෙන ආස්චර්ය්මත්, මේක අහිංසක කොලුකමක්, (දී)
ප්‍රියා Thursday, 25 July 2013 10:53 PM
අනේ මට නම් කිසි වරදක් පෙනෙන්න නැහැ. කැම්පස් ගිය කොල්ලෙක්. (නි)
උපාලි Tuesday, 23 July 2013 11:18 AM
මේ දරුවා ඉතාම අහිංසක පෙම්වතෙක්. මෝරපු 'අංකූරෙක්' නෙමෙයි. ඇත්තම කියනවා නම් මට ලොකු දුකක් ඇතිවුනේ මේ කතාවෙන්. මමත් ළඟ හිටියා නම් සරත් වගේ හිස අතගාලා ඔය වගේම වචනයකින් එයාගේ හිත සනසනවා. (නි)