IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඥාතියකු ආරූඪ වී ආතුරයා කපුවාට පොල්මලෙන් තඩිබාලා

ඥාතියකු ආරූඪ වීමෙන් ආවේශ වූ ආතුරයකු මල් බුලත් තට්ටුවකට මතුරමින් සිටි කපු මහතකුට පොල් මලකින් පන්න පන්නා පහරදුන් බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

එය වියලූවේ පිටිසර ගමකි. ගම්මුන්ට වැළදෙන බොහෝ රෝගාබාධ වලදී මේ ගම්මු නගරයේ රෝහලකට ආවේ බොහෝ කලාතුරකිනි.
 ඕනෑම රෝගයක් වැළදෙන්නේ යකුන්ගෙන් බව විශ්වාස කරන ඔවුහු ගමේ අයකු රෝගී වූ විට ගුරකු ගෙන්වා නූලක් දැමීම රෝගයට නිසි ප‍්‍රතිකාරය යැයි විශ්වාස කළහ.

පසුගිය දිනෙක ගමේ තරුණයකු රෝගාතුර විය. ඔහුගේ විරෝධතාව මැද්දේම නිවසේ වැඩිහිටියෝ ගුරකු ගෙන්වා ගුරුකමක් සූදානම් කළහ.

දුම්මල තට්ටුවෙන් නඟින දුමින් ඉහ මොළ රත්වූ තරුණයා බොහෝ වේලාවක් ඉවසමින් සිටියදී ඔහුටත් නොදැකීම රතු කට්ට පැන්නේය.

උණ රෝගය පැත්තකින් තැබූ තරුණයා මල් බුලත් තට්ටුවේ තිබු පොල් මලක් අතට ගෙන ගුරාට හොඳ හැටි තැලූවේය. බැරි තැන ඔහු සරමත් ඇඳ ඇඳ කඩුල්ල පැත්තේ හිටපන් උඹට හත් වරුවක් යන්න කලින් හොද වැඩක් කරන්නම් යනුවෙන් පාරමි බාමිනි.

ගුරාටවත් ගුරාට පහරදුන් තරුණයාටත් තවමත් ඉහෙන් බහින රෝගයක් නැතැයි ප‍්‍රදේශවාසීහූ පවසති.



අදහස් (0)

ඥාතියකු ආරූඪ වී ආතුරයා කපුවාට පොල්මලෙන් තඩිබාලා

පිටිගල Tuesday, 20 May 2014 06:58 PM

අපට නොපෙනෙන ලෝකය කියලා වීඩියෝ එකක් යූ ටියුබ් එකේ මම බැලුවා. ඒකේ කපුවා ගැහැණු කෙනෙකුට දෑත් බදලා පොල් මලකින් ගහනවා. පොල්මලේ කෑලි වීසි වෙනවා. ඇයට රිදුන බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒක බලනකොට නම් මොකක්හරි සත්‍යයක් තියෙනවා කියලා මටත් හිතුනා. (නි)

:       0       0

මධුෂානි හේවදේව Tuesday, 20 May 2014 04:12 PM

බොහොම හොඳයි. අන්ධ විශ්වාස වල ඉන්න අයට මේක හොඳ පාඩමක් (නි)

:       0       0

සමන්ති Wednesday, 21 May 2014 12:50 AM

කපුවන්ට මානසික ගැටළුවක් තියෙනවා .ඒගොල්ල එක දන්නේ නැහැ. මේක අන්ධ විස්වාසයක් . පසුගිය කාලේ කපුවන් කරපු වැඩ පත්තරවලින් බලන්න .එතකොට තේරෙයි .(ස)

:       0       0

නිලුපුලී Thursday, 22 May 2014 11:08 AM

හොර කපුවෙක් වෙන්න ඇති.(දිල්)

:       0       0

ශාන්ති Wednesday, 21 May 2014 01:30 AM

එඩිතර තරුණයෙක් මමත් නම් ඔය වගේ විකාර වලට කැමති නැහැ (ස)

:       0       0

කුමාරි Tuesday, 20 May 2014 10:39 AM

ඉස්සර මිනිස්සු අතර කතාවක් තිබුන කැපුවට හෙන හතයි කියල. ඒ මඟුල් කැපුවට. දැන් වත් ගමේ මිනිස්සුන්ගේ ඇස අැරුන නම් ලොකු දෙයක්. තරුණයාට ජය වේවා! ගමම හදපන් පුතේ. (ස)

:       0       0

රමණි Tuesday, 20 May 2014 11:13 AM

හොද ආරම්භයක්. (ස)

:       0       0

සමන් Tuesday, 20 May 2014 11:23 AM

නියම තරුණයෙක්! (ස)

:       0       0

දයා අළහකෝන් Tuesday, 20 May 2014 11:34 AM

මේවා දැන් දැන් මුළු රටේම සිදුවෙමින් යන්න පටන් අරගෙන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 20 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 46 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 501 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 612 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1067 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 897 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site