හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් සාස්තර කීම සහ සොරකම් කිරීම් පිළිබඳව පේන බැලීම හා විවිධ අපල සඳහා ශාන්තිකර්ම සිදුකළ කපු මහතකුගේ ගමන් මල්ලේ තිබූ දේව ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කපු මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ පේන බැලීම සහ සාස්තර කීමය. දිනකට බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණීම සුලබ දසුනක් ද විය. කපු මහතා කාන්තාවන් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන පුද්ගලයකු වන නිසාම බිරිඳ නිතරම දේවාලය අසල ගැවසුනාය.
යාතිකා පැවැත්වීම ඇතුළු විවිධ අන්දමේ ශාන්තිකර්ම සිදුකරමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා අතර වසරකට වරක් වන්දනා නඩයක් සාදාගෙන වට වන්දනාවේ යාමත් ඔහු අනිවාර්යයෙන්ම සිදුකළේය.මළගෙදරකට මගුල් උත්සවයකට සහභාගී වුවහොත් කුමන හෝ දොසක් පෙන්වා දී දේවාලයට ගෙන්වා ගැනීම ඔහුගේ සිරිත විය.
දුර බැහැර ප්‍රදේශයක කාන්තාවකගෙන් ලද ආරාධනාවකට අනුව අපලයක් දුරුකිරීම සඳහා කපු මහතා පිටත්ව ගියේය. දේවාභරණ ඇතුළු අවශ්‍ය දේවල් සිය ගමන් මල්ලෙහි දමාගෙන උදෑසන දුම්රියෙන් පිටත්වූ කපු මහතා අග නගරයේදී කාන්තාව හමුවිය.
කාන්තාවගේ නිවසේ අපල දුරුකිරීමට දින තුනක් ශාන්තිකර්මය සිදුකළ අතර සිව්වැනි දිනයේදි ඔහු ගමට යාමට සූදානම් විය. සිදුකළ ශාන්තිකර්මය සඳහා විශාල මුදලකුත් ලබාගත් කපු මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථයකට ගොඩවීමේ අරමුණෙන් එම බස් නැවතුමට පැමිණීම සඳහා කාන්තාව සමග බස් රථයකට ගොඩවිය. අධිවේගී බස් රථ නැවතුම අසලට පැමිණෙන විට කපු මහතා දැඩි නින්දක පසු විය. කොන්දොස්තරගේ ගෝරනාඩුව නිසා නින්දෙන් ඇහැරුණු කපුමහතා බෑගයද ගෙන ඉක්මනින් බසයෙන් බැස්සේය.
බස් රථයෙන් බැස තමා සමග පැමිණි කාන්තාව පිළිබඳව විපරම් කළත් ඇය පෙනෙන්නට නොසිටියාය. ඇය ලබා දී තිබූ දුරකතන අංකයට ඇමතුමක් ලබාගත්තද එයටද ප්‍රතිචාර නොවීය. සිය ගමන් මල්ල පරික්ෂා කිරීමේදී ඔහුට දෙලොවම රත්විය. කාන්තාව ලබා දුන් මුදල් සහ ගමන් මල්ලේ තිබූ දේවාභරණ සියල්ලම කාන්තාව විසින් රැගෙන ගොස් තිබුණි.
ගමේ හිතවතකුට කතාකර ඔහුගේ මාර්ගයෙන් අග නගරයේ සිටින අයෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන ගමට පැමිණෙන විට සිද්ධිය ගම පුරාම පැතිරී තිබුණි. අනුන්ගේ බඩු සොරකම් කිරීම් ගැන පේන බලන කපු මහතාට තමන්ගේ බඩු සොරකම් කිරීම පිළිබඳව නොදැකීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන් ඔහුට දේවාලය වසා තැබීමට සිදුවූ බව ද සැලවේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටක්කෙට හොරු අල්ලන කපුවාගේ මල්ලේ දේවාභරණත් සොරාගෙන