කොළඹ ප්‍රදේශයේ රැකියාව කළ ඔහු ‘‘ගෑනු පෙරේතයෙක්’’ ලෙස හැඳින්වූයේ ඔහුගේ මිතුරන්ය. දුරකථනයෙන් තරුණියන්ට ඇමතුම් ලබාදී හිතවත්කම් ඇති කරගන්නා ඔහු එම තරුණියන්ගෙන් යහමින් මුදල් හදල් මෙන්ම කෑම බීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා ද පිරිමසා ගත් බව ඔහු පවසන්නේ වීරකමක් ලෙසය. එම ආයතනයේ බොහෝ දෙනා ඔහුගේ මෙම මනමාලකම අනුමත නොකළහ.
දිනක් දුරකථනයෙන් අහම්බෙන් හඳුනාගත් තරුණියක සමඟ ගොඩනගා ගත් මිතුරුකමක් දුරදිග ගියේය. තරුණිය රජරට ප්‍රදේශයේ ගමක ජීවත් වූ තරුණියක වූ අතර ඇයගේ ඡායාරූපයක් ද ඔහු ආයතනයේ මිතුරන්ට මහත් උජාරුවෙන් පෙන්වා ඇත. ඇයගේ නම ගම ලිපිනය පවා දැනගත් එම ආයතනයේ සේවකයෙකු එම ගම් පළාතේ සිටින බව ඔහු දැන නොසිටියේය.
ඔහු ජීවත් වූ ගමට කිලෝමීටර් කීපයකට එහා ගමක ජීවත් වූ මෙම තරුණියට, අයියලා දෙදෙනෙකු සිටින බව දන්නා මෙම ආයතනයේ සේවකයා මනමාල කුරුල්ලාට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කල්පනා කළේය. සියලු තොරතුරු ගමේ අයියලා දෙන්නාට ඔහු දුරකථනයෙන් විස්තර කළේය. සියල්ල සැලසුම් වූයේ ඉන් පසුවය. තරුණිය ප්‍රේමවන්තයාට ගෙදරට පැමිණෙන ලෙස ඇරියුම් කළාය. ආයතනයේ මනමාල කුරුල්ලා රජරට පළාතට යෑමට කෙටි නිවාඩුවක් ලබා ගත්තේය.‘‘ බබා මට අද රතු ලූනු සම්බෝලෙකුයි කරවල බැදුමකුයි හදලා තියන්න හොඳද?’’ යැයි කල්තියාම කෑම ඕඩර් කළේය. පැය ගණනාවකට පසු අනුරාධපුර නරගයට පැමිණ වෙනත් බසයකින් එම ගම් ප්‍රදේශයේ තරුණියගේ නිවස සොයා ගියේය.
කොළඹ ආයතනයේ මිතුරාගේ සැලසුම ක්‍රියාත්මක වී තිබුණි. එදින රාත්‍රී ආහාරයට ‘‘කොළඹ මහත්තයට’’ රතු ලූනු සම්බෝලෙකුයි කරවල බැදුමකුයි බඩ පිරෙන්නටම දී තිබුණේ වෙනස්ම ආකාරයකටය. ඒ සියල්ලම වීඩියෝකරගත් ගමේ අයියලා දෙන්නා කොළඹ මිතුරාගේ ජංගම දුරකථනයට එකෙනෙහිම එවා තිබුණි.
පසුවදා කොළඹ කන්තෝරුවේ පිරිසට දුරකථනයෙන් නරඹන්නට හැකි වූයේ ආයතනයේ සගයෙක් ගසකට තබා ලනුවකින් ගැටගසා බත් කවන දර්ශනයකි.
පසුවදා සිද්ධිය පොලිස් පොතට ද ගොස් තිබුණි. තවමත් එම සේවක තෙමේ රාජකාරියට වාර්තා කර නැතිලු.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටෙලිෆෝන් පෙම්වතිය සොයාගිය පෙම්වතා ගස් බැන්ද වීඩියෝව කන්තෝරුවේ