පෞද්ගලික ආයතනයක සේවකයන්ට ලබා දුන් නේවාසිකාගාරයක රූපවාහිනිය හොර රහසේ ගලවාගෙන ගිය සොරා දවස් කීපයකට පසු ආයතන කළමනාකරු ඇමැතීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි.
ඒ නගරයේ ප්‍රකට ආයතනයකි. සේවකයන් වෙනුවෙන් ආයතනය ආසන්නයෙන් නේවාසිකාගාරයක් ලබාදී ඔවුන්ගේ පහසුව තකා අඟල් 32 ප්‍රමාණයේ විශාල රූපවාහිනියක්ද බිත්තියකට සවිකර දී තිබේ. සවස් කාලයේ සේවය නිමකර නේවාසිකාගාරයට පැමිණෙන සේවකයන් රාත්‍රියේ රූපවාහිනිය නරඹා පසුදා උදෑසන සේවයට යන අතර ඔවුන් නැවත නේවාසිකාගාරයට පැමිණෙන්නේ සවස් කාලයේය.
මේ අතර බඩේ අමාරුවක් යැයි පවසා දිවා කාලයේ නේවාසිකාගාරයට පැමිණි සේවකයකු තමා එනවිට නේවාසිකාගාරයේ තිබූ රූපවාහිනිය නැතැයි ආයතනයේ කළමනාකාරවරයකුට පවසා තිබේ.
ඒ අනුව කළමනාකරු නේවාසිකාගාර පාලකවරයා ලවා ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ රූපවාහිනිය නැති බවට පැමිණිලි කළ සේවකයා ඉකුත් දින ඒ අසල ඇති ආරක්ෂක කැමරාවක් රෙදි කඩකින් වසා දමන අයුරුයි. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ දිවා කාලයේ නේවාසිකාගාරයට පැමිණෙන සේවකයා හතරැස් අතට ගෝනි පඩංගුවක එතූ යමක් රැගෙන යන ආකාරයයි.
ඒ අනුව සේවකයාගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමා ගමේ ගොවිතැන් කරන නිසා වී වේළීමට ගෝණි පඩංගුවක් ත්‍රිරෝද රථයක පටවා තම ගමට යැවූ බවයි.
එය රෝලක්සේ ලෙහෙසියෙන් ගෙන යාමට අවස්ථාව තිබියදී හතරැස් ආකාරයෙන් ගෙන යන්නේ මන්දැයි විමසූවිට ඔහු දුන් පිළිතුරට අනුව කළමනාකරුත් පාලකවරයාත් තීරණය කර ඇත්තේ මෙයට පොලිසියෙන් විසඳුමක් ලබා ගතයුතු බවයි.
පසුදින කළමනාකාරවරයාට දුරකතන ඇමැතුමක් ලැබිණි. ඒ සේවකයාගෙනි. අනේ සර් පොලිසි යන්න එපා, මම තමයි රූපවාහිනිය ගෙනිච්චේ හෙටම ගේන්නම්. ඒ අනුව පසු දින බලද්දී රූපවාහිණිය තිබුණු තැනම නැවත සවිකර තිබෙනු දක්නට ලැබිණි.
බුලත්සිංහල ලක්මි කුඩලිගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටී.වී හොරාගෙන්ම කෝල් එකක් ඇවිත්