ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
ඩෙංගු වැඩසටහනක දී සද්දයක් දැමූ අයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් පිටිගල පොලිසියෙන් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඇල්පිටිය කැටන්දොල ප්‍රදේශයෙන් මේ දිනවල ඩෙංගු රෝගීන් කිහිප දෙනකු වාර්තා වී තිබේ. මේ නිසා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයානන්ද සඳමාලි මහත්මියගේ උපදෙස් මත අමුගොඩ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ. අරුණ ලක්මාල් මහතා ඉකුත් 7 වැනිදා එම ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
ස්වේච්චා සංවිධාන කිහිපයක සාමාජික තරුණ තරුණියන් ද සහභාගී කරගෙන එම ප්‍රදේශයේ ගෙයින් ගෙයට යමින් ජනතාව දැනුවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යද්දී එක් නිවසක ඊට බාධා කළේ නිවසේ වූ සුනඛයන් කිහිප දෙනෙකුද මුදා හරිමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු එම කණ්ඩායමට පැමිණීමට ඉඩ නොදී ඔහු දිගින් දිගටම එම පිරිසට බාධා කළේය.
මේ වැඩසටහනට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කළ ඉල්ලීම් නොසලකා හරිමින් දිගින් දිගටම බාධා කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමන්ගේ රාජකාරියට බාධාකරමින් පුද්ගලයකු හැසිරෙන බවට පිටිගල පොලිසියට පැමිණිලි කළේ දුරකතනයෙනි. .
ඉන්පසු වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු සැකකරු පොලිසියට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ මොහුට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියෙන් කළ ඉල්ලීම අනුව මොහුට විරුද්ධව නඩුවක් පවරන්නේ නැතිව ඊට දඬුවමක් ලෙස කැටන්දොල ප්‍රදේශයේ ඩෙංගු වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කරන ලෙස පොලිසිය එම පුද්ගලයාට පවරා ඇත. ඊට කැමැත්ත පළකල පොලිස් පොතේ අත්සන්කර පිටව ගොස් තිබේ.
පිටිගල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (58469) එල්.පී.එස්. ආනන්ද මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.
ගම්මානයක කලක සිට සිදු වූ කුකුළු හොරකම ජංගම දුරකථනය නිසා අසුවූ අපූරු පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.
කුලී නවාතැනක දින කීපයක් නැවතී සිට එම නිවසට සුද්දයක් දී සොරාගත් දේපළ නැවත එම නිවසටම දී තම කුලියට හිලව් කර ගන්නැයි නිවැසියන්ට පවසා පිටව ගිය කාන්තාවක පිළ
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෙංගු මට්ටුවට ආ පීඑචිඅයි එක්ක ඔට්ටුවුණ නිවැසියාට පොලිසියේදි වෙට්ටුවක්