IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ණය පොතේ පිටුව ලියුම් කවරයට දමා මංගල තෑග්ගට දීලා

ඔහු ගොවිජනපදයක පදිංචි වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ගොවීහු විශාල පිරිසක් ඔහුගේ කඩෙන් ගනුදෙනු කළෝය. සමහරු ණය තුරුස් ගෙව්වේ යල මහ වී අස්වනු නෙළු පසු හෝ මුං, කව්පි, බඩඉරිඟු, එලවළු, කෙසෙල් වැනිදේ විකිණීමෙන් පසුය. මුදලාලී ණයට දීමට මැලි නොවීමත් ගොවීන් ණය නොදී පොලූ නොතැබීමත් නිසා කඩ හිමියාද සාර්ථක වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විය. එක්තරා පුද්ගලයෙක් මේ කඩෙන් ගනුදෙනු කළේ දෙන්නන් කාසියටයි. මේ නිසා ණය පොතේ පිටුවක් ඔහුගේ නමින් වෙන්වී ඉලක්කම්වලින් පිරුණි. රුපියල් තුන්දාහක් පමණ ණය පොතේ ලියවුණි. පුද්ගලයා දෑන් කඬේ පැත්තේ එන්නේ කලාතුරකිනි. ඒත් මුදලාලි ණය ගැන මතක් කළේ නැත. වසරක් පමණ ගතවුණි ණය නොගෙවූ නිසා ඔහුට ණයට බඩු දීම නතර කළේය. එහෙත්  හිතවත් කමට හානියක් නොකළේය. මේ පුද්ගලයා පසුගියදා සිය පුතාගේ මංගල උත්සවයට ආරාධනා කළේය. මුදලාලී ඉතා සතුටින් බාර ගත්තේය. නියමිත දින ජැන්ඩියට සැරසී මුදලාලීද  හෝටලයේ පැවති මංගල සාදයට එක් වුයේ ඔහුගේ බිරියත් සමගිනි. හොඳහැටි  සප්පායම් වූ මුදලාලි ලියුම් කවරයක් තුළට ඇක්සයිස් පොතක පිටුවක් දෙකට තුනට නමා දමා අලවන අයුරු කීප දෙනෙක් දුටුවෝය. මොකද මුදලාලි ජෝඩුවට උපදෙස් ටිකකුත් තෑග්ගත් එක්ක තෑගි කළාද මුදලාලීගේ හිතවතෙක් කනට කර ඇසුවාලූ. මුදලාලි එවිට පිළිතුරු  දුන්නේ මෙසේලූ. මනාලයාගෙ තාත්තා මගේ කඬේට රුපියල් තුන්දහක් පොල්ලක් තියලා ඒ පොල්ල තමයි මම කවරේ ඇතුළට දැම්මේ. මුදලාලි ලියුම් කවරේ මනාලයාගේ පියාට දුන්නාලූ. සිද්ධිය දුටුවෝ ආපසු එද්දී නියම වැඬේ කියා බඩවල් අල්ලාගෙන සිනාසුනාලූ.



අදහස් (0)

ණය පොතේ පිටුව ලියුම් කවරයට දමා මංගල තෑග්ගට දීලා

සකල බුජන් Saturday, 26 May 2012 01:44 PM

මුදලාලි ... වැ‍‍ඩේ කැතයි... බාලයි.. මගුල් ගෙදරට ආරාධනා ‍කළේ හොද හිතින්...

:       0       0

සන්ජීව Friday, 25 May 2012 04:08 PM

මරු !!

:       0       0

දයා සෞදි Saturday, 26 May 2012 04:03 PM

අනේ මුදලාලි , එහෙම කළේ ඇයි.. ඔයාගෙ තත්ත්වයටත් බාල්දුයි නේද? මමනම් ඒ වැඩේට කම්පා වෙනවා අත්තමයි...

:       0       0

දයා සෞදි Saturday, 26 May 2012 04:46 PM

අකේ මුදලාලි මම ඔයාගෙ ණය සල්ලි නොදෙයි කියලද හිතුවෙ. නැහැ නැහැ ගොවිතැන් ටිකක් පාලුයි. පුතාගෙ මංග්‍යයෙන් එකතුවුණ සල්ලිවලින් ණය ටික ගෙවලා දාන්න හිටියෙ...

:       0       0

අසංක Friday, 25 May 2012 09:41 AM

අද නම් පොඩ්ඩක් හොදය්, ඔහොම යමු !

:       0       0

අමරදාස Friday, 25 May 2012 09:48 AM

මේකත් පරණ සීන් එකක්... කළින් පත්තරේක තිබ්බා...

:       0       0

මාලා Friday, 25 May 2012 04:59 PM

පොලු පහර කෑමක් හා පොලු පහර දීමක් වගේ ....

:       0       0

සන්ජීව Friday, 25 May 2012 10:22 AM

කමක් නැහැ .....තරමක් දුරට සාර්ථකයි ...ඉදිරියේදී ජනතාවගේ හිතට දැනෙන දෙයක් කරන්න..

:       0       0

ජීවන්ත Friday, 25 May 2012 10:33 AM

ලංකාවේ වෙනදේවල්වල හැටියට මේවා නිකම් මදි මදි වගේ ..හ්ම්ම් ...කමක් නැහැ ඔහොම යමු

:       0       0

ආතා Saturday, 26 May 2012 07:22 PM

අපරාදෙ මේක කියවන්න ගිය කාලය....

:       0       0

ගයාන් Friday, 25 May 2012 11:24 AM

හහ් හහ් හා... ඔය තියෙන්නෙ ටොප් එකක් අහු වෙලා... හෙට දාන්ඩ ටිකක් සෑර වෑඩි එකක්... ගූඩි ලක්

:       0       0

සරත් Sunday, 27 May 2012 11:26 PM

වැඩේ නම් හොදයි.ජෝඩුවට රුපියල් 3000ක්ම දීලානේ

:       0       0

සුදු නංගා Saturday, 26 May 2012 03:12 AM

ඊයෙ පෙරේද ලියපුවාට වඩා අද ටිකක් හොදයි වගේ....

:       0       0

සෝමදාස Friday, 25 May 2012 12:27 PM

මෙලෝ රහක් නෑ නේ ?

:       0       0

අමිල කටුනායක Friday, 25 May 2012 12:50 PM

පොල්ලට පොල්ලක්

:       0       0

ඩොක්ටර් Thursday, 31 May 2012 10:03 AM

පුතා තාත්තාගෙන් 3000 ඉල්ලා ගනී .

:       0       0

අමල් Saturday, 26 May 2012 09:06 AM

මෙලෝ රහක් නෑ

:       0       0

රජිත් මංජුල, Friday, 25 May 2012 02:23 PM

පන්සල් ගිහින් කුරුමානන් අල්ලන්නේ පින් පෙට්ටියටද....

:       0       0

රන්ජන් Saturday, 26 May 2012 12:33 PM

ඉතා හොද පුවතක්

:       0       0

ශ්‍යාමිලා Saturday, 26 May 2012 12:44 PM

රජ වැඩකාරයෙක්නේ.හොද වැඩේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 June 2012 07:49 PM

ශ්‍යාමිලා කපටිකමක් තවත් කපටිකමකින් යටපත් කිරීමට මම නම් හොද ක්‍රියාවක් ලෙස නොදකිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 215 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1007 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site