කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු ධීවරයෙකි. වැඩකරනුයේ බහුදින ධීවර යාත්‍රාවකය.මහ මුහුදේ සිට එන්නේ අඩ මසකට වරක්ය. ඒ එන සෑම වරකම ඔහුගේ අත මිට සරුය. සරු අතමිට නිසරු කර ගන්නේ රහ මෙරට හා පරදාර සේවනයටය. මුහුදෙන් ගොඩට එන මොහු නිවසට යනුයේ මේ ක්‍රියා සියල්ලෙන්ම සංතෘප්ත කර ගැනීමෙන් පසුවය.
ඒ අනුව ඔහු එදා ගොඩබිමට පැමිණ දෙකක් දාගෙන එන්නේ බස් නැවතුම් පොළටය. හොර පූසා මෙන් බස් නැවතුම් පොළට පැමිණි ඔහු බස්පොළම විනිවිද යන සේ බැල්ම හෙළනුයේ තමා බලන රුව එහි සිටීද යන්න සෙවීමටය. ඔහුගේ දෑස් නතරවනුයේ ඒ රූපය ළගය. ඒ ඇඳුම පැලඳුමට සමානය. ඒ උස මහතය. ජංගම දුරකතනයට කොටන ආකාරයද හරියටම හරිය. ඇයගේ මුහුණ නොපෙනෙනසේ පැත්ත හැරී සිටියත් ඒ ඇයමය. ඔහු අනුමාන කළේය. ඇය වෙතට කිට්ටු කළේ අනුමානය හරි නිසාය.
ෂූ ෂූ ගෑවේය. උගුර පෑදුවේය. ඇය ඒ පැත්තවත් නොබැලුවාය. ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු පස්ස පැත්තෙන් තවත් ඇයට කිට්ටු කළේ ඒ සමගමය. ඔහු නැවතත් තමා සොයන රුව සමග මේ රුව සංසදනය කළේය. වතාවල් කිහිපයක්ම ගෙන ගිය බැවින් මේ ඉන්නේ ඇයමයි ඔහු සිතුවේය.
වටපිට බැලුවේය. තමා වෙතට කිසිවකුගේ අවධානය නැති බව ඔහු දුටුවේය. තවත් බලා සිටීමේ තේරුමක්ද නැත. ඒ ඇයමය.නිවසට යාමට ද අවශ්‍යය. නැවතත් වටපිට බැලුවේය. කවුරුත් තමා ගැන අවධානයක් නැත. ඒ නිසාම ඔහු ඇයගේ පසුපසට හීන් තට්ටුවක් දැම්මේය. ආපසු හැරුණු ඇය ඔහුගේ කන අත ගෑවේ ඒ ශබ්දයට සෑමදෙනාගේම දෑස් ඒ වෙතට යොමු වන ලෙසය.
ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේ ඒ ඇය නොව වෙන කෙනෙකු නිසාය. වැරදීමක් කියා ඇයගෙන් ඔහු සමාව ඉල්ලුවේය. ඒ වන විටත් ඇය ඔහුට සුද්ද සිංහලෙන්ම ඔහුගේ මවුපියන්ද මතක් කරමිනි. කොල්ලන් ද පිරුනේ පහරදීමටය. එන පොට හොඳනැති බව තේරුම් ගත් ඔහුට එතනින් පැන දිවීම හැර වෙනත් විකල්පයක් නොවීය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’තට්ටුව’ වැරදී ගුටි කාලා