මීරිගම ප්‍රදේශයේ වූ තම ව්‍යාපාරික ආයතනයේම සේවකයකු සමඟ නොගැළපෙන විවාහයක් කර ගැනීම නිසා පියා විසින් මේ දියණිය පවුලෙන් එළවා දමා තිබිණි. ඇයට අනුකම්පා කළේ පියාගේ නංගී වූ නැන්දා පමණි. පසුගියදා නැන්දා ලේලියට කීවේ පියා රිය ගැටුමකට ලක්ව රෝහල් ගතකොට ඇති නිසා ඔහු බැලීමට ගොස් පැරණි අමනාප දුරුකර ගන්නා ලෙසටය. තම බිලිඳු දියණිය සමග තෑගි භෝගද රැගෙන එහි ගිය දියණිය නැන්දා කී ආකාරයට පියාගේ නම කියා රෝහල් වාට්ටුවේ ඇඳ සොයා ගත්තාය. ගෙන ගිය කෑම බීමද එහි තැබුවාය. එහෙත් රෝගියා ඇඳේ නොවීය. අසල වූ අය කීවේ ලෙඩා පවුලේ අයගේ උදවුවෙන් කැසිකිළියට ගොස් ඇති බවකි. මොහොතකින් රෝගියා ඇඳවෙත ආවත් ඇයට දෙවියන් සිහිවූයේ ඒ පියා නොවන හෙයිනි. තොරතුරු විමසීමේදී මේ පියාගේම නම ඇති රෝගියෙකු බවත් පියා ටිකට් කපා පිටව ගොස් ඇති බවත් දැනගත් ඇය තෑගි බෝග එලෙසම තිබියදී ආපසු ගියාලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තාත්තා යාළු කරගන්න රෝහල් ගිහින් තෑගි වෙන කෙනකුට දීලා ඇවිත්
ඉරෝෂා Saturday, 15 September 2012 10:58 PM
පව් අසරණය (දී)
කුරේ නාවලගේ Wednesday, 12 September 2012 11:19 AM
ඉගිලිලා ගොසින් කුරුලු කූඩුවක් තනා නැවත එන්න පියඹලා දුවේ.... (නි)
සජී Wednesday, 12 September 2012 11:20 AM
දියණියගේ හොද වෙලාව තවම ඇවිත් නැහැ වගේ නේද? (නි)
චන්ද්‍රා Friday, 14 September 2012 02:58 AM
පවුලක් තුළ සිදුවූ සාමාන්‍ය සිදුවීමක්. (නි)
මොහොමඩ් - බේරුවල Wednesday, 12 September 2012 04:18 PM
හිමිහිට ගෙදරට ඇතුල්වෙන්න තමයි ඔය වෑයම. ඊට පස්සේ තාත්තාට බබාව පෙන්නලා බෑණවත් නිවසට ඇතුල්කර ගනියි. ඉන්පස්සේ වෙනදේ දන්නවනේ. බෑණා මාමණ්ඩිව ගෙදරින් එළවලා දානවා. ඒ මනුස්සයා හොද කෙනෙක් වෙන්න ඇති. ඒ හින්ද තමයි දෙවියෝ බේරලා තියෙන්නේ. දෙමාපියන්ට ප්රචණ්ඩත්වයක් පෙන්වන අයට දෙවියන්ම හොද පාඩමක් ඉගැන්විය යුතුයි. නැත්නම් අනෙක් මිනිස්සුත් පාරවල් ගානේ නිකං අසරණ වෙනවා. (නි)
වරුණ Wednesday, 12 September 2012 11:39 AM
සමහර තැන් වල දුවට බබා ලැබුණම දුක හිතී ආපහු අම්මලගේ ගෙදර එන්න කියනවා.ඊට පස්සේ ටික දවසකින් බෑනත් හෙමිහිට එනවා .පුතත් එහෙමයි ටික දවසකින් ලේලිව එක්ක එනවා...(ස)
ෂිෆ්රාන් Wednesday, 12 September 2012 04:29 PM
උත්සාහය නම් හොඳයි.. (ස)
දිල්රුක් Sunday, 16 September 2012 10:16 AM
මොකක් වෙනුවෙන්ද මේ දේවල්. පොඩ්ඩක් හිතන්න (දී)
මදුශංක Sunday, 16 September 2012 10:10 AM
මටත් උනා ඔය වගේම වැඩක් (දී)
ගාල්ලගේ Sunday, 16 September 2012 12:11 PM
සිවකන්ත්, මෙතනට ජාතිවාදය අනවශ්‍යයි. (නි)
චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:11 PM
දෙමව්පියන්ට විරුද්ධව විවාහයක් කර ගැනීම දෙපාර්ශවයටම වේදනා ගෙන දෙන්නක්.. (ස)
රම්‍යා Wednesday, 12 September 2012 06:23 PM
මොන වැරැද්ද කළත් දෙමවුපියන්ට දරුවන්ව වටිනවා. (නි)
මනම්පේරි Thursday, 13 September 2012 08:09 PM
මෝඩ කෙල්ල. ලෙඩාව බලන්න යන්න කලින් ඩිංගක් හොයලා බලන්න එපැයි. (නි)
සිවාකන්ත් Thursday, 13 September 2012 03:35 PM
මොහොමඩ්, හරියට මුස්ලිම් අය වගේ. හෙමින්ම පල්ලියක් අටෝ ගන්නවා. ඊට පස්සෙ උදෙත් නැහැ. රෑත් නැහැ. ලවුඩ්ස්පීකර්යක් බැඳගෙන කෑ ගහනවා. ඊට පස්සේ ඒ පළාත එයාලගේ කර ගන්නවා. නියමෙට ගැළපෙනවා. (නි)
අමිල කටුනායක Wednesday, 12 September 2012 09:25 PM
සේවකයෙක් හරි මේ උරචක්‍රමාලය දා ගත්තට තාත්තත් යටි හිතෙන් කැමති ඇති. (නි)
තරංග Thursday, 13 September 2012 12:34 PM
මොකද සේවකයන්ට බදින්න හොද නැද්ද? ඒ ගමන්ම ගෙදර ගියානම් ඉවරනේ .පවු කෙල්ල. (නි)
ලලිත් Wednesday, 12 September 2012 03:15 PM
බොරුනම් කියන්නේ එපා. මමනම් නෙමෙයි ඒ... (ස)
සරත් Wednesday, 12 September 2012 09:54 AM
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි " කියලනේ බුදු බණේ තියෙන්නේ.. (ස)